How to Disable Write Protected of a Pen Drive


ඔබේ USB Drive යට දත්ත කිසිවක් ගබඩා කිරීමට නොහැකිද?


සියලු දෙනාට ආයුබෝවන්! කියන ඇසිල්ලෙන් අප ඔබ වෙත පැමිණියේ ටික කලකට පසුය! ඒ කිරීමට තිබූ යම් යම් වැදගත් රාජකාරි නිසාවෙනි!(යහපත්) :D

නමුත් අද සිට නැවතත් ඔබව දත්, අන් අය නොදත් බොහෝ දේ ලිපියෙන් ලිපිය ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්ය

එසේනම් අප හට මෑතකදී උන් ගැටලුවක් වූ මෙය පිලිබද හා එය විසදූ ආකාරය ගැන ඔබව දැනුවත් කරනුයේ ඔබද මෙම ගැටලුවට මුහුණු දෙමින් හෝ දුන් අයෙකු විය හැකි බැවිනි!

සමහර අවස්ථාවලදී අපගේ ජනප්‍රිය දත්ත සම්ප්‍රේෂකයක් වන USB Drive තුලට දත්ත ගබඩා කිරීමේ දෝෂයක් දක්නට ඇත!

මෙහිදී එම දෝෂය නිරාකරණය කර ගැනීමේ එක් ක්‍රමයක් පහත දැක්වේ!

1) Start > Run ලෙස Type කරන්න! > Regedit ලෙස Type කරන්න!


2) ඉන්පසු HKEY_LOCAL_MACHINE > System > CurrentControlSet > Control යන්න! 


3) ඊලග පියවරේදී Control හි StorageDevicePolicies යන ෆෝල්ඩරය ඇත්දැයි බලන්න! නැතහොත් Control Select කර ඉහත රූපය පරිදී New > Key ගොස් එය StorageDevicePolicies යන ආකාරයටම Rename කරන්න!


4) ඉන්පසු එම ෆෝල්ඩරයේ අලුතින් ඉහත රූපයේ පරිදී DWORD එකක් සාදා එය WriteProtect යන ලෙසම Rename කරන්න!


5) ඉන්පසු එහි Value එක 0 යන්න දෙන්න!

6) පසුව පරිගණකය නැවත පණගන්වන්න!(Restart

වැදගත් - StorageDevicePolicies පෙර සිටම තිබුනහොත් අලුතින් සෑදීමට අවශ්‍ය නැත!
            
            - එවිට ඔබ කල යුත්තේ StorageDevicePolicies හි ඇති WriteProtect යන්නෙහි අගය 0 කිරීම පමණි!

            - Rename කරන දී ඇති ලෙසටම සිදුකරන්න!

ඔබ භාවිතා කරන්නේ Transend වර්ගයේ USB Flash Drive එකක් නම් එම සමාගම විසින්ම නිර්මාණය කල මෘදුකාංගයක් මගින්ද මෙය සාර්ථකව සිදු කර ගත හැක!

එම මෘදුකාංගය මෙතනින් ගන්න!

එසේනම් අද සිට තවත් මෙවැනි වූ ලිපියකින් නැවත හමුවෙමු!   












        

Previous
Next Post »

1 comments:

Write comments
September 9, 2017 at 12:58 PM delete

Kingston walata software nadab

Reply
avatar