ජීවිතයේදී ඔබ ඇත්තෙන්ම බියවූ දෙයට වඩා බියකරුම දේවල් 6ක්

සැහැසිකම් වල ඡායාරූපයන්, නිතර සිදුවන අනතුරු, ස්වාභාවි ව්‍යසන වලින් ලොවම භයෙන් අවුලුවූ අවස්ථා අනන්තය. නමුත් අප අද අප ඔබට විස්තර කරන්නේ ඉහලින් සදහන් කල භය ඉස්මතු කරන අවස්ථාවලටත් වඩා ඔබගේ ජීවිතය වුවද උදුරාගත හෝ හැකි භයානක කරුණු කිහිපයක් පිලිබදවයි.

01) රෝල් කෝස්ට(ර්) නැමැති යාත්‍රාවට වඩා තම නිදන ඇදෙන් වැටීම භයානක වීම!


රෝලො කෝස්ට(ර්) යනු විටෙක කෙලින්ම සහ වක්‍ර පත ඔස්සේ වේගයෙන් ඉහල පහල යමින් ගමන් ගන්නා දුම්රියක් වැනි විනෝද උද්‍යාන වල බහුලව දක්නට ලැබෙන වාහන වර්ගයකි.  



මෙය ධාවනය වන අධික වේගය ත් අධික උසත් නිසා ඇ.එ.ජ වසරකට 4 දෙනෙක් මියයන බව ඔබ දන්නවද?  විනෝද ක්‍රීඩාවක් ලෙස පෙනුනත් මෙහි ගමන් කිරීම අතිශය අවධානම් බව මේ අනුව කිව හැක.

නමුත් තම නිදන ඇදෙන් වැටී මැරෙන සංඛ්‍යාව ඇ.එ.ජ හි 450 කට අධික සංඛ්‍යාවක් වාර්ථා වීම පුදුමසහගතය. තවද ඇදේ ඇති හරස් පොලු හරි ආකාරයෙන් පිහිටා නොතිබීම මෙයට බලපා යැයි කියනු ලබන අතර එරට රෝහල් පවසන ආකාරයට මුරණ්ඩු රෝගීන් තම නිදා සිටින තැන සිට අනවශ්‍ය චලනයන් සිදු කිරීම හේතුවෙන් ද තම සිටි ඇදෙන් වැටීම ද සිදුවේ.

02 ) වලසුන් නොව මී හරකුන් භයානක වීම! 



1960 දී පමණ මාරක කලු වලසුන් උතුරු ඇමෙරිකානුවන්ට දැඩි තර්ජනයක් වී තිබෙන අතර පසුගිය වසර 110 ට සාපෙක්ෂ්ව වැඩි වශයෙන් කැනඩාවේ හා ඇලෙස්කාවේ හි මිනිසුන් 63 ක් ඝාතනය වී තිබේ. නමුත් අද වන විට මෙම තත්වය වසරකට එක මිනිසෙක් දක්වා අවම වී තිබේ.

නමුත් වලසෙකුට වඩා මී හරකෙකු හට මිනිස්සු ඝාතනය කිරීමේ වැඩි ඉඩ කඩක් ඇත. වලසුන් සිටින්නේ අප සිටින ස්ථානවල සිට බෙහෙවින් ඈත වාසස්ථානවල බවත් මී හරකුන් අප හට අවට දැකගත හැකිවීම හෙතුවෙන් ඔවුන්ගේ තර්ජනය ලක්වීමේ ඉඩ ප්‍රස්ථාව වැඩිවීමත් මෙයට හේතුව වේ. 

ඒ අනුව වසරකට මෙම මී හරකුන් නිසා මිනිසුන් 22 දෙනෙකු මියයන බව ඔබ ඇසුවොත් පුදුම වේවි. ඒ ප්‍රහාර අතුරින් වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ හිතාමතාම සිදුකරන ලද ගණයටය. අනිත් අවස්ථාවන් සමහර අවස්ථා වලදී තම පැටවුන් බේරා ගැනීමට යාමෙදී හා හදිසි ලෙස හැප්පීමට ලක්වීමෙන් සිදුවී ඇත.

03) උසස් විදුහල්වල ඇති ක්‍රීඩා තුලින් මිනිසුන් ඝාතනය වීම!



මෙය අසත්‍ය පුවතක් යැයි ඉහල පාඨය කියවූ ඔබ සිතන්නට ඇත. නමුත් සත්‍ය වශයෙන් ඇ.එ.ජ උසස් විදුහල්වල සිසුන් ක්‍රිඩා කේෂේත්‍රයේදී ලමුන් මියයාමට ලක්වන අතර වසරකට එරට මලල ක්‍රීඩක ලමුන් 50 දෙනෙක් මියයන බව ඔබ ඇසුවොත් නිසැකව ඔබ පුදුම වේවී. එසේ මෙම මරණ සිදුවන්නේ ක්‍රීඩා කරන අතරතුර සිදුවන අනතුරු වලින් පමණක් බවත් ග්‍රාමීය පෙදෙස් වල මෙම තත්වය වැඩි බවත් මෙම මරණ සිදුවන ප්‍රධාන ආකාර ලෙස හදිසියේම හෘද ක්‍රියාකාරීත්වය අඩපණ වීම සහ මොලයට සිදුවන හානි හේතුවෙන් බව වාර්ථා වේ.

තවද මොලයට හානි වී මියයන්නේ 16% පමණ පාපන්දු ක්‍රීඩකයින් වන අතර පහර වැදීම හේතුවෙන් ඇතිවූ ක්ලාන්ත ගතිය සමග ඇද වැටීම හේතුවෙන් මෙම මරණ සිදුවෙන ප්‍රතිශතය 50-50% ක සම්භාවිතාවක් ඇති අතර මලල ක්‍රීඩකයින්ගෙ හෘද ක්‍රියාකාරීතවය අඩපණ වීම හේතුවෙන් මියයන සංඛ්‍යාව 90% ක තරම් ඉහල අගයක් ගෙන ඇත.

04) ටොනේඩෝ තත්වයන්ට වඩා සීත සුලග දරුණු වීම!  



අස්වාභාවිකව සිරුරේ උෂ්ණත්වය අඩුවීම හේතුවෙන් හට ගන්නා තත්වය හදුවන්නේ හයිපොතේමියා ලෙස හදුන්වන අතර එමගින් සිරුරේ අධික ශීතලක් හට ගනී. එම නිසා ඇතිවන ශරීරයට නැවත තාපය ලබාදීමට ශරීරය විසින් සිදුකරන ප්‍රතිචාරය ලෙස අතපය වෙව්ලීම දැකගත හැකිය.

මේ ආකරයට අධික සීතල හේතුවෙන් වසරකට ඇ.එ.ජ හි 1300 කට අධික ප්‍රමාණයක් මියයන බව වාර්ථා වන අතර ටොනේඩෝ තත්ව මගින් වසරකට මියයන පිරිස වන්නේ 75 ක් වැනි ප්‍රමාණයකි. එම නිසා මේ තත්ව දෙකෙන් වඩා භයානක කුමන තත්වය දැයි ඔබම සිතන්න.

05) විෂ වු ආහාර කාබන් මොනොක්සයිඩ් වායුවට වඩා භයානකයි!  



කාබන් මොනොක්සයිඩ් වායුව ඔබ දන්නා හයිපොතේමියා තත්වයට වඩා දරුණු ප්‍රබල විෂ වායුවකි. වාහන වලින්, කම්හල් වලින් බොහෝ පිටවන මෙම වායුව ආශවාසය මගින් ශරීරයට පැමිණ රුධිරයේ ඇති ඔක්ෂිජන් ප්‍රතිශතය විනාශ කරයි. මෙම වායුව විෂ වීම නිසාවෙන් ඇ.එ.ජ මියයන සංඛ්‍යාව 430 කි.

එයටත් වඩා දරුණු ඔබ කිසි දිනෙක විශ්වාස නොකරන කරුණක් ඇත. ඔබ පිසින ආහාර විෂ වීමෙන් වර්ථමානයේ මිනිස්සුන් දහස් ගණනින් මියයන බව ඔබ දන්නවද? මෙම ආහාර විෂවීමෙන් ඇ.එ.ජ හි මිය ගිය සංඛ්‍යාව 3000ක් බව ඔබ ඇසුවොත් ඔබ පුදුම වේවි. එම නිසා ඔබ ආහාර පිසින විට එම ආහාරවල පිරිසිදු භාවය පිලිබද සැලකිලිවත්වන්න.

06) පමණට වඩා බීම අනෙකුත් සියලු මත්ද්‍රව්‍ය වලට වඩා අතිශය භයානකයි! 



ඇල්කොහොල් සහිත පානය ලොව අතිශය ජනප්‍රිය බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. නමුත් එම පානය හෙතුවෙන් අධික පිරිසකට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වී යැයි අප ඔබට කිවහොත් ඔබ එතරම් පුදුමයකට පත් නොවේවී. නමුත් එම පානයන් අධිකව ගැනීමෙන් වසරකට 80,000 ක අති විශාල පිරිසක් මියයන බව අප පැවසුවහොත් ඔබ නිසැකවම පුදුමයට පත්වේවි. මෙසේ විශාල ලෙස මරණයට පත්වීමට හේතු වනුයේ බීමත්ව රිය පැදවීම හේතුවෙන් ඇතිවූ අනතුරු, ඇල්කොහොල් අධික ලෙස ශරීරයට ඇතුල් වී විෂ වීම් ආදිය වේ.

තවද මත්ද්‍රව්‍ය අධික ලෙස ගැනීමෙන් ද මිනිසුන් බොහෝ ප්‍රමාණයක් මියයන අතර 2011 දී එසේ මිය ගිය සංඛ්‍යාව 41,000 වන අතර 2013 දී වාර්ථා වන මරණ සංඛ්‍යාව 43,000කි.

එසේනම් ඔබට අප ඉහල අවස්ථා දෙකෙ සදහන් කල ගණනය කිරීම් අනුව වඩාත් භයානක වන්නේ කුමක් දැයි ඔබම තීරණය කරන්න.

එසේ නම් අද දිනයේ ඔබ එතරම් සැලකිල්ලක් නොදක්වන මෙම බියකරු දේවල් පිලිබද විස්තරයක් අප ඔබ වෙත ගෙන ආවෙමු. එසේ නම් ඊලග ලිපියෙන් නැවත හමුවෙන තුරු අප සමුගන්නවා. ඔබට ජය!    

Previous
Next Post »

5 comments

Write comments
parttime
AUTHOR
March 25, 2015 at 7:27 PM delete

හොඳ post එකක්...................:ok::ok:

Reply
avatar
Anonymous
AUTHOR
April 12, 2022 at 6:34 PM delete

ජීවිතයේදී ඔබ ඇත්තෙන්ම බියවූ දෙයට වඩා බියකරුම දේවල් 6ක් - ඔබේ විසදුම >>>>> Download Now

>>>>> Download Full

ජීවිතයේදී ඔබ ඇත්තෙන්ම බියවූ දෙයට වඩා බියකරුම දේවල් 6ක් - ඔබේ විසදුම >>>>> Download LINK

>>>>> Download Now

ජීවිතයේදී ඔබ ඇත්තෙන්ම බියවූ දෙයට වඩා බියකරුම දේවල් 6ක් - ඔබේ විසදුම >>>>> Download Full

>>>>> Download LINK KU

Reply
avatar