ලොව ඉහලම ආරක්ෂාවක් සපයා ඇති ස්ථාන 10 ක් දන්නවද?


ලෝකේ කොච්චර ලොකුද කියලා හිතාගන්නවත් බෑනේද? ඒ වගේ ලෝකේ බලන්න තියන තැනුත් මෙච්චරයි කියලා නෑනේ! (ආසත් හිතෙනවා නේ ඒවා බලන්න යන්න!!!) සමහරක් තැන් ගැන හිතාගන්නත් බෑ! ඒ තරමට ඒවා තියෙන්නේ, හැදුවේ කොහොමද කියලා! 


ඒත් අද අපි ඔයාලට කියන්න යන තැන් නම් ඒ වගේ ඕන වෙලාවට යන්න තියා එක පාරක් වත් යන්න පුලුවන් කියලා හිතන්නවත් බැරි වෙයි! ඒ මොකද කිව්වොත් ඒවාට ලොව ඉහලම ආරක්ෂාවක් දීලා තියන හින්දා!!! එහෙනම් බලමු නේද ඒ මොනාද කියලා!!! :D

1) Area 51


නම අහලා පුරුදුත් ඇති! ඒත් පොඩි විස්තරයක් කියන්නම්! මේක අතිශය රහසිගත ගුවන් හමුදා කලාපයක්! එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ඇති මෙම කලාපයට ඉතා ඉහල ආරක්ෂාවක් යොදලා තියනවා! අඩුම ගානේ ප්ලේන් එකකටවත් යන්න දෙන්නේ නෑ කියලා තමයි කියන්නේ! පවතින හදුනා නොගත් යානා හ පිටසක්වල ගැන තියන ඔක්කොම තියනවා නම් ඔතන තියෙන්න ඕන කියලා තමයි වැඩි දුරටත් කියලා තියෙන්නේ!

2) Federal Reserve Bank


නිව්යෝර්ක් වල පිහිටා තිබෙන මේකේ ලෝකේ 25% ක රත්තරන් ගබඩා කරලා තියනවා කියල තමයි වාර්ථා වෙන්නේ! ඉතින් ඒවගේ අධික වටිනාකමක් ගබඩා කරලා තියන තැනකට සුපිරි ආරක්ශාවක් ඕන එක පුදුමයක් නම් නෙමේ! ඉතින් මේ සුරක්ෂිතාගාරය පාරේ මට්ටමින් අඩි 80ක් පල්ලෙහින් වගේම මුහුදු මට්ටමෙන් අඩි 50ක් පල්ලෙහින් තමයි තියෙන්නේ! ආ තව දෙයක් නිකන්වත් ඕක ලගට හොරෙක් විදිහට යන්න එපා හොදද? මන් එහෙම කිව්වේ ඒ ගොඩනැගිල්ල වටා හොද පලපුරුදු තුවක්කුකාරයෝ දාලා තියෙන්නේ! ගියොත් ඩෝං!!!

3) Fort Knox


මේකත් රත්තරන් ගබඩාවක්! හැබැයි මේක නම් ඇ.එ.ජ එකක්! ඒ හින්දා පොඩ්ඩක් අරකට වැඩිය ආරක්ෂාව තද බව පින්තූරෙන් ඔයාලට පේනවානේ! හැබැයි මේකේ රත්තරන් විතරක් නෙමේ! තව රත්තරන් වර්ගයක් තියනවා! ඒ තමයි ඓතිහාසික ලිපි ගොනු!!! උදාහරණයකට ගත්තොත් දෙවන ලෝක සමයේ දී නිදහස් ප්‍රකාශනය ඇතුලු වැදගත් ලිපි ලේඛන මේකේ ඇතුලේ තියනවා! ටොන් 22ක පත දොරකින් තමා ආරක්ෂාවක් තියෙන්නේ! කඩන්න හිතන්නවත් එපා!!!

4) Tumen ගඟ


රුසියාව හා උතුරු කොටස අතර මායිම යාකරන ගඟක් තමයි මේ! සැතපුමක් වැනි දුරකින් තිබෙන මේකේ ඔබට චීනය හරහා රුසියාවේ අවසානය හරහා උතුරු කොරියාවට පිවිසීමේ හැකියාවක් පවතිනවා! ඒත් එහෙම යන්න බෑ! මේකේ සැහෙන්න මුරභටයෝ ආරක්ෂාවට දාල කියලා තමයි වාර්ථා වෙන්නෙ!

5) කොරියානු නිර්හමුදාකරණ කලාපය



මෙම කලාපය උතුරු කොරියාව හා දකුණු කොරියාව බෙදන පටු බිම් තීරුවක්! මේකේ තමයි ලෝකේ ඉහලම දේශසීමා ආරක්ෂාව තියෙන්නේ දීලා තියන එක් දේශසීමවක් වෙන්නේ! සැතපුම් 160කින් දිගයි වගේම මේකේ පළල සැතපුම් 2.5කයි! මේකේ සීමා වටේ දාල තියන ආරක්ෂාව නිසා මිනිස්සු මේකෙන් යන්නවත් හිතන්නැතුව ඇති! කවුරුත් මේක පලාතේ එන්නැති හින්දා මේක ස්වභාවිකව සංරක්ෂණය වෙලා තියෙන්නේ!

6) Haven Co


මේක නම් දත්ත ආරක්ෂාවට හදපු ගොඩනැගිල්ලක්!! තියෙන්නේ නම් බ්‍රිතාන්‍යයේ උතුරු මුහුදේ වෙරලට ඔබ්බෙන්ය. මෙහි පැමිණීමට හැකි හැකි එකම උදවිය වෙන්නේ බලයලත් පිරිස්, ආයෝජකයින් හා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ අයට විතරයි! කොහොම උනත් මේක 2008 දී වහලා බ්‍රිතාන්‍යයේ උතුරු මුහුදේ මැදට ගෙනියලා තියනවා! නමුත් ඔයාලට කවදාවත් මේක ඇතුලට යන්න පාරක් නම් හොයගන්න වෙන්නේ නෑ! මේ විදිහට හදපු ගොඩනැගිල්ලේ තිබ්බේ මොනවගේ දත්ත ද? ඇයි එකපාරටම මේක වැහුනේ කියලා ඔයාලත් බලනවා ඇති!

7) The Greenbrier


බටහිර වර්ජීනියා ප්‍රාන්තයේ තිබෙන කැලෑවත් එක්ක තියෙන මෙම සුවිශේෂ නිකේතනයි අක්කර 6500 ක් දක්වා විහිදී යනවා! ඒ වගේම මේකේ ඇමෙරිකන් කොන්ග්‍රසයේ සාමජිකයන් සදහා සැපයුම් සියල්ල සහිත උමගක් මෙහි පහල තියනවලු! ඒ වගේම දොර ටොන් 22 ක් බර දොරක් දාලා න්‍යෂ්ටික ප්‍රහාරවලටත් ඔරොත්තු දෙන විදිහටලු ඕක හදලා තියෙන්නේ!

8) Cheyenne Mountain

  
මෙ සංකීර්ණය එක අවස්ථාවක දී, උතුරු ඇමෙරිකානු ගුවන් ආරක්ෂක අණදීම් හා ඇමෙරිකා එකසත් ජනපදයේ අභ්‍යවකාශ අණදීම් වල අණදෙන ස්ථානය වී තිබෙනවා! එයට දැඩිව ආරක්ෂාවක් ලබාදීම, ඉතා ඝනකම් කලුගල් වලින් සවිබල ගැන්වූ උමං මාර්ග වලින් පැහැදිලි වෙනවා! ඒ වගේම මෙම සංකීර්ණය ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනක් වන Stargate SG-1 හි ප්‍රබන්ධ Stargate විධානයේ ගෙදර වෙල තියනවා!

9) මො(ර්)මන් පල්ලියේ රහසිගත ගුහා


මෙකේ නම් අඩංගු වෙලා තියෙන්නේ වංශාවලිය සහ ඓතිහාසික වාර්ථා වලින්!!! මේකේ කටකතා වාර්තා පවා තිබෙනවා වගේම උෂ්ණත්ව පාලක හා තාප සංවේදක වැනි දියුණු තාක්ෂණික ක්‍රමවේද වලින් තමයි මේකට ආරක්ෂාව දීලා තියෙන්නේ!!! ඉහල දක්වා ඇත්තේ 1962 පැමිණි ඉදිකිරීම් සම්බන්ධ ඡායාරූපයක් සමග පැමිණි පුවත්පතකි!

10) Bold Lane Car Park


මෙතන නම් ඔයාලට කාර් එකක් නවත්තල ගියාට හොරු ගැන බයවෙන්න ඕන නෑ! මේ කාර් නැවතුම්පල තියෙන්නේ නම් එංගලන්තේ Derbyshire ප්‍රාන්තේ! මේක ලෝකේ ආරක්ෂිතම තැන් වලින් එකක් කියලා තමයි කියන්නේ! මේකේ කාර් එකක් නැවැත්තුවම වෙන්නේ, මේ නැවතුම්පොලේ අංගචලන සංවේදක හා අනතුරු ඇගවීමේ සීනු හා ස්වයංක්‍රීය අගුලු දාලා තියන හින්දා ඔයාලගේ කාර් එක ලග කවුරුහරි අනවශ්‍ය ලෙස ක්‍රියා කලොත් අර අංගචලන සංවේදක මගින් අනතුරු ඇගවීමේ සීනු ක්‍රියාත්මක වෙන එක! හදිසියේ ඒවා වැඩ කරේ නෑ කියමු! එතකොට වෙන්නෙ මුලු නැවතුම්පොලේම පිටවීම් ස්වයංක්‍රීයව අගුලු වැටෙන එක!!!

ඕං ඉතින් ටිකක් දිග විස්තරයක් ලියලා ටිකක් මහන්සියි! එහෙනම් අපිට යන්න වෙලාව ඇවිල්ලා! එහෙනම් හැමෝටම සුබ දවසක්!!!
           
Previous
Next Post »

3 comments

Write comments
parttime
AUTHOR
March 16, 2015 at 6:27 PM delete

නියමයි මචං..........................

Reply
avatar
Anonymous
AUTHOR
April 12, 2022 at 6:34 PM delete

ලොව ඉහලම ආරක්ෂාවක් සපයා ඇති ස්ථාන 10 ක් දන්නවද? - ඔබේ විසදුම >>>>> Download Now

>>>>> Download Full

ලොව ඉහලම ආරක්ෂාවක් සපයා ඇති ස්ථාන 10 ක් දන්නවද? - ඔබේ විසදුම >>>>> Download LINK

>>>>> Download Now

ලොව ඉහලම ආරක්ෂාවක් සපයා ඇති ස්ථාන 10 ක් දන්නවද? - ඔබේ විසදුම >>>>> Download Full

>>>>> Download LINK Ap

Reply
avatar