ලොව අතහැර දැමූ භයංකාරය මුසු අලංකාර ස්ථාන රැසක් බලන්න යමු


ඔන්න ඉතින් ගිය ලිපියෙන් පස්සේ අද අපි ඔයාලට ලෝකයේ වටා අප යන සංචාරේදී බලන්න ලැබුණු නියම දෙයක් ගැන කියන්න හිතුවා. ඒ තමයි ගිය පාර අපි ගියපු ලෝකේ ආරක්ෂිතම තැන් වලින් පස්සේ ස්වභාවධර්මය විසින් හිමිකම් කියන ලොව අතහැර දැමූ භයත් හිතෙන, නමුත් ලස්සන තැන් කිහිපයකුත් බලන්න ගියපු එක. එහෙනම් ඔයාලත් ඒවා බලන්න ආසද? එහෙනම් පහලින් බලමුකෝ!

කාලයත් සමග ස්වභාවධර්මය විසින් මෙම ස්ථාන වලට කරලා තියෙන වෙනස දැක්කොත් ඔයාලා පුදුම වේවි!

1) තායිලන්තයේ බැන්කොක් හි අතහැර දැමූ සාප්පු සංකීර්ණය




මෙහි ඇති වූ වරදක් හෙතුවෙන් 1999 දී මෙම සංකීර්ණය එම ප්‍රාන්තයේ සිටි ප්‍රාදේශීය පාලකයන් විසින් වසා තිබෙනවා.ඉන් අවුරුදු කිහිපයකට පස්සේ මේ සංකීර්ණෙ වහලට දරුණු ප්‍රහාරයක් එල්ලවෙලා තිබෙන අතර ඒ නිසා මෙහි බිම්මහල වතුර වලින් පිරී තිබීම ඔබටත් මෙම රූපයෙන් බලාගන්න පුලුවන්. මේ හින්දා මේකේ මදුරුවෝ වගේ කෘමීන් ගේ ව්‍යාප්තියක් වෙන්න පුලුවන් හින්දා පාලකයන් මෙම සංකීර්ණය තුලට 'KOI' සහ 'CATFISH' යන මත්සයින් යොදලා තියෙනවා. ඔන්න එතකොට මෙ සංකීර්ණය තව තැනකුත් වෙනවා. ඒ තමයි මේකේ මේ ඉන්න මාලු හොදින් වර්ධනය වෙන නිසා ලෝකේ මාලු විශාලව ඉන්න එක් තැනකුත් වෙන එක. මන් කිව්වා හරිනේ. :D

2) Maryland වල Chesapeake Bay හි හෝලන්ඩ් දිවයින



බෙහෙවින් ප්‍රසිද්ධ ස්ථානයක් වන මෙම ස්ථානයේ ඇති නිවාස ආදිය ඉක්මනින් සේදීගෙන යන අයුරු ඔයාලටත් පේනවනේ. ඊට කලින් මේක ඒ ප්‍රදේශයේ ජනතාවන් 300ක් ජීවත් තැනක් වෙනවා. ඇයි එහෙනම් මෙහෙම වෙලා තියෙන්නේ? :/ ඔන්න මන් කියන්නම්. හිටිහැටියේ 1914 දී ඇතිවුනු තදබල සුලං ධාරා මගින් මෙම දිවයිනේ බටහිර කොටස විනාශවීමට ලක්ව තියෙනවා. මෙම කොටසේ බොහෝ දෙනෙක් ජීවත් වූ නිසා අන් අය ඉක්මනින් මෙම ස්ථානය හැරයාමට තීරණය කලා. ඔය අවසානේට තියෙන පින්තූරේ තමයි ඒ දිවයිනේ තිබ්බ අවසාන් ගේ! ඒකත් 2010 දී මුහුදට සමතලා වෙලා තියෙනවා. :/

3) ෆින්ලන්තයේ ග්‍රාමීය පෙදෙස් වල අතහැර දැමූ නිවෙස්



ගිනිගැනීම්වලට ලක්ව මෙහි ජීවත්වූ අයිතිකරුවන් මැරුණු පසුව මේවා අතහැර දමලා තිබෙනවා. එම නිසා ස්වභාවධර්මය විසින් මෙහි අයිතිකාරිත්වය ලබාගෙන් තිබෙන අයුරු ඔයාලට පේනවා ඇති. තනියෙන් එහෙම ගියොත් ටිකක් භයත් හිතෙනවා නේ.

4) යුක්‍රේන්හි ච(ර්)නොබිල් න්‍යෂ්ටික බලාගාරය



මෙම ස්ථානය 1986 න්‍යෂ්ටික ව්‍යසනයක් සිදුවී අතහැර දාලා තියෙන්නේ. මේක න්‍යෂ්ටික බලාගාරයක් හින්දා මේකේ අවට ඉන්න නිවෙස් හිමියනුත් මෙම ප්‍රදේශය අතහැර දාලා ගිහින් තියෙන්නේ. දැන් මේකේ අයිතිකාරිත්වයත් කාගෙද කියලා පින්තුරෙනුත් පේනවනේ. පහලින් මේ ප්‍රදෙශයේ එකල තිබූ ස්වරූපය හා දැන් තිබෙන ස්වරූපය බලාගන්න පුලුවන්.

1990 දී,


දැන්,


5) ජපානයේ අතහැර දැමූ විෂ ගෑස් කම්හල්



මෙම ස්ථානය දෙවන ලෝක යුද්ධ සමයේ Okunoshima නම් දිවයිනේ තිබූ විෂ ගෑස් නිපදවූ කම්හලකි. නමුත් 2 වන ලෝක යුද්ධය අවසානයේ මෙය විනාශයට පත්වීම නිසා අතහැර දමන ලද්දකි. මෙහි පරීක්ෂණ සදහා යොදා ගත්ත හාවුන් විශාල ප්‍රමාණයක් එහි අවට වනාන්තරයට මුදා හැරීම හේතුවෙන් ඔවුන් වෙගයෙන් වර්ධනය වී ඇත. අද වන විට එහි අවට හාවුන් අති විශාල සංඛ්‍යාවක් දැක බලා ගැනීමට පුලුවන්. පහල පින්තූරේ බලන්න.


ඔන්න ඒකට ගියපු කට්ටියක් ගේ වීඩියෝ එකකුත් පහලින් 




6) නැමීබියාවේ Kolmanskop ස්ථානය



මෙය පෙරදිනවල දියමන්ති වලින් සපිරි කැනීම් පෙදෙසක් වී තිබෙනවා. නමුත් මෙහි පතල් වල දියමන්ති අවසන් වීම නිසා 1954 දී මෙම අතහැර දාලා තියෙනවා. ඒ නිසා හුදකලා බවින් සපිරි මෙම පෙදෙස ස්වභාවධර්මයේ තවත් ගිමන්හලක් බවට පත්වී ඉවරයි.




 7) කසකස්ථානයේ හුදෙකලා වූ කාන්තාර බිම




මුහුදුකරයේ සංචාරය කල පසුව විශ්‍රාම ගත් මෙම බෝට්ටු අපට හමුවන්නේ, කසකස්ථානයෙන්. පැරණි වුවත් එහි අමුතුම අලංකාරයක් ඇති බවට ඔබට පෙනෙනවා මෙන්ම රාත්‍රීයේදී ගුප්ත භාවයක් ද ඇති බවට ඔබට වැටහෙනු නොඅනුමානයි. ඒ වගේම මේකේ වාසය ක්‍රන කට්ටිය දැනගත්තොත් ඔයාලා පුදුම වේවි. ඒ තමයි, ඔටුවෝ! බලන්නකෝ පහලින් :D



8) කැලිෆෝනියාවේ Ano Nuevo දිවයින


උතුරු කැලිෆෝනියාවේ වෙරලට ඔබ්බෙන් ඇති මෙම දූපත තරමක් අමුත් පෙනුමක් තියෙනවා වගේ ඔයාලට පේනවා ඇති. අක්කර 9කින් හෙබි මෙය 19 වන සියවසේදී අතහැර දමා තිබෙනවා. ඒ අවට මුහුදු සිංහයින් හා මුහුදු පක්ෂීන් සදහා සදහා තොතැන්නක් ලබාදීම තීරණය කල නිසයි. 



මේ ස්ථාන බලපු ඔයාලට අපි පෙන්නුවේ මේ ලෝකේ තියෙන මේ වගේ ස්ථාන ගොඩකින් ටිකයි. මදි වගේද? එහෙනම් තව ටිකක් පහලින් බලන්නකෝ. :D

බ(ර්)ලින්හි විනෝද උද්‍යානය


1978 දී අත්හල බෙනෙට් විදුහල


අත්හල ලද රේල් පාරක්


නිව්යෝර්ක්හි උතුරු කෙලවරේ පිහිටි දිවයිනක ගොඩනැගිලි 



ඔන්න ඉතින් ලියලා ලියලා මහන්සි. ආහ්! ලිව්වේ නෙමෙයි අද වැඩිපුර කරේ පින්තූර දාපු එකනේ. නැතනම් ඉතින් ඕක කිව්වා කියලා බලන්න වෙන්නේ නෑනේ. ඔයාලට පෙන්නත් ඕන හින්දා තමයි ටිකක් වැඩිපුර පින්තූර දැම්මේ. 

එහෙනම් ඊලග පෝස්ට්ටුවෙන් හම්බවෙමුකෝ! බුදුසරණයි හැමෝටම! :)

Previous
Next Post »

6 comments

Write comments
parttime
AUTHOR
March 22, 2015 at 6:22 PM delete

atta mcn.................

Reply
avatar
March 22, 2015 at 6:28 PM delete

ටැංකූ මචන් උබලට! :noprob:

Reply
avatar
March 23, 2015 at 1:31 PM delete

Nice Details. Enjoyed reading. Keep it up.

Reply
avatar
March 23, 2015 at 3:10 PM delete

tnxx! :smile: yehh! defeneatly! :like:

Reply
avatar
Anonymous
AUTHOR
April 12, 2022 at 6:34 PM delete

ලොව අතහැර දැමූ භයංකාරය මුසු අලංකාර ස්ථාන රැසක් බලන්න යමු - ඔබේ විසදුම >>>>> Download Now

>>>>> Download Full

ලොව අතහැර දැමූ භයංකාරය මුසු අලංකාර ස්ථාන රැසක් බලන්න යමු - ඔබේ විසදුම >>>>> Download LINK

>>>>> Download Now

ලොව අතහැර දැමූ භයංකාරය මුසු අලංකාර ස්ථාන රැසක් බලන්න යමු - ඔබේ විසදුම >>>>> Download Full

>>>>> Download LINK Ow

Reply
avatar