පුරාතන ඊජිප්තුව බැදි අපූරු මත

දීර්ඝ කාලයකට පසු නැවතත් අලුත් ලිපියක් ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කලෙමු. එසේනම් අද අප ඔබ වෙත ගෙන එන්නේ අප කවුරුත් දන්නා තවමත් විස්තර කල නොහැකි දෑ පවතින අත්භූත ශිෂ්ටාචාරයක් වන ඊජිප්තුව සම්බන්ධ අපූරු කරුණු කිහිපයක් පිලිබදවයි.

Photo source - http://list25.com

කිබුලන්ගේ මලද්‍රව්‍යයෙන් උපත් පාලනය සිදුවීම

පැරණි ඊජිප්තු කාන්තාවන් විසින් උපත් පාලනය සදහා කිබුල් මලද්‍රව්‍ය භාවිතා කර තිබෙන අතර 1890 දශකයේ පැවති අසාමාන්‍ය උපත් පාලන ක්‍රමවේදයක් ලෙස මෙය වාර්තා වේ.ඇත්තෙන්ම කිබුල් මලද්‍රව්‍ය වල ඇති යම් ප්‍රමාණයකට පවතින ක්ෂාරීය ස්වභාවය වර්තමාන ගැබ්ගැනීම් වලක්වන ද්‍රව්‍යවලද තිබෙන නිසා ඇතැම් විට මෙම ක්‍රමවේදය සාර්ථක වී ඇතැයි සැලකේ.

Photo source - http://list25.com

ඊජිප්තුව තුල සිටි බලවත්ම පුදගලයන් වූයේ pharaohs වරුන්ය. ඔවුන්ගේ සේවකයින් ඔවුන්ගේ මරණයෙන් පසුවද ඔවුන් හට සේවය කල යුතුය.එසේ සේවය කිරීමට තම pharaohs වරයා මියගිය පසු තමන්ද මියයා යුතුවේ.එසේ මිය ගිය පසූ තම ස්වාමිය සමග සම්බන්ධ වී සිටීමට ඔවුන්ව පැණි වලින් ආවරණය කිරීම සිදුකරනවා යැයි සැලකේ.

pharaohs වරයෙක් 
ancient Egypt
Photo source - http://list25.com

ඔවුන්ගේ සේවකයින් පමනක් නොව ඔවුන්ගෙ පවුලේ සැමද ඔහු මියගිය පසු ඔහු සමග පනපිටින් වලලනු ලැබේ. මෙය ඊජිප්තු ඉතිහාසයේ මිනිස් බිලිදීමක් ලෙස සැලකේ.

Photo source - http://list25.com

පුරාණ ඊජීප්තු පිරිමි හා ගැහැණු දෙපක්ෂයම වෙනස් ම වූ මුහුණු ආලේප භාවිතා කිරීම සිදුකර තිබෙන අතර ආභරණ පැලදීම තරම්ම ප්‍රියතාවක් දක්වා ඇති බව සැලකේ.එයට හේතුව වී ඇත්තේ දැඩි අව් රශ්මියෙන් හා වැලි සහිත සුලං වලින් ආරක්ශා වීම සදහායි.

Photo source - http://list25.com
ඊජිප්තු ඉතිහාසයේ මියගිය පසු මමි බවට පත්කිරීම සුවිශේෂ ක්‍රියාදාමයකි. ඒ අනුව එසේ මමි බවට පත් කිරීමේදී හදවත හැර අනෙක් අවයව සියල්ල ඉවත් කරන අතර හදවත තුල ඔහුගේ ආත්මය බැදී හැගීම්, මතකයන්, පුද්ගලතාව තිබේ යැයි විශ්වාස කල බව සැලකේ.


Photo source - http://list25.com

බළලුන් මහත් පූජනීය සත්වයෙක් ලෙස ඊජීප්තු ශිෂ්ටාචාරය තුල පැවතුන අතර බළලෙකු මියගියහොත් එම බළලා අයත් පවුලේ සෑම සාමාජිකයෙක්ම කනගාටුව ප්‍රකාශ කිරීම සදහා තම ඇහිබැමි මුඩුකිරීම සිදුකල යුතු වේ. මෙම මියගිය බළලුන් බොහෝවිට මමි බවට පත් කර විශේෂිත බළක් සොහොන් කොතක තැන්පත් බව සැලකේ.

පුරාණ ඊජීප්තුව බැදී මෙම අපූරු කරුණු පිලිබද ඔබ අද දිනයේ දැනගන්නට ඇති. එසේ නම් තවත් මෙවැනි ලිපියකින් නැවත හමුවෙමු.

Latest
Previous
Next Post »

1 comments:

Write comments
September 1, 2017 at 11:41 AM delete

මූලාශ්‍රය - http://list25.com/25-crazy-myths-and-facts-about-ancient-egypt/

Reply
avatar