සෙල්ෆි පිලිබද ඔබ දැනගත යුතු කරුණු කිහිපයක්



ඡායාරූප කලාව බිහිවුනදා පටන් නොයෙක් ආකාරයෙන් තමන්ගේ මතකයන් සිහිකරගැනීමට, ප්‍රසිද්ධ කිරීමට, අලංකාරය උදෙසා නොයෙක් පන්නයෙන් ඡායාරූප ලබාගැනීම අද වන විට සුලභ සිදුවීමකි. සෙල්ෆි කලාව ද එවන් ඡායාරුප ගැනීමේ අතිශය ප්‍රකට ක්‍රමවේදයක් බවට වර්ථමාන සමාජයේ අත්පත් කර ගෙන ඇත.

එසේ නම් අද අපි ඔබට පවසන්නේ සෙල්ෆි ඡායාරූප පිලිබද බොහෝ දෙනා නොදන්නා කරුණු කිහිපයක් පිලිබදවයි.

ලොව ප්‍රථම සෙල්ෆිය

Photo source :- http://mashable.com/

පුස්තකාල සම්මේලනයෙන් වාර්ථා වලට අනුව, ලොව පැරණිම සෙල්ෆි ඡායාරූපය රැගෙන ඇත්තේ රොබට් කෝ(ර්)නේලිස් විසින් 1839 වර්ෂයේය. එකල තිබූ තාක්ෂණය අනුව ඔහුට එම ඡායාරුප ගැනීමට විනාඩි 3 ත් 15 ත් අතර කාලයක් නොසෙල්වි සිටීමට සිදුව තිබෙනවා.

සෙල්ෆි යන වචනය දුන්නේ ඔස්ට්‍රේලියානු බීමතින් සිටි අයෙක් 

මෙම වචනය ඔක්ස්වර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට ඇතුල් අර ඇත්තේ 2013 වර්ෂයේයි. පුදුම සහගත කරුණක් වනුයේ එම වචනයට හිමිකම් කියන්නේ 2002 වර්ෂයේ ඔස්ට්‍රේලියානු බීමතින් සිටි සාමාජිකයෙකු විසින් වෙබ් අඩවියක සදහන් කල දෙයක් නිසාවෙනි. ඔහු එලෙස සදහන් කලේ මෙලෙසිනි.

"Um, drunk at a mates 21st, I tripped ofer [sic] and landed lip first (with front teeth coming a very close second) on a set of steps. I had a hole about 1cm long right through my bottom lip. And sorry about the focus, it was a selfie."

ප්‍රමාණයට වඩා සෙල්ෆි ගැනීම ඔබ පිලිබද රුචිකත්වය අඩු කරනවා

මෑතකදී කරන ලද මනෝවිද්‍යාත්මක අධ්‍යයන වලින් පෙන්වන පරිදී, ඔබ ප්‍රමාණයටත් වඩා සමාජ ජාල තුල සෙල්ෆි රැගෙන ඇතුලත් කිරීමෙන් ඔබ පිලිබද අන් අයගේ රුචිකත්වය අඩුවන බව පැවසෙනවා.

ඒ අනුව ඔබ ඕනෙවටත් වඩා ඔබගේ සෙල්ෆි ඡායාරුප සමාජ ජාල වෙත ඇතුලත් කිරීම ඔබ හා අන් අය අතර ඇති මිත්‍රත්වය කෙරෙහි බලපාන්නට පුලුවන් බව පැවසෙනවා.

සෙල්ෆි ගැනීමේදී සිදුකරන ඔලුව ඇලකිරීම් 

ලොව පුරා එකිනෙකට වෙනස් නගර 5කදී සෙල්ෆි ගැනීමේදී සිටින ඉරියව් පිලිබද අධ්‍යයනයකදී Sao Paulo පෙදෙසෙහි කාන්තාවක් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමෙදී අංශක 16.9 ක ආනතියක හිස පසෙකට නැවීම සිදුකරන අතර නිව්යෝර්ක් නගරයේ කාන්තාවක් සෙල්ෆි ඡායාරූපයක් ගන්නා ලද්දේ 7.9 ක ආනතියකින් වන සොයාගැණුනා.

සෙල්ෆි ඡායාරූප කලාවේ ඇතුල් පැත්ත ගැන කියැවෙන මෙම ලිපිය ඔබේ යාලුවාටත් කියවීමට පහලින් ෂෙයාර් කරන්න කාරුණික වන්න.

කාරුණික ඉල්ලීමයි :- මෙම ලිපියේ දර්ශනය වන දැන්වීම් එක වරක් හෝ ක්ලික් කර මෙම බ්ලොගය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔබගේ වටිනා දායකත්වය ලබාදෙන්න.
Previous
Next Post »

1 comments:

Write comments
September 13, 2015 at 11:35 AM delete

මූලාශ්‍රය :- http://mashable.com/2014/07/09/selfie-facts/#0U3QcWJaVgkH

Reply
avatar