How to Cure a Emergency Stomache in Our Life - ජීවිතයේදී ඔබට මුහුණ දීමට සිදුවන අපහසුතාවයක් වන බඩේ රුදාව සමනය කරගන්නා අකාරය



බඩේ රුදාව යනු කුමක්දැයි අද ලොව වෙසෙන සියල්ලක් පාසේ හොදින් දනිති! මක් නිසාද යත් එය අප හට ජීවිතයේදී ඇතිවන හොදින් දැනෙන ප්‍රබල අපහසුතාවයක් නිසාවෙනි!

එමගින් එයින් පීඩා විදින පුද්ගලයා දැඩි ලෙස ශාරිරික මෙන්ම මානසික වශයෙන්ද පිරිහීමකට ලක්වේ! උදාහරනයක් ලෙස අප බස් රථයේ ගමන් කරන විට මෙය ඇතිවුවහොත් ඔබට පත්වන අසරණතාවය ඔබම සිතන්න!

එම නිසා එවැනි අවස්තාවන් වල මෙම ගැටලු ඇති නොවීමට ඔබ පෙර සිටම හොද පුරුදු අනුගමනය කිරීම වැදගත් වේ!

එම නිසා අද ලිපියෙන් ඔබට එම සරල, ඉක්මන්, පහසු ක්‍රම කිහිපයක් පිලිබද දැනුවත් කිරීමට අප තීරණය කලෙමු!

එම නිසා මෙම ලිපිය ඔබගේ ජීවිතයට ද වැදගත් වන ලිපියක් වන හෙයින් මෙය කියවීම ඔබට ඉතා වැදගත් වේ!


1) දිනපතා උදෑසන අවදී වූ පසු නැවුම් වතුර වීදුරුවක් පානය කරන්න!

වැදගත්විද්‍යුත් විච්ඡේද්‍යුය කල ජලය භාවිත කරන්න!
                            
                            පෙපර්මින්ට් හෝ ඉගුරු තේ බීම සිදුකරන්න! (එමගින්                              බඩේ කැක්කුම් නවතාලීම සදහා කෙලින්ම දායක් වේ)

2 ) මෘදු/මොලොක් ආහාර ගන්න!


මෘදු ආහාර ගැනීමෙන් සිරුරට යන පෝෂ පදාර්ථ මගින් සිරුරේ පද්ධතිවල ක්‍රියාකාරිතවය යහපත් කිරීමෙන් බඩේ කැක්කුම් ආදී රෝග ඇතිවීම වැලැක්වේ!

වැදගත් - තෙල්, රසකාරක, අධික සීනි වැනි දෑ යොදා සාදන ලද ප්‍රිය උපදන ආහාර බොහෝ දුරට පාලනය කරගන්න!

කිරි ආශ්‍රිත නිෂ්පාදන  අඩු කරන්න! ( එයට හේතුව එහි අඩංගු ස්වභාවික ක්ෂූද්‍රජීවීන් මගින් අමාශය සමග ක්‍රියාකර එහි ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල කිරීමයි ) 

3) ඉගුරු මිශ්‍ර වතුර භාවිතා කරන්න!


ඉගුරු වැනි ඖෂධ වල අඩංගු විස්මිත ගුණවලින් හා සෞඛ්‍ය වාසි වලින් ඔබගේ යටිබඩ ආශ්‍රිත සියලු වේදනා යටපත් කිරීමට ඉවහල් වේ!

4) කෑමට පසු ප්‍රමාණවත් ලෙස වතුර බොන්න!


කෑම ගැනීම අතරතුර ජලය නොරැගෙන කෑම ගෙන අවසන් වූ පසු ජලය ගැනීම නුවණැති දෙයකි! තවද සෝඩා ආදි දේ පානය කරහොත් උදරයේ අකර්මණ්‍යතා ඇති වී ඔබට ඉදීමේ අපහසුතා ඇති විය හැක!

5) තේ පානයට හුරු වන්න!



වෛද්‍යවරුන් ද උදරාබාධ සදහා නිර්දේශ කර ඇති ක්‍රමවේදයක් ලෙස තේ පානය නම් කර ඇත! එමගින් ශරීරයේ ඇතිවිය හැකි අසාත්මිකතා වලට ඔරොත්තු දෙයි!

6) කෑමෙන් පසු හොද විවේකයක් ගන්න!


කෑමෙන් පසු විවේකය පිණිස නිදාගැනීම/ඇලවීම සිදු නොකර යුතු අතර ඒ වෙනුවට පුටුවක යම් කාලසීමවක් වාඩිවී සිටීම කල යුතුවේ!

7) මානසික ආතතීන් පාලනය කර ගැනීම!


බොහෝ දෙනා විවිධ දේ පිලිබද පමණට වඩා කල්පනවේ යෙදීමෙන් ඔවුන්ගේ මානසික ආතතීන් වැඩි මට්ටමකට පත්වේ! එම නිසා ඔවුන්ට යම් යම් අසාමාන්‍ය, අතාත්වික ලෙඩ රෝග වලට සෑදි සිටීම දැකගත හැකිය!

එවැනි වෙලාවට ඔබ පහත සදහන් පියවරවල් අනුගමනය කිරීමෙන් එය පාලනය කර ගත හැක!

- සෙමෙන් හුස්ම රැගෙන යමින් තමාගේ හුස්ම ඉහල පහල යන ආකාරය පිලිබද මෙනෙහි කරන්න! 

- භාවනාවේ යෙදීමට හුරුවන්න!

- දිනපතා ව්‍යායාම් ක්‍රියාකාරකම් වල නිරතවෙන්න! ( පිහීනීම, දුර ඇවිදීම)

- ඔබ කැමතිම ක්‍රියාකාරකම්වල නිරතවන්න! ( කතා පොතක් කියවීම, චිත්‍රයක් ඇදීම, පරිගණක් ක්‍රීඩා වල නිරත වීම )

8) ඔබේ ආහාර ගැනීමේ ක්‍රියාපිලිවෙල වෙනස් කරන්න!


බොහො උදරාබාධ සදහා හේතුවී ඇත්තෙ  අයහපත් ආහාර ගැනීමෙ හා ඒ සදහා ගත් අයහපත් පුරුදු නිසාවෙනි!

එම නිසා ආහාර ගන්නා විට කුඩා ආහාර වැඩියෙන්(යම් ප්‍රමාණයකට) ගැනීමට හුරුවන්න! දවසට වේල් 3ට වඩා ගැනීමෙන්ද, ඔබට නොගැලපෙන ලෙස සිතෙන දෙ ආහාරයට ගැනීමෙන් ද උදරාබාධ ඇති විය හැක!

එම නිසා ඔබට ගැලපෙන යැයි සිතෙන ආහාර ගැනීම සුදුසුය!

වැදගත් - යම් හෙයකින් හදිසි අවස්ථාවකදී ඔබට උදරාබාධයක් ඇති වුවහොත් ඉදිරියට නැමී යම් කාලයක් සිටීමෙන් එය පාලනය කර ගත හැක!   

එසේනම් අද දවසේ ඔබට වැදගත් දෙයක් දෙන්නට හැකි වු යැයි අප සිතමු!

තොරතුරු Wikihow වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි!

තවත් මෙවැනි වූ ලිපියකින් නැවත හමුවෙමු!

  







Previous
Next Post »

3 comments

Write comments
Unknown
AUTHOR
January 7, 2015 at 3:46 PM delete This comment has been removed by the author.
avatar
Unknown
AUTHOR
January 7, 2015 at 3:48 PM delete

Uba doctor kenekda bn

Reply
avatar