ලොව ඔබ නැරඹිය යුතුම ස්ථාන 05ක් ( ලොව වැඩිම පිරිසක් පැමිණ ඇති ස්ථාන )


ලොව බොහෝදෙනා පැමිණෙන ස්ථාන පිලිබද ඔබ සොයා තිබෙනවාද? එසේ නම් එම ස්ථාන මොනවාද? එසේ බොහෝ දෙනා එම ස්ථානවලට ඒමට හේතුව කුමක්ද? සියල්ල සවිස්තරාත්මකව පහලින් දැනගන්න.

ඔබ වෙත කරන කාරුණික ඉල්ලීමයි :- මෙම ලිපිය කියවන අතර වාරයේ ඔබට දිස්වන දැන්වීම් එක වරක් හෝ ක්ලික් කර ඔබේ බ්ලොග් අඩවිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට දායක වන්න.

හොන්ග් කොන්ග්

Photo source :- http://list25.com/

ව්‍යාපාරික ක්ෂේත්‍රයට අනුව, ලොව වැඩිම පිරිසක් පැමිණෙන නගරයක් ලෙස හොන්ග් කොන්ග් සැලකෙනවා. ලොව සිරස්ම ගොඩනැගිලි තිබෙන නගර අතරින් එකක් වන කොන්ග් කොන්ග් නගරයේ ඇති එම උස ගොඩනැගිලි වලින් එහි වාසයකරන්නන්ගෙන් 90% තරම් ප්‍රතිශතයකට ජාලය බෙදාහැරීමක් සිදුවනවා. 2013 වර්ෂයේ වාර්ථා වන පරිදී, සංචාරකයන් මිලියන 25.6 කට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බව වාර්ථා වනවා.

සිංගප්පූරුව

Photo source :- http://list25.com/

කර්මාන්ත හා ව්‍යාපාරවල තෝතැන්නක් බවට පත්ව ඇති සිංගප්පූරුව ඉහල ඡායාරූපයෙන් ඔබට පෙනෙනවා ඇති. ඒ අනුව වාර්ථා වන පරිදී, වසරකට මිලියන 22.5 ක පමණ පිරිසක් මෙහි පැමිණෙන බව කියැවෙනවා.

බැන්කොක්


Photo source :- http://list25.com/

ලොව 3 වෙනුවට වැඩිම පිරිසක් පැමිණෙන නගරයක් ලෙස සැලකෙන බැන්කොක් නගරයට මිලියන 17.5 ක ප්‍රමාණයක් පැමිණෙන බව වාර්ථා වනවා. එමෙන්ම ගිනිකොන ආසියාවේ බොහෝ බහුජාතික සමාගම් වල මූලාස්ථාන තිබෙන්නේද බැන්කොක් නගරයේ වනවා.

ලන්ඩන්


Photo source :- http://list25.com/

යුරෝපයේ විශාලම ආර්ථික බල නිවසක් බදු ලන්ඩන් නගරයෙහි වෙන කිසිදු නගරයක නොමැති බොහෝ විදේශීය බැංකු ප්‍රමාණයක් පවතිනවා. ( 480ක් පමණ ) එසේ ලොව පුරා සමග සම්බන්ධ වන මෙම නගරයට 2013 වර්ෂයේදී මිලියන 16.8ක පිරිසක් පැමිණ තිබෙන බව පැවසෙනවා. ඒ අනුව යුරෝපයේ වැඩිම පිරිසක් ඇති පැමිණ ඇති ස්ථානය වන්නේ ද මෙම ලන්ඩන් නගරයයි.

පැරිසිය


Photo source :- http://list25.com/

යුරෝපයේ විශාලම ව්‍යාපාරික පෙදෙස ලෙස නම්කර ඇති මෙම පැරිසියට 2013 වර්ෂයේ ආගන්තුකයන් මිලියන 15 ක් පැමිණ තිබෙන බව වාර්ථා වනවා. සංචාරකයින්ද වැඩි වශයෙන් පැමිණීමට හේතුවන්නේ පැරිසීයේ අයිෆල් කුලුණ වැනි ලෝ ප්‍රකට ස්ථාන නිසායි. එසේම ලොව වැඩිම පිරිසක් පැමිණෙන කෞතුකාගාරය වන "Louvre" පිහිටා තිබෙන්නේද පැරීසියේ වනවා.


ලොව ඇති මෙවන් බැලිය යුතු අලංකාර ස්ථාන ගැන ඔබෙ යාලුවාවත් දැනුවත් කරන්න පහලින් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

ඔබ වෙත කරන කාරුණික ඉල්ලීමයි :- මෙම ලිපිය කියවන අතර වාරයේ ඔබට දිස්වන දැන්වීම් එක වරක් හෝ ක්ලික් කර ඔබේ බ්ලොග් අඩවිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට දායක වන්න.
Previous
Next Post »

1 comments:

Write comments
July 17, 2015 at 12:27 PM delete

මූලාශ්‍රය :- http://list25.com/25-most-visited-cities-in-the-world-you-should-visit/

Reply
avatar