ඔපෙරා බ්‍රව්සරයට ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් ස්ථාපනය කරගන්නේ මෙහෙමයි


ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය බොහෝමයක් දෙනා අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිතා කරන මෘදුකාංගයක්. ලොව බොහෝදෙනා භාවිතා කරන හේතුවෙන් ඒ බ්‍රව්සරය සදහා සහය දක්වන නොයෙකුත් එක්ස්ටෙන්ෂන් නිර්මාණය කර තිබෙනවා.

නමුත් ඔපෙරා බ්‍රව්සරයේ ඇති ඔපෙරා ටර්බෝ විශේෂාංගය නිසා ක්‍රෝම් බ්‍රව්සරයට සාපේක්ෂව බොහෝමයක් භාවිතා කරනවා. එය හරහා අන්තර්ජාලය තුල සැරිසරන විට දත්ත අඩු වශයෙන් වැයවීම එයට හේතුවයි. එහෙත් ඔපෙරා බ්‍රව්සරය සදහා ඇත්තේ ක්‍රෝම් බ්‍රව්සරයට සාපේක්ෂව සීමීත එක්ස්ටෙන්ෂන් ප්‍රමාණයක් නිසා භාවිතා කිරීමේදී නොයෙකුත් අපහසුතාවලට මුහුණදීමට සිදුවනවා.

එයට විසදුමක් ලෙස, අද දිනයේ අප ඔපෙරා බ්‍රව්සරයට ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් ස්ථාපනය කරන්නේ කෙසේද යන්න පෙන්වන්නම්.

  • ප්‍රථමයෙන් ඔබ දැනට භාවිතා කරන ඔපෙරා බ්‍රව්සරය හරහා මෙම ලින්කුවෙන් ගොස්  එහි ඇති එක්ස්ටෙන්ෂනය ස්ථාපනය කරගන්න.
  • දැන් ඔබට ක්‍රෝම් බ්‍රව්සරය සදහා ඇති ඕනෑම එක්ස්ටෙන්ෂනයක් ඔපෙරා බ්‍රව්සරයට පහසුවෙන් ස්ථාපනය කරගත හැකියි.
  • ඒ සදහා සාමාන්‍ය ලෙස ක්‍රෝම් එකස්ටෙන්ෂන් ස්ටොර් වෙත පිවිසී තමන්ට අවශ්‍ය එක්ස්ටෙන්ෂනය ලබාගත හැකියි.
  • එලෙස වරක් ක්‍රෝම් එක්ස්ටෙන්ෂනයක් ඔපෙරා බ්‍රව්සරයට ස්ථාපනය කරගත් පසු එය සක්‍රීය කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.



එසේ නම් ඔපෙරා බ්‍රව්සරයට ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් ස්ථාපනය කරගන්නා ආකාරය ඔබේ යාලුවාටත් පෙන්වන්න පහලින් ෂෙයාර් අරන්න අමතක කරන්න එපා. 
Previous
Next Post »