Blogging ගැන මුල සිට අගට සරලව... [ පලමු පාඩම ]

මේ මගේ 5වෙනි පෝස්ට් එක! කලින් පෝස්ට් වලට සෑහෙන්න ප්‍රතිචාරයක් තිබුනා! ඉතින් දිගින් දිගට ඔයාලා අපිත් එක්ක රැදිලා ඉන්න එක ගැන අපි 
ගොඩක් සතුටු වෙනවා! ඒහින්දම අපි ඔයාලට ගොඩක් වටියි කියල හිතෙන දෙයක් ගෙනාවා! ඔයාල ගොඩක් බ්ලොග් එකක් කරන්න කැමතිනේ!
නමුත් ඔයාලට ඒවා හදන්න ටිකක් අමාරු හින්ද වැඩේ අතාරිනවා! ඔන්න ඒක ඔයාලට බොහොම ලේසි කරවමින් අපි බ්ලොග් එකක් හදන ආකාරය
මුල සිට අගට කියා දීමට තීරණය කරා! එහෙනම් අද පටන් අපේ බ්ලොගයේ ගැන මුල සිටම පෝස්ට් නිර්මාණය සිදු කරනවා! එහෙනම් ඔන්න ඒකෙ 
මුල්ම පෝස්ට් එක ඔයාලා අද රසවිදින්න! :D

 පලමු පාඩම :-

මුලින්ම ඔයාලට බ්ලොග් එකක් හදාගන්න ඔනෙනේ! ඒකට මුලින්ම මෙතනින් ගිහින් ඔයාගේ  Email එක දීලා  Reg වෙන්න! ඒට පස්සේ මේ
පල්ලෙහා තියෙන විදිහට එකක් ඒවි! ඒකේ  New Blog කියන එක දෙන්න!


ඊට පස්සේ ඔයාලට පහල තියෙනවා වගේ පොඩි  Box එකක් ඒවි! ඒකෙ  Title කියන තැනට ඔයාගේ බ්ලොග් එකේ නම දෙන්න!  Address කියන 
තැනට ඔයාගේ බ්ලොගයට අවශ්‍ය ලිපිනය දෙන්න! ඊට පස්සේ ඔයාගේ බ්ලොග් එකට අවශ්‍ය පසුතලය ඊට යටින් තෝරන්න!


ඊට පස්සේ  පල්ලෙහා වගේ එකක් එනවා! දැන් ඉතින් අපි යන්තන් බ්ලොග් එකක් හදාගත්තා!  :D (y)


ඊට පස්සේ ඔයාලට  Options ගොඩක් පේනවා ඇති! පලවෙනියටම හදපු කට්ටියට පොඩ්ඩක් අවුල් ඇති! එහින්දා මන් මේකේ ඇති ඒ  Options ගැන 
වෙන වෙනම කියල දෙන්නම්!  :D


(පින්තූරය පරිදී අ0ක පිලිවලට)

1) Overview >  බ්ලොගයේ තත්වය, පැමිණි ස0ඛ්‍යාව , දී ඇති අදහස් වැනි දේ නැරඹිමට හැකියාව ඇත!

2) Posts > ඔබ යවන සෑම විශේෂාංගයක්ම අනෙකුත් අයට යැවිය හැක්කේ මෙය තුලින්‍ ය! මෙහිදී ඔබට අලුත් පෝස්ට් නිර්මාණය කල හැකි අතර ඒවා කාණ්ඩ 
වලට ( Labels) වර්ග කිරීම, ඒවා නැරඹූ ගණන බැලීම ආදිය සිදු කල හැක! 

3) Pages > ඔබේ බ්ලොගයේ ඇති දේවල් කාණ්ඩ කර පිටු වශයෙන් වෙන්කර දැක්වීමට මෙය යොදා ගත හැක!

4) Comments > මෙහිදී ඔබේ බ්ලොගයට ලබාදී ඇති අදහස් මෙන්ම ඒවා  Spam,Delete,Remove Content වැනි විකල්ප පවතී!  

5) Google+ > ඔබ සාදන පෝස්ට් සෑදූ සැටියම ඒවා ස්වයංක්‍රීයව  Google+ හි හුවමාරු  කිරීම, පෝස්ට් සෑදුවිට හුවමාරු කරන ලෙස විධානයක් 
පැමිණවීම,  Google+ අදහස් බ්ලොගයට ඇතුලත් කිරීම වැනි  විකල්ප මෙහි ඇත!         

6) Stats > සමස්ථ බ්ලොගයේම විස්තර දැන ගැනීමට මෙය යොදා ගනී! මෙයින් පැමිනි පිරිස මාස,සති,දින වලදී වෙන වෙනම හදුනාගත හැක! එමෙන්ම පැමිනියේ 
කුමන  Browzer එකෙන්ද?  කුමන  Operating System එකෙන්ද?  යන්න දැන ගත හැක!


7) Earnings >  බ්ලොගයෙන්  Google Adsense භාවිතයෙන් මුදල් සෙවිය හැක! මෙහි  Sign-Up වීමෙන් ඔබට ලබාදෙන  Adds ඔබේ බ්ලොගයේ දා 
ගැනීමෙන් ඔබට මුදල් සෙවීම සිදු කර ගත හැක! එය ඔබේ බ්ලොගයට පැමිනෙන පිරිස තීරණය වන බව ඔබ මතක තබා ගත කරුණක් මෙන්ම මෙම පහසුකම ඔබට
ලබා ගැනීමට ඔබේ බ්ලොගය ඊට අදාල සුදුසුකම් තිබිය යුතුය!  

8) Campaigns > මෙය අලුතින් බ්ලොගියට එක්වූ දෙයකි! මෙයින් ලිඛිත දැන්වීමක්( Text Banner) අප විසින් සාදා එය  කවුරුන් හෝ  Google හි සෙවීමක් කරන විට 
අපේ  Keyword එකට ගැලපූ විගස අප විසින් සෑදූ  Banner එක  Google හි උඩින් පෙන්වීම සිදු කරනවා! එමගින් අපගේ බ්ලොගයට පැමිණෙන පිරිස වැඩිවේ! 

  
9) Layout > අපගේ බ්ලොගයේ ආකෘතිය මෙයයි! මෙහිදී ඔබට අවශ්‍ය ඔනෑම  Gadget එකක් ඇතුලත් කිරීම(උදා:-  Facebook Like Box),මෙමගින් අපේ බ්ලොගය
 නියමිත ලෙස සැලසුම් කර  ගත හැක! එමෙන්ම එහි ඇති දත්ත යාවත්කාලින කර ගත හැක! ඔබට යම්  Gadget එකක් ඇතුලත් කිරීමට අවශ්‍ය නම්  Layout>Add a Gadget
 යන්න! 

    

10) Template > මෙය බ්ලොගයේ ඇතී ප්‍රධාන සැකසුම් ඒකයයි! මෙහිදී  Layout තිබූ සරල ක්‍රියාව නොව  HTML පරිගණක භාෂාව සමග සැකසුම් කල යුතුයි! අලුත් පසුතල 
එකතු කිරීම, Mobile,Desktop සදහා වෙන වෙනම පසු තල සෑදිය හැකි වීම මෙහි ඇතුලත් වේ! ඔබට පසුතලය සකස් කිරීමට අවශ්‍ය නම්  Edit HTML දෙන්න! 

    

11)Settings > මෙහිදී පහත සදහන් ආකාරයට විකල්ප බොහෝ ප්‍රමාණයක් ඇත! ප්‍රධාන වශයෙන් බ්ලොගයේ නම වෙනස් කිරීම, බ්ලොග් ලිපිනය වෙනස් කිරීම,බ්ලොගයේ
අමතර කලමනාකාරුවන්( Admin) යෙදීම, බ්ලොගයේ පෞද්ගලිකතවය තීරණය කිරීම වැනි විකල්ප ඇත!  



12) මෙමගින් ඔබට අලුතින් පෝස්ටුවක් නිර්මාණය කර ගත හැක!    

13) ඔබ බ්ලොගයේ කුමන හෝ වෙනසක් කර පසු බ්ලොගය බලා ගැනීමේ පහසුකම පවතී!

එසේනම් අපි අද දවසේ බ්ලොගයක් නිර්මාණය කරන අයුරු හා එහි ඇති අ0ග පිලිබද සවිස්තරාත්මක තොරතුරු බිදක් ඔබ වෙත ගෙන ආවෙමු! ලගදීම එහි 2වන පාඩම රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා!

ඔබට ජය! :D

ඔබ වෙත කෙරෙන ඉල්ලීමයි! අපගේ පොස්ට් වලට අදහස් දැක්වීම මෙන්ම අප සමග සමාජ අඩවි වල එකතු වී අපේ අලුත් නිර්මාණ එසැනින් ලබාගන්න!

            

   


   
   
Previous
Next Post »