Youtube හි ඔබ නොදන්න රහස් උපක්‍රම 6 ක්...

මෙ මගේ 3 වන පෝස්ට් එක! කලින් පෝස්ට් දෙකටම සැහෙන්න ප්‍රතිචාර තිබුනා! ඒක බලලා කරපු ලොකු උදව්වට මන් ගොඩක් ස්තූතිවන්ත වෙනවා! එහෙනම් දිගටම අපිත් එක්ක රැදිල ඉන්න කියලා ඉල්ලමින් මන් මගෙ 3 වන පෝස්ට් එක ඔයාලට දෙනවා! 

Youtube  හි ඔබ නොදන්න රහස් උපක්‍රම 6 ක්...

ඔයාලා හැමෝම Youtube ගැන දන්නවනෙ! :D ඉතින් Youtube කියන්නේ Google හා Facebook හැර ලොව 3 වෙනුවට ඇති ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවියක්! මේකෙ මාසයකට මිලියන 800 ක් පැමිණෙ අතර දවසින් දවස මිලියන ගණනක් මෙයට දායකත්වයක්(Subscriptions) ලබාදීම සිදුකරනවා!

ඒ වගේම මේකෙ ඇති පැය බිලියන 4ක Videos පැය 72ක් ඇතුලත බැලීම සිදුවෙනවා වගේම සෑම විනාඩියක් තුලම එයට Video එකක් Upload වීම සිදුවෙනවා!

මෙය රටවල් 43 කද භාෂාවන් 60 කද වලංගු වෙනවා! 

ඉතින් මෙම ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවියේ ඇති රහස් උපක්‍රම කිහිපයක් මන් ඔයාලට මේ පෝස්ට් එක තුලින් පෙන්නනනම්! :D (y)

1) Videos Slow Motion බැලීමට හැකි වීම!

*ඕනෑම Youtube හි ඇති Video එකක් Slow-Motion නැරබිය හැකිය! ඒ සදහා කල යුතු වන්නේ Video එක Play වන අතරතුරේදි Space බොත්තම ඔබාගෙන සිටීමයි! 


*මෙය ක්‍රියාත්මක නොවූවහහොත් ඔබට YouTube හි HTML5 Video Player සදහා මෙතනින් SignUp වෙන්න! ඉන්පසු මේ ආකාරයට Video එක අසල Speed එක Adjust කරන Icon එකක් එයි! ඉන්පසු ඔබට උවමනා ආකාරයට Video එකෙ Speed එක අඩුවැඩි කරගන්න! 

2) Link කරපු Video එකක විශේෂිත අවස්ථා උලුප්පා දැක්වීම!

*සමහරක් වෙලාවට එහි Video එකක් නරබන විට ඔබ එය එහි මුල,මැද,අග වගෙ Seek(යවනවා) එක කරනවා වගේම ඒ Video එකේ ඔබ ආස කරපු සුවිශේෂි ස්ථාන Thumbnail විදිහට කෙනෙක්ට link කරන්න පුලුවන්!එතකොට බලන කෙනාට එකෙ මුල ඇති කොටස මෙන්ම මැද,අග ඇති තේරුම් ගැනීමට හැකියාව ලැබේ!

*එය සිදු කරන්නේ එම Video එකේ Url එකේ අගට "#t= ලෙස Type කර ඔබට උලුප්පා පෙන්වීමට අවශ්‍යය අවස්තාවේ Time එකේ Time Moment(එම මොහොත) එක "=" එක එහා පැත්තෙන් පහල පින්තූරය ආකාරයට යොදන්න!


3) Video වල Load වන වේගය වැඩි කරගැනීම!

*Youtube හි පිවිසෙන බොහෝ දෙනාට ඇති ගැටලුවක් ලෙස එහි ඇති Videos Load වීමට යම් කාලයක් ගත වීමයි! මෙයට පිලියමක් ලෙස හදුන්වා දී ඇති උපක්‍රමයක් ලෙස Feather හැදින්විය හැක!


*මෙහි සිදුවන ක්‍රියාවලිය ලෙස මෙම වෙබ් අඩවියේ ඇති යම් යම් අ0ග ( Ex :- Ads,expandable share boxes,collapsible comments,and other settings ) ක්‍රියාවිරහිත කොට එයට වැයවන Loading Time එක මෙයට ලබාදී වේගය වැඩි කිරීමයි!

4) ස්වයංක්‍රීය Playlist එකක් නිරමාණය කර ගැනීම! 

*ඔබ කැමතිම Artist කෙනෙක්ගේ Video වල ස්වයංක්‍රීය Playlist එකක් නිරමාණය කර ගැනීමට ඔබට හැක! ඔබට ඒ සදහා හදුන්වා දී ඇති Youtube Disco භාවිතා කල හැක!

5) ලෝකයත් සමග ඔබේ Loading Speed එක ස0සන්දනය කර ගැනීම!

*ඔබේ Video එකේ Loading Speed එක ලෝකයත් සමග ස0සන්දනය කරගත හැක! එයින් ඔබට අසල්වැසි රටවල හා ඔබේ ප්‍රමාණය පිලිබද අවබෝධයක් ලබගත හැක! ඔබට ඒ සදහා Youtube My Speed භාවිතා කර හැක!

 6) ඔබේ Videos කැමති පරිදී Edit කිරීමට හැකිවීම!

*ඔබ Youtube වෙත Upload කරන Videos වල ඒවා එය වෙත දැමීමට පෙර විශේෂ ආකාරයට එහිදී සකස් කල හැක! ඔබට ඒ සදහා Youtube Video Editor භාවිතා කර හැක! එමගින් ඔබට,

*Upload කරන ලද Video කිහිපයක් එකතු කර තනි දිගු Video එකක් නිර්මාණය කරගැනීමට හැකිවීම!

*එහි ඇති විවිධ Tools හා Effects භාවිතා කොට අල0කරණ කටයුතු සිදුකරගැනීමට හැකිවීම!


*එසේ නම් අද පෝස්ට් එක මගින් ඔබ යම් නොදන්නා දෙයක් හෝ දැනගන්නට ඉඩ ලැබුනයි ඇතැයි විශ්වාස කරමු! එසේ නම් මෙම පෝස්ට් එක සැදීමට අප ගත් උත්සාහය සාර්ථකත්වයෙන් ඉතිරේ!

ඔබ වෙත කෙරෙන ඉල්ලීමයි! අපගේ පොස්ට් වලට අදහස් දැක්වීම මෙන්ම අප සමග සමාජ අඩවි වල එකතු වී අපේ අලුත් නිර්මාණ එසැනින් ලබාගන්න! 


          

      



  


  

  

      

    


  

Previous
Next Post »