Internet Download Manager හි හානි වූ Files මෘදුකා0කගයක් නොමැතිව පහසුවෙන් නැවත බාගත කරමු!

පැමිණි ඔබට ආයුබෝවන්!මේ මගෙ 6 වන පෝස්ට් එක! මෙතෙක් කල් මාත් එක්ක එකට හිටිය අයට මන් ගොඩක් ස්තූතිවන්ත වනවා වගේම ඉදිරියේදි තවත් අලුත් දේවල් ඔයාලත් එක්ක බෙදාගන්නවා කියල මන් පොරොන්දු වෙනවා! ඔයාලා IDM(Internet Download Manager) මෘදුකාංගය දන්නවා ඇතිනේ! ඔයාලට සාමාන්‍යයෙන් ගොඩක් චිත්‍රපට,සින්දු,මෘදුකාංග,පරිගනක ක්‍රීඩා වර්ග ගන්න මේ Soft එක ගොඩක් ඕන වෙනවා! ඒහින්දා ලෝකයේ ගොඩක් දෙනා මේ Soft එක භාවිතා කරන්න පෙලබිලා තියනවා! අනිකුත් Browser සමග ගන්න කොට IDM හි වැඩි Download Speed එකක් තියෙනවා! මේකෙ ඒ වගේම Resume Download වැනි වටිනා පහසුකම් ද ඇතුලත් කරල තියෙනවා! එම නිසා ටිකක් ලොකු File එකක් දෙතුන් පාරකට වැඩිය නවත්ත නවත්ත බාගන්න පුලුවන්! ඔයා ගාව තාම ඒක නැත්නම් මෙතනින් ගිහින් ඒකෙ අලුත්ම එක  Direct අරගන්න! 

නමුත් සමහර වෙලාවට අපිට එන ගැටලුවක් තමයි ඒවගේ නවත්තලා ආයි Resume කරනකොට 99% හෝ ඊට අඩු වෙලාවකදී ඒක බාන්න බෑ කියල Error Messages එනවා!




 ඉතින් ඔයාලට එතකොට ටිකක් ලොකු Files (Film) වගේ එකක් බාගන්න බැරුව Data අපතේ ගියයි කියලා දුක් වෙන්න වෙලා ඇති!

ඔන්න අද පෝස්ට් එක එකෙන් මන් ඔයාලට ගෙනාවේ කොහොමද ඒවගේ File එකක් ලේසියෙන් ආයිත් Resume කරන්නෙ කියලා!

1)  මුලින්ම ඔයාලගේ ඒ Resume කරන්න බැරි File එකට යන්න! Internet Download Manager > Your File (රූපයේ පරිදී)


2) ඊට පස්සේ ඒක Double Click කරන්න! ඒට පස්සේ ඔයාලට පල්ලෙහා තියෙන රූපෙ වගේ කොටුවක් ඒවි! ඊට පස්සේ ඔයාලට පේනවා ඇති Referer කියලා එකක්! ඒකෙ තියෙන Link එක Copy කරගන්න!


3) ඊට පස්සේ ඒ Link එක ඔයාල Web Brower එකේ ගහන්න! ඊට පස්සේ ඔයාලට ඒ File එක Download කරන තැන පේනවා ඇති! දැන් ආයිත් Download ක්ලික් කරන්න! ඊට පස්සේ ඔයාලට පල්ලෙහ වගේ කොටුවක් එයි! ඊට පස්සේ ඒකෙ තියෙන Url  කියන තැන Link එක Copy කරන්න!


4) දැන් ආයෙත් අර කලින් තිබුනු IDM එකේ කොටුවට ගිහින් එකේ Address කියලා එකක් පේනවා ඇති! දැන් ඒකෙ තියෙන Link වෙනුවට ඔයා කලින් Copy කරගත්ත Link එක එතෙනට දෙන්න! දැන් Ok දෙන්න! (රූපයේ පරිදී)



දැන් ඉතින් ඔයා ගොඩ! ඊට පස්සේ ඔයාට තියෙන්නෙ ඒක Normal විදිහට Resume Download දෙන එක! දැන් ඉතින් මග නතර වෙච්ච File එක ෂොක් එකට Download වෙනවා ඔයාලට පේනවා ඇති!

ඔන්න ඉතින් අපි අද දවසේ ඔයාලට වටියි කියලා හිතෙන පෝස්ට් එකක් ගෙනාවා! ඒක ඔයාලට පොඩ්ඩක් හරි ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මන් හිතනවා! එහෙනම් මොකක් හරි ගැටලුවක් තියේනම් Comment එකක් දාන්න කියලා ඉල්ලමින් අපි සමුගන්නවා! ඉදිරීයේදීත් මෙවන් පෝස්ට් එකක් සමග හමුවෙමු!

ඔබ වෙත කෙරෙන ඉල්ලීමයි! අපගේ පොස්ට් වලට අදහස් දැක්වීම මෙන්ම අප සමග සමාජ අඩවි වල එකතු වී අපේ අලුත් නිර්මාණ එසැනින් ලබාගන්න!





Previous
Next Post »