ඔබගේ Facebook ගිණුමට විවිධාකාරයෙන් පැමිණෙන Spam හදුනාගෙන ඒ සදහා ගත යුතු පියවර දැනගන්න!

* සුබ දවසක්! සියලු දෙනාට ! මේ මගේ 4වෙනි පෝස්ට් එක! කලින් දාපු පෝස්ට් වලට සෑහෙන්න ප්‍රතිචාර තිබුනා! මට සහයෝගය දුන්න අයට බෙහෙවින් ස්තූති වෙමින් අද ඔයාලට වටියි කියලා හිතපු එකක් මන් දෙන්නම්!  
========================================================================

ඔබගේ Facebook ගිණුමට විවිධාකාරයෙන් පැමිණෙන Spam හදුනාගෙන ඒ සදහා ගත යුතු පියවර දැනගන්න!


Spam ගැන පොඩි හැදින්වීමක් වශයෙන් පරිගණකයේ අoශයෙන්
Electronic Spamming යටතේ Social Networking Spam,Email Spam,Online Game Messaging,Mobile Spam වගේ වර්ග කරන්න පුලුවන්! මෑත කාලයේ බෙහෙවින් Email Spam පැමිනීම නිසා ඒවා Email Spam Filters මගින් 95% දක්වා මර්දනය කරගැනීම හැකිවුනා!

වර්තමානය වනවිට මෙම Spam නව ගොදුර වශයෙන් සමාජ අඩවි(Sociel Network) පැමිනීම සිදුවෙලා තියෙනවා!මේ වනවිට 90% දෙනෙක් මේ Spam හේතුවෙන් අපහසුතාවට පත්ව තිබෙනවා!

මෙම Spam යැවීම සිදු කරනු ලබන එක් ක්‍රමයක් ලෙස Spambot නම් පරිගණක ක්‍රමලේඛයක්(Computer Programme) මගින් ව්‍යාජ ගිණුම් සකසා එමගින් විවිධ පණිවිඩ,මනාපය පලකරන ලෙස(Vote),යම් තොරතුරක් ලෙස ඒව පුද්ගලයින් වෙත යැවීම සිදු කරයි! එමගින් එයට ගොදුරු වන පුද්ගලයගේ ගිණුමේ තොරතුරු ආදිය සූක්ෂම ලෙස ලබාගැනීමේ අවධානම් තත්වයක් මේ තුල පවතී!

40% ක සමාජ අඩවි වල ගිණුම් මිනිසුන් මේ Spam වර්ග යැවීමට යොදාගෙන තිබෙනවා! ඔවුන් Facebook Groups,Fanpages වැනි දේවල් තුලින් විවිධ ව්‍යාජ Links යැවීම සිදුකරනවා!

Facebook වැනි සමාජ අඩවියක් තුල අප ඒවා මැඩ පවත්වා ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ගය පහත රූපරාමු සමග දක්වා ඇත!

1 පියවර > Facebook හි ඔබට එසේ පැමිණි Spam පණිවිඩය Chat Box එකේ කෙලවරේ රූපයේ ආකාරයට Option යන්න!


2 පියවර > ඉන්පසු ඔබට පහත රූපය ආකාරයට Option කිහිපයක් පෙනෙනවා ඇති! :D ඒකේ Report As Spam or Abuse... කියලා තියෙන එක දෙන්න!


 ඊට පස්සේ පහල රූපේ වගේ එකක් එනවා!

ඔන්න ඔච්චරයි! ඔයාලට මේ වගේ කරදරකාරී දේවල් මෙම සමාජ අඩවි තුල ඉවත් කිරීමට කල හැකි වෙන්නේ!
ඉතින් මෙම Spams ඔයාලා මෙහෙම Report කරොත් ඔයාලට අනවශ්‍ය,කරදරකාරි දේවල් මේ සමාජ අඩවි තුල ගොඩක් අඩුවෙයි!

ඔබේ විසදුම එතනයි!

ඔබ වෙත කෙරෙන ඉල්ලීමයි! අපගේ පොස්ට් වලට අදහස් දැක්වීම මෙන්ම අප සමග සමාජ අඩවි වල එකතු වී අපේ අලුත් නිර්මාණ එසැනින් ලබාගන්න!

    


Previous
Next Post »