ඔබේ පරිගණකයෙන් හෝ දුරකථනයෙන් නොමිලේ ඇමතුම් ගත හැකි විශ්වාසනීය ක්‍රම 5 ක්...


මේ මගේ 7 වන පෝස්ට් එක! අද මන් ඔයාලට අරන් ආවේ ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතපු පෝස්ට් එකක්! ඔයාලට Smart දුරකථනයකින් නොමිලේ ඇමතුම් ගැනිමට හැකි ක්‍රම කිහිපයක් තියනවා කියලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති! ඉතින් ඒ ගැන ගොඩක් අය ඇලුම් කරන නිසා මන් ඒ ගැන ඔබට පොඩි විස්තරයක් කරන්නම්! :D

මේ සදහා Android Or IOS වැනි මෙහෙයුම් පද්ධති ස්ථාපනය කර ඇති දුරකථනයක් තිබිය යුතු අතර Wifi Or 2G,3G,4G LTE වැනි Network අනුව මෙම සේවාව භාවිතය තීරණය වේ! එවිට ඔබට පහත සදහන් මෘදුකාංග මගින් නොමිලේ ඇමතුම් ලබාගත හැක!

1)  Google Voice > ඔබ US හෝ කැනඩාවේ සිටීනම් මෙම මෘදුකාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ! මෙය බොහෝ දුර බැහැර සිටින අයට කතා කිරීම සදහා වටිනා මෘදුකාංගයකි! එය අන්තර්ජාතික ඇමතුම් සදහා ඉතාම අඩු ශේෂයක් වැයවන අතර මෙහි ඇති විශේෂ ලක්ෂණයක් ලෙස මෙමගින් US වල අංක සියල්ලටම නොමිලේ කෙටි පණිවිඩ යැවීමට ඇති හැකියාවයි! මෙය ලබාගැනීමට මෙතනින් යන්න! ඔබ US හි පිටතින් වෙසෙනම් (උදා:- පකිස්ථානය,ඉන්දියාව,චීනය) ඔබට මෙම මෘදුකාංගය භාවිතා කල නොහැක! මේ නිසා ඔබ වද විය යුතු නැත ඔබට ගැලපෙන මෘදුකාංගය පහල තිබිය හැක!

2) Viber > ලෝකයේ පුළුල් ලෙස නොමිලේ ඇමතුම් ගැනීමේ විසදුමක් ලෙස භාවිතා කරන මෘදුකාංගයකි! මෙය Viber පරිශීලකයන් අතර පමණක් පණිවිඩ හුවමාරු කරගත හැක! ඔබට මෙම මෘදුකාංගය කෙටි පණිවිඩ යැවීම මෙන්ම සමූහ පණිවිඩ හුවමාරු ද සිදු කර ගත හැක! මෙය අනිකුත් මෘදුකාංගය වලට වඩා සරල වුවත් කාර්යක්ෂමව කටයුතු සිදු කර ගත හැක! මෙය Tablet හා Phones යන 2කටම සහය දක්වන අතර මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නෙ අනෙකන් සමග පිලිසදරක යෙදීමේදි(Chat) ඒ සදහා නොමිලේ දැකුම්කළු Emotions ඇතුලත් වීමයි! මෙය ලබා ගැනීමට මෙතනින් යන්න!

3) Magic App by Magic Jack > මෙය අද්විතීය,විස්මය දනවන සුලු මෘදුකාංගයකි! මෙයින් ඔනෑම දුරකථනයකට ඇමතුම් ලබා ගත හැක! මෙහෙදී Viber වැනි මෘදුකාංග ඇමතුම ලබන්න තුල නොමැති වුවත් ගැටලුවක් නොමැති වීම විශේෂත්වයකි! මෙහිදී ඇමතුම ලබාගන්නා කෙනෙකුට අන්තර්ජාල පහසුකම තිබිය යුතු නැත! US හෝ කැනඩාවෙහි තුල සිටින අය අතර ඇමතුම් නොමිලේ වේ! එහෙත් ඔබට මෙම මෘදුකාංගය ඇමතුම් ලබාගන්නා හා දෙනුලබන්නා අතර ස්ථාපනය කර ඇත්නම් ඔබට දුර බැහැර සිටින අයටද නොමිලේ ඇමතුම් ලබා දිය හැක! මෙය ලබා ගැනීමට මෙතනින් යන්න!

4) Skype > වර්ථමානයේ බොහෝ දෙනා දන්නා,භාවිතා කරන මෘදුකාංගයකි! මෙය මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතා සදහා තරමක අඩු සහයක් දක්වයි! එමෙන්ම මෙහි වීඩියෝ ඇමතුම් වල සුපහැදිලි දර්ශන,Desktop Sharing වැනි පහසුකම් ඇතුලත් කර තිබීම විශේෂත්වයකි! ඔබ තවමත් මෙම මෘදුකාංගය ලබා ගෙන නැත්නම් මෙතනින් ගන්න!

5) Line > Andriod දුරකතන සදහා භාවිතා කරන ජනප්‍රිය ක්‍රමයකි! මෙය ලොව පුරා මිලියන 400ක් භාවිතා කරන අතර මෙහි හුරුබුහුටි පහසුකම් රාශියකින් සමන්විත වේ! මෙය Line පරිශීලකයන් හට නොමිලේ ඇමතුම් ලබාදිය හැකි අතර කෙටි පණිවිඩ,සමූහ(Group) පණිවිඩ යැවීම් ආදි පහසුකම් මෙහි ඇතුලත් වේ! මෙය ලබා ගැනීමට මෙතනින් යන්න!

ඔන්න එහෙනම් අද මන් ඔයාලට දෙනවා කිව්ව පෝස්ට් එක දුන්නා! එහෙනම් ඔයාලගේ යුතුකම තමයි අද පෝස්ට් එකේ මොනවහරි අවුලක් හරි මොකක්හරි ඔයාලට හිතෙන දේ ගැන Comment එකක් දාන එක! එහෙනම් අපි ගියා! ඔබට ජය! (y)

ඔබ වෙත කෙරෙන ඉල්ලීමයි! අපගේ පොස්ට් වලට අදහස් දැක්වීම මෙන්ම අප සමග සමාජ අඩවි වල එකතු වී අපේ අලුත් නිර්මාණ එසැනින් ලබාගන්න!


  
          


            

Previous
Next Post »