ජංගම දුරකතනය ඔබේ සෞඛ්‍යයට අහිතකර වීමට හේතු කිහිපයක්...


21 වන සියවස වන විට සමස්ථ ලොවම වේගයෙන් එකිනෙකා සමග විවිධ සිදුවීම්,තොරතුරු,දැනුම,භාණ්ඩ ආදිය හුවමාරු කර ගනිති! ඒ අද වනවිට සන්නිවේදනය දියුණුවේ හිනිපෙත්තටම නැග ඇති නිසාය! ජංගම දුරකථන,අන්තර්ජාලය,ගුවන්විදුලිය,FAX ආදි මෙවලම් මෙම අද්විතීය නිපැයුම්‍ය! 
 අතරින් ජංගම දුරකථනය ගත්විට අතීතයේ සිට වර්ථමානය දක්වා විවිධ මාදිලියෙන් විවිධ තාක්ෂණයෙන් විවිධ හැඩයෙන් යුක්තව නිෂ්පාදනය කර ඇති අතර වර්ථමානයේ බොහෝ දෙනා ප්‍රියකරන ජංගම දුරකතන වන Samsung,Apple,HTC,Sony ආදියෙහි වැඩි භාවිතයක් ඇත!
කෙතරම් දියුණු වුවත් දුරකථන භාවිතයේදි අප නොදැනුවත්ම අපගේ ශරීර සෞඛ්‍යයට අහිතකර තත්වයන් ඇතිවේ!

1) චිත්තවේග වලට සෘණාත්මක ලෙස බලපෑම් එල්ල වීම!

පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් ජංගම දුරකතනයයේ මුහුණට මුහුණ බලා ඇමතුමක් ගන්නා විට එය පෙනෙන පුද්ගලයාට සෘණාත්මක සිතුවිලි උපද්දවයි! ඇමෙරිකා එක්සත් ජනපදයේ Essex සරසවියේ මුහුණට මුහුණ බලා ඇමතුමක් ගන්නා විට ජංගම දුරකථනයෙන් සිදු වන බලපෑම් ගැන පරීක්ෂණ සිදු කරන ලදී!
ඉන් එකක් වූයේ නාදුනන පුද්ගලයන් යුගල් 37ක් ගෙන්වාගෙන ඔවුන් විනාඩි 10 ක් තුල අතීතයේ ඔවුන්ගේ ප්‍රියතම සිදුවීම් පිලිබද කතාබහට ලක්කරන ලදී! ඉන්පසු හවුල්කරුවන් අඩක් පමණ ජංගම දුරකතන සමග වෙන්ව තබන ලදී! ඉතුරු හවුල්කරුවන් අඩ ජංගම දුරකතන රහිතව ඒ වටපිටාවේ තබන ලදී! 
මෙම ප්‍රතිඵලය ලෙස ජංගම දුරකතන ලබාදුන් පිරිස තම හවුල්කරුවන් පිලිබද අඩු ධනාත්මක භාවයකින් කටයුතු කර ඇති බවත් ජංගම දුරකතන නොමැති හවුල්කරුවන් සාමාන්‍ය තත්වයෙන් සිටිනු දැකිය හැකි විය!

2) ආතති මට්ටම ඉහල යැවීම!

   ඔබගේ ජංගම දුරකතනයේ ඇති අධිසංඛ්‍යාත තරංග තුලින් ඔබගේ මානසික ආතතිය ආදිය වැඩිකර හැක! Ringing Tones,Vibrating Alerts, සහ Reminders වැනි දේ තුලින් මෙම අධිසංඛ්‍යාත නිකුත් විය හැක! මනෝසමාජ අංග හා මානසික සෞඛ්‍යය ලක්ෂණ අතර සම්බන්ධය පිලිබද පර්යේෂණයක් කල ස්වීඩනයේ Gothenburg විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් අවුරුද්දක් තුලදී උසස් ජංගම දුරකතන භාවිතයේදි ගැහැණු ලමුන්ට ආතතිය,නිදා ගැනීමේ අපහසුතා, පිරිමි පාර්ශවය පිලිබද දොම්නස් ස්වභාවයක් ඇතිවීම යන අහිතකර දේ සිදුවන බව සොයා ගැනිණි! 
තවද අධික ලෙස ජංගම දුරකතන භාවිතයෙන් තරුණ ලමුන් හට මානසික සෞඛ්‍යය පිලිබද ගැටලු උග්‍ර විය හැක!

3) සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියට බලපෑම් එල්ල වීම!


ඔබ නිතර දුරකතනය සමග රැදී සිටීනම් ඔබේ දුරකතනය මදකට නිරික්ෂණය කරන්න! එවිට ඔබට ඔබගේ අත්ලේ හා දුරකතනයේ තෙල් වැනි ලිස්සන සුලු යමක් ඇත! එය සිදුවී ඇත්තේ අපගේ අතේ ඇති අපද්‍රව්‍ය දුරකතනය සමග නිතර ගැටි සෑදුනු දෙයකි! London විශ්වවිද්‍යාලයේ සිදු කරන ලද පර්යේෂණයකට 390 ක ජංගම දුරකතන හා ඒවා භාවිතා කර අත්යොදාගන්න ලදී! එහිදී ජංගම දුරකතන 92% කද අත්වල 82% ප්‍රමාණයක ද බැක්ටීරියා සිටි බවත් 16% ක ජංගම දුරකතන හා අත්වල E-Coli බැක්ටීරියාව තිබෙන බව සොයා ගැනිණි!
මෙම බැක්ටීරීයාවන්ට පහසුවෙන් සිරුරකට ඇතුලු වී ලෙඩ රෝග සෑදීමට හැකියාවක් ඇත! එම නිසා එමගින් සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියට බලපෑම් එල්ල වේ!

4) නිදන්ගත රෝග වලින් දුක් විදීමේ අවධානමක් තිබීම!

  ඔබ ජංගම දුරකතනයෙන් Email,Text පණිවිඩ යැවීමේදී ඉතා වේගයෙන් පණිවිඩ Type කිරීම සිදුකරයි! එහිදී බොහෝවිට ඔබ ඉන්නා ඉරියව්ව පිලිබද ඔබ දැනුවත් නැත! නමුත් වැරදි ඉරියව්ව හෙතුවෙන් කොන්දේ කැක්කුම,බාහු,සන්ධි ආදියෙහි ආබාධ ඇතිවී ඔබ පීඩා විද ඇති බව නොඅනුමානය!දුරකතනයෙන් දීර්ඝ වේලා කිසියම් වැඩක නිරත වන විට බෙල්ල වක්‍රකරගනිමින් ශරීරය තද කරගත් ඉරියව්වකින් සිටියහොත් කොන්දේ කැක්කුම,බාහු,සන්ධි ආදි අපහසුතා වැඩිවිය හැක!

5) පෙනීමේ දුර්වලතා ඇති වීම!

 ඔබගේ ජංගම දුරකතනය දෙස නිතර බලා සිටීමෙන් ජීවිතයේ ඉදිරි කාලයේ පෙනීමේ දුර්වලතා වලට මුහුණ දීමට සිදුවේ! එයට හේතුව වන්නේ පරිගණක තිරයක් මෙන් නොව ජංගම දුරකතනවල තිරය කුඩා නිසා කෙටි පණිවිඩ හා වෙනත් දේ නැරඹීම ඇසට බොහෝ විඩාවක් දැනේ! එම අවස්ථාවලදී ඔබ එය නරඹන්නේ හොරැහින් මෙනි! මෙහිදී ඇසට විඩාවක් මෙන්ම හානිදායක වේ!

සැලකිය යුතුය > ඔබට පැමිණෙන දුරකතන ඇමතුමක් පිලිතුරු දීමට ප්‍රථම Answer බොත්තම ඔබා තත්:3 ක් පමණ සිට පිලිතුරු දෙන්න! එයට හේතුව ඔබ Answer බොත්තම එබූ සැණින් අධික සංඛ්‍යාතයක් එය තුලින් පැමිණිමයි! අප කණේ තබා ගෙන Answer කලහොත් එම අධික සංඛ්‍යාතය මොලයට යෑමට ඉඩ ඇත!

එමෙන්ම නිදාගන්නා විට ඔබගේ ජංගම දුරකතනය ඔබගේ සිරුරෙන් ඈත්ව තබන්න! නැතිනම් ඔබ එය ඔබගේ සිරුර ලගින්ම තබා ගතහොත් එහි විකිරණ ශරීර ගතවී අයහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත!

   


         
Previous
Next Post »