ඔබගේ Dongle, Flash Drive ආදියෙහි කල් යන විට ඇතිවන අකාර්යක්ෂමභාවය අවම කරගනිමු!




වර්ථමානයේදී Dongle හා USB Flash Drive බොහෝ සුලභ දෙයකි! බොහෝ දෙනා අද වන විට අන්තර්ජාලය සමග සම්බන්ධ වීම (උදා:- Facebook,Twitter,Instagram ආදි සමාජ අඩවිවල සම්බන්ධ වී සිටීම ) හා විවිධ තොරතුරු හා වෙනත් දේ (උදා:- චිත්‍රපට,ගීත,පරිගණක ක්‍රීඩා ආදිය) නිතර හුවමාරු කර ගැනීම මෙයට හේතුවයි!

නමුත් බොහෝ දෙනාට කාලයක් යනවිට ඇතිවන ගැටලුවක් ලෙස (මෙම ලිපියේ ලියන්නාටද ඇතුලුව) තමා භාවිතා කරන Dongle, USB Flash Drive හි භාවිතයේදී තම කටයුතු අකාර්යක්ෂම ස්වභාවයක් ගැනීමයි!

එයට අප දකිනා ප්‍රධාන හේතුවක් ලෙස ඔබේ Dongle, USB Flash Drive එක භාවිතා කර අවසන් වූ Safety Remove යන විකල්පය භාවිතා නොකර ගලවා දැමීම හෙතුවෙනි!

එමගින් එම උපකරණ වලට සැපයෙන System Unit එක තුලින් සපයන විදුලිය එකවර නැවතීම හෙතුවෙන් එම උපකරණ දිනෙන් දින අකර්මණ්‍ය වේ!

ඔබ ඔබ ගැනම සිතා බලන්න! එහිදී ඔබ බොහෝ වෙලාවට ඔබ සිදුකරන්නේ ඔබේ Dongle, USB Flash Drive වලින් ඔබේ අවශ්‍යතාව ඉටුවූ විගස එය කෙලින්ම System Unit එකෙන් ගැලවීමයි!

බොහෝ වේලාවට Windows 7, 8 යන මෙහෙයුම් පද්ධති තුල Dongle ආදිය Safely Remove කිරීමට අපහසුතාවයක් පවතී! එම නිසා ඔබට පහත ඒ සදහා වටිනා මෘදුකාංගයක් ලබා දී ඇත! එය පහත Download බොත්තම ඔබා ලබාගන්න!


මෙය තුලින් ඔබේ Dongle හෝ USB Flash Drive Safely Remove කරනවිට සිදුවන්නේ ඔබ System Unit එකට  ඇතුලත් කර උපකරණයට සපයන විදුලි බලය තාවකාලිකව නතර කර අපට එය ගලවා ගැනීමට අවස්ථාව ලබාදීමයි!

මෙය Dongle හෝ ඔබගේ USB Flash Drive ගලවන සෑම අවස්ථාවක සිදු කිරීමෙන් ඔබගේ එම උපකරණ වලට හානි සිදුවීම අවම කරගෙන කටයුතු කරගැනීමට පහසු වේ!
  


    

Previous
Next Post »

2 comments

Write comments
Nuwan Kumara
AUTHOR
August 19, 2014 at 9:04 PM delete

down load karanna beeeeeeeeeeeeeeeeee

Not Found

Error 404

Reply
avatar
August 20, 2014 at 8:37 AM delete

මෙ ලින්ක් එක බලන්න!
https://drive.google.com/uc?export=download&confirm=Nkrt&id=0BzqLAUjcRVY-b0NOaXR5V1A3U0k
නැත්නම් කියන්න!
සිදුවු අපහසුතාවයට අපගේ කණගාටුව!

Reply
avatar