Google Chrome හි ඔබ නොදත් වටිනා කරුණු කිහිපයක්...



වර්තමානයේ Google Chrome කිවහොත් නොදන්නා කෙනෙකු නැති තරම්‍ වේ! ඒ ලෝකයේ බොහෝ දෙනා අන්තර්ජාලය සැරිසැරීමට යොදාගන්නා Browser එකකි! අද වනවිට විවිධ Browsers බොහෝ ඇතත් ඒවාට සාපේක්ෂව අන්තර්ජාලය තුල ප්‍රවේශ වන වේගය(Loading Speed) ඉතා වැඩිවීමත් විවිධ පහසුකම් හා විශේෂාංග බොහෝ ඇතුලත් වීම හා භාවිතයට පහසු වීම වැනි කාරණු නිසාවෙන් බොහෝමයක් Google Chrome Browser භාවිතා කිරීමට පෙලඹෙයි!

බොහෝ දෙනා භාවිතා කර තිබුණත් මෙහි ඇති බොහෝ විකල්ප අතර වැදගත් විකල්ප(Options) දන්නේ කිහිප දෙනෙකු පමණි! එම නිසා එම වැදගත් විකල්ප සම්බන්ධයෙන් පහත විස්තරාත්මකව දක්වා ඇත!

1)  වෙබ් අඩවියක ඇති අංග වෙන වෙනම ක්‍රියාවිරහිත කර හැකි වීම!

ඔබට යම් වෙබ් අඩවියකට පිවිසි විට එහි ඇති කරදරකාරි යැයි සිතෙන අංග උදා:- රූප,ඔබ සිටින තැන අදුරා ගැනීම,Javascript,Plugins,ස්වයංක්‍රීය දැන්වීම් පුවරු දර්ශනය වීම(Pop Ads),වීඩියෝ දර්ශන, මෘදුකාංග ආදිය ඔබට ක්‍රියාවිරහිත කල හැක! පහත රූපය බලන්න!




ඔබට නැවත එම ක්‍රියාවිරහිත කල අංග සහිත වෙබ් පිටුවට යෑමට අවශ්‍ය නම් Settings>Advanced settings>Privacy>Content Settings>Images>Manage Exceptions>Delete Hostname ගොස් පෙර තිබූ ආකාරයට සකසාගන්න!

2) ඔබට අවශ්‍ය වෙබ් පිටුව PDF එකක් ආකාරයට බාගත කර ගැනීමට හැකිවීම!

ඔබට නැවත බැලිය යුතු හෝ අත්‍යවශ්‍ය කරුණු ඇතුලත් වෙබ් පිටුවක් පහසුවෙන් PDF ගොනුවක් බවට පත්කරගත හැක! ඒ සදහා ඔබ එම වෙබ් පිටුවට පිවිස Ctrl+P ඔබා පැමිණෙන සංවාදයේ Destination පහල ඇති Change ඔබා Save as a PDF යන්න යොදා Save කරන්න! එවිට පහසුවෙන් ඔබට එම වෙබ් පිටුව සම්පූර්ණයෙන්ම නැරඹිය හැක!

3) බහු පරිශීලකයින් ඇතුලත් කර හැකි වීම!

ඔබ Google Chrome Browser භාවිතා කරනවිට එහි භාවිත කරන්නන්ට වෙන වෙනම ගිනුම් සකසා ගත හැක! එමගින් පරිශීලකයන්ගේ තොරතුරු,සැකසුම්,මුර පදවල් පෞද්ගලිකව භාවිතා කර හැක! පහත රූපය බලන්න!

   
ඔබට නව ගිණුමක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් Settings>Users>Add New User>Create ගොස් සකසා ගන්න! ඔබට ගිණුම් අතර මාරු වීමට අවශ්‍ය නම් Google Chrome Browser එකේ ඉහල Bar එක Click කොට අවශ්‍ය ගිණුම තෝරන්න!  

4) වෙනත් Browsers හි අඩංගු Bookmarks සහ සැකසුම්(Settings) ගෙන්වා ගැනීමට හැකිවීම!

ඔබ ස්ථාපනය කර ඇති වෙනත් Browsers වල ඇති ඔබ ප්‍රියකරන සැකසුම්,Bookmarks ආදිය ඔබට Google Chrome Browser එකට ඇතුලත් කරගත හැක! පහත රූපය බලන්න!


මේ සදහා ඔබගේ ගිණුම තුලින් Settings>Import Bookmarks & Settings>Import දෙන්න!

5) Google Chrome හි කෙටි මන්!

ඔබ Google Chrome භාවිතා කරත් එහි ඇති කෙටි මන් පිලිබද නොදැනුවත් සිටිය හැකිය! එම නිසා පහතින් මෙම Browser එකෙහි ඇති කෙටිමන් දැනගන්න!


CTRL+P : මුද්‍රණ මෙනුව ලබා ගැනීමට
CTRL+J: බාගත කර දේ බැලීමට
CTRL+H : කලින් බැලූ වෙබ් පිටු නැරඹීමට
CTRL+S : වෙබ් පිටුවක් HTML එකක් ලෙසට Save කරගැනීමට
CTRL+N : නව Window එකක් ආරම්භ කිරීමට
CTRL+Shift+N : නව Incognito Window එකක් ආරම්භ කිරීමට සැලකිය යුතුය > Incognito Window ඔබ යන වෙබ් පිටු ආදිය ගබඩා කරගන්නේ නැත!

CTRL+Shift+Delete : ඔබ බැලූ වෙබ් පිටූ මකා දැමීමට

6) Google Chrome හි රහස්‍ය අණදීම්!

බොහෝ දෙනා මෙම Browser එක භාවිතා කලත් මෙහි ඇති අණදීම්(Commands) පිලිබද දන්නා අය ඇත්තේ බොහොම සුලු ප්‍රමාණයකි! එසේ නම් මෙහි ඇති අණදීම් කිහිපයක් පහත දැක්වේ!

පහත දැක්වෙන Commands Browser එකෙහි ලිපින කොටුවෙහි ඇතුලත් කරන්න!

*chrome://help : ඔබේ Google Chrome Browser වර්ගය හා යාවත්කාලීනයන් පරීක්ෂා කිරීමට!(Chrome Update & Verson)
*chrome://extensions : ඔබ ස්ථාපනය කර ඇති Addons පෙන්වයි!
*chrome://downloads : බාගත කර ලැයිස්තුව නැරඹිය හැක!
*chrome://history : ඔබ ගිය වෙබ් පිටුවල ලැයිස්තුව නැරඹිය හැක!
*chrome://settings : Google Chrome හි සැකසුම් පිටුව(Settings) ලබා දෙයි! 
*chrome://settings/searchEngines : අලුත් සෙවුම් මෙනුවක් ලබාදෙයි!
*chrome://settings/importData : Bookmarks and සැකසුම් ගෙන්වා ගැනීමට! 
*chrome://settings/manageProfile : ඔබගේ ගිණුමේ රූපය හා නාමය කළමනාකරණයකර ගැනීමට! 
*chrome://settings/content : පටුන කළමනාකරණය කර ගැනීමට! *chrome://settings/clearBrowserData : ඔබ ආ ගිය වෙබ් පිටුවල ලැයිස්තුව මකා දැමීමට!
*chrome://settings/contentExceptions#cookies : Cookies කළමනාකරණයට!
*chrome://settings/contentExceptions#images : වෙබ් අඩවිවල ඇති රූප පෙන්වීමට හෝ නොපෙන්වීමට සාදා ගැනීමට!       *chrome://settings/contentExceptions#javascript : වෙබ් අඩවිවල ඇති Javascript කළමනාකරණයට! 
*chrome://settings/contentExceptions#pluginsවෙබ් අඩවිවල ඇති Plugins කළමනාකරණයට!

*chrome://settings/contentExceptions#location : ඔබ සිටින ස්ථානය පෙන්නුම් කරන (Location Indicator) විශේෂාංග කළමනාකරණයට!
*chrome://settings/contentExceptions#pepper-flash-cameramic : වෙබ් අඩවිවලට ඔබේ වෙබ් කැමරාවට හා මයික්‍රොෆෝනයට ඇතුල්වීමේ හැකියාව කළමනාකරණය කිරීමට!

7) ගබඩා වූ Cookies පරීක්ෂා කරගත හැකිවීම!

අන්තර්ජාලයෙ සැරිසැරීමෙන් එකතුවන Cookies ඔබේ පරිගණකයේ ස්ථාපිත වේ! ඔබ Google Chrome භාවිතා කරන්නේ නම් ඔබට එම අනවශ්‍ය ලෙස එකතු වූ Cookies ඉවත් කර ගත හැක! ඔබට ඒ සදහා chrome://settings/cookies ලෙස ලිපින මෙනුවේ(Address Bar) තුල යොදා ඉන් පැමිණෙන සංවාදයේ Remove All දෙන්න!

  


  





        

Previous
Next Post »