How to Remove Annoying Ads in KMPlayer - KMPlayer හි කරදරකාරී Ads ඉවත්කර ගමු



KMPlayer යනු බොහෝ දෙනා චිත්‍රපට, ගීත, සහ වෙනත් දේ ශ්‍රවණයට හා බැලීමට භාවිතා කරන මෘදුකාංගයකි! එහි ඇති විවිධ පහසුකම් හේතුවෙන් බොහෝ දෙනා එය තෝර ගැනීමට පෙලඹී ඇත! KMPlayer හි නවතම සංස්කරණය මෙතනින් ගන්න!

නමුත් එහි නව සංස්කරණයන් භාවිතා කරන්නන් හට ප්‍රධාන ගැටලුවකට මුහුණ පෑමට සිදුවෙයි!

අන්තර්ජාලයේ සම්බන්ධ සිටියදී යම් කිසි File යක් එමගින් විවෘත කල හැමවිටම කරදරකාරි Ads නිරන්තරයෙන් පැමීණීමයි!

ඔබද අනිවාර්යෙන්ම මෙම අපහසුතාවයට ලක් වී ඇතිබව නොඅනුමානය!

එම නිසා එයට පිලියමක් අද ලිපියෙන් ඔබ වෙත රැගෙන ආවෙමු!

පහත පියවරවල් අනුපිලිවෙලින් අනුගමනය කර ගැනීමෙන් ඔබට මෙසේ
පැමිණෙන කරදරකාරි Ads ඉවත් කර ගත හැක!

පියවර 1 > 

Start>Control Panel>Internet ගොස් Security වලට පිවිස එහි ඇති Restricted Sites ගොස් එය තෝරා පහල ඇති වෙබ් පිටුව දෙන්න!
player.kmpmedia.net 

තේරුම් ගැනීමට අපහසුනම් පහල පින්තූරය බලන්න!



පියවර 2 >

KMPlayer විවෘත කොට එහි පසුතලයේ Right Click කොට Preferences වලට පිවිස එහි General>When Starting ගොස් Check If New Verson is Available හි හරි ලකුණ ඉවත් කරන්න!

තේරුම් ගැනීමට අපහසුනම් පහල පින්තූරය මෙන්ම විඩියෝ දර්ශනයද නරඹන්න!






මෙම පියවරවල් ඔබ නිවැරදිව අනුගමනය කර අවසන් නම් එය ඉවත් වී අවසානය!

    
Previous
Next Post »