iPhone 6 and Apple Watch Announced - iPhone 6 සහ Apple Watch පිලිබද නිවේදනය කරයි




වර්ථමානයේදී Apple යන නම ඇසුණු පමණින් ඔබට සිහිවෙනුයේ පලතුරක් නොවේ! ඒ වෙනුවට ඔබට සිහිවන්නේ වර්ථමාන ලෝකයේ බොහෝ ජනප්‍රිය, බොහෝ දෙනාගේ සිත්ගත් අතිවිශාල ව්‍යාප්තියක් ඇති Apple සමාගමයි! 

iPhone,iPod,iPad ලෙස පැමිණි මාදීලි එයට ප්‍රධාන හේතුවක් විය! එහි ඇති සිත් ඇදගන්නා සුලු පෙනුම,එයටම ආවේණික මෙහෙයුම් පද්ධතිය, වේගවත් වීම, කාර්යන් හි පහසුවට Application ස්ථාපනය කර තිබීම වැනි හේතුන් නිසාවෙන් එය ක්‍රම ක්‍රමයෙන් කවුරුත් තුල ව්‍යාප්ත වීමට තුඩු දෙයි!

ඒ අනුව Apple සමාගම නවතම දුරකතනයක් වන iPhone 6,iPhone 6+ ගැන පෙර දින රැයේ නිවේදනය කර තිබේ! එමෙන්ම එහිදී Apple Watch එකක් පිලිබදවද පවසා ඇත!

iPhone 6 හි 4.7-inch Screen එකකින් යුක්ත වේ!


Apple සමාගමේ පලමු Phablet(Smart Phones හා Tablet හි කාර්යයන් එකට කොට නිපදවා ඇති දුරකතනය) එක iPhone 6+ වේ!
එහි 5.5-inch Screen එකකින් යුක්තය!

මේවා කලින් හදුන්වා දුන් Apple 5s,5c ආදි දුරකතන වලට වඩා දීප්තිමත් භාවයත්, වේගවත් භාවයත් වැඩිකර ලීමට 64Bit Proccesor එකකින් හා 8MP නව තාක්ෂණයෙන් යුත් Camera එකකින් යුක්ත වේ!

එහි මිල ගණන් ලෙස iPhone 6 16GB සදහා £540 සහ 64GB සදහා £620 ද විශාලම ධාරිතාව ලෙස 128GB සදහා £700 ලෙස සදහන් වේ! 

එමෙන්ම iPhone 6+ හි මිල ගණන් ලෙස iPhone 6+ 16GB සදහා £620 ද 64GB සදහා £700 ද විශාලම ධාරිතාව ලෙස 128GB සදහා £790
ලෙස සදහන් වේ!



තවද long-rumoured iWatch ලෙස පෙර දින රැයේ ප්‍රකාශ කර Apple Watch ය විශේෂිත ආකාර 3කින් සමන්විතය!

The Apple Watch, The durable Apple Watch, The 18-karat gold Apple Watch එම ආකාර 3 යි!

නමුත් මෙම ඔරලෝසුව 2015 වනතෙක් වෙලදපොලට නොදමන අතර එහි වටිනාකම $349 වැනි අගයක් ගනී!






         



  





Previous
Next Post »