බිල් ගේට්ස් මහතා 16 වන වතාවටත් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි...



ලොව තාක්ෂණික අංශයේ සිටින අය ලොව ප්‍රමුඛයෝ බව පසක් කරමින් ලොව සිටින ධනකුවේරයෝ බොහෝමයක්  පරදවා ලෝ ප්‍රකට Windows, Office යන මෘදුකාංග හදුන්වා දුන් Microsoft ආයතනයේ හිමිකරු වන බිල් ගේට්ස් මහතා 16 වන වරටත් ලොව ධනවත්ම පුද්ගලයා වී හමාරය...

ඒ අනුව මෙසේ ඩොලර් බිලියන 79.2 උපයාගනිමින් ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පෙරමුණේ සිටින්නේ හරියටම මෙක්සිකානු විදුලි සංදේශ අධිපති කාලෝස් හේලු නැමැති තැනැත්තාට ඉහලින්ය.



Microsoft ආයතනයේ හිමිකරු වන ඔහු දැනට ඔහුගේ නම හා බිරිදගේ නමින් පවත්වා ගෙන පදනමක් සදහා කැපවී සිටින බවත්, ගිය වර්ෂයේ ඔහුගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 3.2 කින් වැඩි වූයේ ඔහු සහ ඔහුගේ බිරිය වන මෙලින්ඩා ගේට්ස් ගේ නමින් ඇති පදනමට Microsoft ආයතනය විසින් ඩොලර් බිලියන 1.5 ක ත්‍යාගයක් ලැබී තිබියදීය. 

එසේ නම් මෙම ලිපිය කියවා අවසානයේ ඔබේ අදහස් පහතින් ඇතුලත් කිරීමට අමතක නොකරන්න.

         
Previous
Next Post »