බ්ලොග් අවකාශයෙහි ලිංගිකත්වය යලිත් වරක්...



Google සමාගම විසින් හදුන්වා දෙන නොමිලේ ඕනෑම කෙනෙකුට  භාවිතා කර හැකි Google Blogger පහසුකම නිසා  අද බොහෝ දෙනා තම විනෝදාංශය ලෙස බ්ලොග් අඩවි පවත්වාගෙන යයි.

අද වන විට එය නොමිලේ ලබාදෙන හේතුන් නිසා බ්ලොග් අඩවි විශාල ප්‍රමාණයක් පැවතීමට තුඩු දී ඇත.

ඒ අනුව පසුගිය සතියේදී Google ආයතනය විසින් නිවේදනය කල පරිදී ලිංගිකත්වය පිලිබද තිබූ නීතියක් වෙනස් කරන ලදී. ඒ අනුව ලිංගිකත්වය අන්තර්ගත ලිපි, විශේෂාංග ප්‍රසිද්ධියේ බ්ලොග් අඩවි තුල පල කල හැකිය.

තව දුරටත් ප්‍රකාශ කල ඔවුන් ගෙවුනු සිකුරාදා දිනයේ පවසා සිටියේ, ලිංගික දැන්වීම් තහනම් කරමින් පවතින නීති වලට අනුකූලව සෙවුම් යන්ත්‍රවලට පෞද්ගලික ලිංගික වෙබ් අඩවි වල වලංගුතාව වැඩි කර ඇති බවයි.

තවද ඔවුන් පවසා සිටියේ එම පෞද්ගලික වෙබ් අඩවිවල එම ලිංගිකත්වය ඇතුලත් දේ පලකරන ආකාරය පිලිබඳ වඩාත් දැඩි ස්ථාවරයක සිට ක්‍රියාපිලිවෙලක් අනුගමනය කරන බවයි.

ඒ අනුව අලුත්ම නීතිය ලෙස 2015 මෙම මස වන මාර්තු මස 23 වැනි දින සිට ලිංගිකත්වය අඩංගු ඡායාරූප, වීඩියෝ ඇතුලත් කිරීමට පෞද්ගලික බ්ලොග් අඩවි සදහා ඉඩ ලබාදි ඇත.

  මෙහිදී මෙම අඩවි වල හිමිකරුවන්ගේ ආරාධනා අනුව සමහර පුද්ගලයින්ට මෙම අඩවිවලට පැමිණිම සීමා වේ.

තවද මෙම අන්තර්ගත ලිපි, ඡායාරූප ඉවත් කර නොහැකි අතර ප්‍රසිද්ධව බ්ලොග් අඩවි පවත්වා ගෙන අයට එම දේවල් ඉවත් කිරීමට සිදුවේ.

ඒ අනුව එවැනි ඡායාරූපයක්, ලිපියක් දැමීමේදි එය ලේබල කර අනතුරු ඇගවීමේ පිටුවක ඇමිණීමෙන් එය කුමන වර්ගයකට අයත්දැයි පැමිනෙන අයට පෙන්වීමට ඉඩ සැලස්විය යුතුය.

 එහෙත් මෙම සිද්ධිය පිලිබද බ්ලොග්කරුවන්ගේ ප්‍රතිකේෂ්ප කිරීමක් දක්නට ලැබී ඇත.

  එසේ නම් තවත් මෙවැනි වූ ලිපියකින් නැවත හමුවෙමු...





Previous
Next Post »