NVIDIA ආයතනයේ විසින් තාත්වික අත්දැකීම් තවදුරටත් යථාර්තයක් කිරීමට සෑදු නවතම VGA උපාංගය...



ඔබ හොදින් දන්නා හදුනන NIVIDIA සමාගමේ සිටින වාර්ෂික පරිගණක ක්‍රීඩා සංගමය මගින් පුළුල් හා නවතම දෙයක් පිලිබද සදහන් කර තිබේ. ඒ NVIDIA සමාගම මගින් එලිදරව් කරන ලද පරිදී Thief in the Shadows යන අනුවර්ථ නාමයෙන් හදුන්වන ත්‍රිමාණ අත්දැකීම යථාර්තයක් කිරීමට හැකි අධි තාක්ෂණික VGA උපාංගයක් පිලිබදවය. 

මෙම VGA උපාංගය මගින් ත්‍රිමාණ යථාර්තයක් කිරීමේ අදියර වැඩි කර ගත හැකි අතර මෙම පහසුකම බල ගැන්වීමෙදී මෙහි ඇති මෙතෙක් නිපදවූ අධි සංකීර්ණතම GPU පරිපථයකින් යුත් මෙය හදුන්වන්නේ GeForce GTX TITAN X ලෙසය.

(මෙහි GPU යනු විශේෂ ආකාරයට සෑදූ පරිපථයක් වන අතර එමගින් මතකය වේගයෙන් ලබාගෙන එය වෙනස් කොට වේගයෙන් රූප ආදිය ප්‍රතිදානය වෙත ලබාදීම සිදුකරයි )    

මේ පිලිබද තව දුරටත් පැවසීමේදී,

මෙම ත්‍රිමාණ අත්දැකීම යථාර්තයක් කිරීමේ හැකියාවෙන් වැඩි මෙම උපාංගයෙන් පෙර නොදුටු, නොතිබූ ලෙසට ඉතාමත් පැහැදිලි දසුන් ලබාදිය හැකි බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම මෙම TITAN X උපාංගයේ ට්‍රාන්සිස්ටර බිලියන 8 ක් තිබෙන අතර 12GB ධාරිතාවයකින්ද හෙබි මෙය සම්පූර්ණයෙන් නිර්මාණය කර ගැනීමට ඉංජිනේරුවන් දහස් ගණනක් යොදගෙන ඇත.


තවද මෙම VGA උපාංගය මගින් තත්පරයකට රූප රාමු 90 වක් වැනි ප්‍රමාණයක් ප්‍රතිදානය කර හැකි මට්ටමකට දක්වා වැඩි දියුණු කර ඇත.




Previous
Next Post »