ශ්‍රී ලංකාවේ නිපැයූ පලමු ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාව " ජේම්ස් බණ්ඩා " | 50 වැනි ලිපිය



ගෙවුනු මාස 08 කට පසු උදා වූ අද දවස ඔබේ විසදුම වන අපට විශේෂ දවසක්!!! ඒ මෙතෙක් කල් එකින් එක වැඩි වූ අපේ ලිපි සංඛ්‍යාව අද වන විට 50 ක් දක්වා වැඩි වූ මොහොතක් බැවිනි. මෙම සතුටුදායක අවස්ථාවේදී අප මෙතෙක් කල් අප සමග රැදී සිටි අප බ්ලොගියට එක වරක් පැමිණි ඔබ සියලු දෙනා ආදරයෙන් සිහිපත් කරන්නෙමු. එමෙන්ම ඉදිරියේදි තවත් ඔබ හට වැදගත් ලිපි, විශේෂාංග ගෙන ඒමේ බලාපොරොතුවෙන් හා අප සමග රැදී සිටි අය වෙනුවෙන් නැවත වතාවක් ස්තූතිවන්ත වෙමින් අප අද 50 ලිපියත් ඔබ වෙත ලබාදෙන්නෙමු.


පරිගණක ක්‍රීඩා වර්ථමාන ලෝකයේ ළමා, වැඩිහිටි මනස් තුල රජ කරමින් සිටින දෙයක් බවට පත්වී තිබීම අද වනවිට සුලබ දර්ශනයකි. අද වෙලදපොලට විවිධ ස්වරූපයෙන්, අරමුණක් සහිතව පරිගණක ක්‍රීඩා විශාල ප්‍රමාණයෙන් පැමිනීම සිදුවෙයි.(ප්‍රධාන ලෙස ක්‍රියාදාම ගණයේ ඒවා ) නමුත් එවැනි ක්‍රීඩාවක් සැදීම බෙහෙවින් සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් බොහෝමයක් ඒ සදහා නැඹුරු නොවීම කණගාටුවකට කරුණකි.

නමුත් බොහෝමයක් ලෙස අප සදහන් කලේ ශ්‍රී ලංකාවේ සිටින පිරිසක් එම සම්ප්‍රදාය බිද දමා ඔවුන්ගේම පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීමයි. James Banda (ජේම්ස් බන්ඩා ) ලෙස හදුන්වන එම ක්‍රීඩාව 2006 වසරේ නිකුත් කරන ලද්දක් වුවත් අපගේ 50 ලිපියෙන් මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර පිරිසට උපහාරයක් වශයෙන් මෙන්ම එම පරිගණක ක්‍රීඩාව පිලිබද දැනුවත් කර නැවත වතාවක් ඔබ අතරේ පවත්වා ගැනීමේ ලීලාවෙන් මෙය ලියන ලද්දකි.

මෙහි තිර පිටපතක් පහලින්,


එසේ නම් පහතින් මෙම ලාංකීය නිෂ්පාදනය රැගෙන සැබෑ ලාංකිකයෙකු බව පෙන්වන්න.


මුරපදය : obevisaduma.blogspot.com

සැබවින්ම මෙම නිර්මාණ සිදු කරන අය ශ්‍රී ලංකාවේ සිටින බැවින් අප ලාංකිකයෙකු ලෙස ආඩම්බර විය යුතුය.

ලිපිය කියවූ ඔබ සැමට බෙහෙවින් ස්තූතියි!!!  

Previous
Next Post »

2 comments

Write comments
a
AUTHOR
June 2, 2015 at 5:44 PM delete

password ekak illanawa extract karaddi

Reply
avatar