පරිගණකයේ Drivers යාවත්කාලීන කිරීමට ඔබට සහය වන තවත් එක් පහසුම ක්‍රමයක්...





පරිගණකයක කාර්යක්‍ෂමතාවය මනාව පවත්වාගෙන යෑමට පරිගණකයේ drivers යාවත්කාලින කිරීමත් අත්‍යවශ්‍ය කාරණයක්.එම කාර්ය පහසුවෙන් හා ඉක්මනින් කරගැනීමට සහයවන මෘදුකාංග බොහොමයක් අද වෙළදපලේ දැකගන්නට පුළුවන්.එවැනි එක් මෘදුකාංගයක් තමයි IObit Driver Booster Pro වැඩසටහන.

පහසු සරල interface එකක් සහිත IObit Driver Booster Pro මෘදුකාංගය ඕනෑම අයෙකුට ඉතාම පහසුවෙන් බාවිතා කල හැකියි. ඔබේ පරිගණකයේ ඇති දෘඩාංග හදුනාගනිමින් එම දෘඩාංගවලට අදාළ නවතම drivers ඔබේ පරිගණකයේ ස්ථාපිත කර ඇත්දැයි සොයාබලා වියයුතු drivers වේනම් මේමගින් පෙන්වාදී, එක් ක්ලික් එකකින් එම drivers සියල්ලම යාවත්කාලින කරදීමට මෙම IObit Driver Booster Pro මෘදුකාංගයට හැකියාව තිබෙනවා. IObit Driver Booster Pro මෘදුකාංගය බාවිතා කරන ඔබ තවදුරටත්, ඔබේ පරිගණක දෘඩාංග වල driver/installation CD සෙවීමටවත් හෝ අන්තර්ජාලය තුල drivers සෙවීමටවත් ඔබේ වටිනා කාලය වැය කල යුතු නැහැ.

IObit Driver Booster Pro මෘදුකාංගය සතු විශේෂාංග:

  • Automatically Identify Outdated Drivers
  • Download and Update Outdated Drivers with One Click
  • Unlock Driver Update Speed Limit
  • Specialized Driver Tweaking for Better Gaming Experience
  • Support More Comprehensive Hardware Devices
  • Enjoy Priority to Update Outdated Drivers Promptly
  • Backup Drivers for Safe Restore
  • Enhance Hardware Functionality for Better Performance

    Image

        යල් පැනගිය drivers හදුනාගෙන ඒවා යාවත්කාලින කරදීම පමණක් ඔබට නොමිළේ IObit Driver Booster Free සංස්කරණය බාවිතයෙන් කරගත හැකි අතර, drivers යාවත්කාලින කරදෙනවාට අමතරව ඉහත සදහන්කල අනෙක් සියලුම විශේෂාංග IObit Driver Booster Pro සංස්කරණය හරහා ඔබට ලබාගත හැකියි.
අප නොමිලේ ලබා දෙන මෙම මෘදුකාංගය සහ licence key එක බාවිතාකර IObit Driver Booster Pro මෘදුකාංගය වසරක කාලයක් සදහා ඔබට නොමිළේ ලබාගත හැකියි. ඔබ කලයුත්තේ මෙම මෘදුකාංගය Download කර ඔබේ පරිගණකයේ සථාපිත කරගෙන licence key එක ලබාදී මෘදුකාංගය activate කරගැනීමයි.

පහතින් IObit Driver Booster Pro මෘදුකාංගය ලබාගන්න.

10 MB 

ඔබට සුභ දවසක්!


Previous
Next Post »