Windows 10 සමඟ එන වෙබ් පිරික්සුම් අමුත්තා...




Windowsයනු අද ලෝකයේ ජනප්‍රිය ම මෙහෙයුම් පද්ධතියයි.Windows අයත්  Microsoft සමාගම ඔවුන්ගේ නව මෙහෙයුම් පද්ධති අලුත් විශේෂාංග සමඟ විශේෂිත අයුරින් කැපි පෙනෙන වෙනසක් සහිතව ඉදිරිපත් කරයි.

Windowsමෙහෙයුම් පද්ධති කණ්ඩයේ පැමිණිමට නියමිත නව මෙහෙයුම් පද්ධතිය වන Windows 10 හි විශේෂතා පිලිබඳ විවිධ අදහස් පල වේ.

ඒ අනුව Windows 10 මෙහෙයුම් පද්ධතියේ පෙර මෙහෙයුම් පද්ධතිවල තිබු වෙබ් බ්‍රව්සරය වන Internet Explorer වෙනුවට Spartan නම් Web Browser යක් සමග පැමිණේ.

අද බොහො දෙනා Internet explorer භාවිතා කරන්නේ අලුත් වෙබ් බ්‍රාව්සරයක් Download කර ගැනීමට පමණි.

එයට හේතු වූයේ Internet explorer වල ඇති මන්දගාමි ස්වභාවයත් භාවිතයට පහසු Interface එකත් නොතිබිම වැනි කරුණු ය.



මෙහි ඇති විශේෂතා...
  • නව Spartan එන්නේ අලුත්ම විදැහුම් එන්ජිමක් සමඟ නිසා වඩා වේගවත් හා වඩා නිවැරැදිව වෙබ් අඩවි පෙන්විමේ හැකියාව සහිත බව Microsoft සමගම පවසයි.
  • Windows 10 සමග එන Cortana සහායිකාව සමඟ එකාබද්ධ ව  ක්‍රියා කිරිමට Spartan ට හැකියාව ඇත.(Cortana යනු ios හි siri Android  හි Google Now වැනි මෘදුකාංගයකි. Microsoft පවසන පරිදි මෙය කෘතිම බුද්ධිය සමඟ පැමිණේ. මේ ගැන සවිස්තරාත්මක විස්තරයක් අප Blog අඩවිය තුලින් බලාපොරොත්තු වන්න.)                                            
        
  • Spartan ජංගම දුරකතන සඳහාත් පහසුවෙන් ක්‍රියාකරයි.                   
  • මීට අමතරව තවත් බොහෝ විශේෂංග ඇති බව Microsoft පවසයි.

Spartan ගේ සරල පෙනුම හා භාවිතයට පහසු විම යන කරුණු නිසා Google chrome හා Firefox සමඟ කරට කර සටනක් කල හැකි බව Microsoft මතයයි.

Spartan , windows සමඟ සහය දක්වන නමුත් අනිකුත් මෙහෙයුම් පද්ධති සමඟ සහය දක්වනවාද යන්න තවම සදහන් කර නැත.

කෙසේ වුවත් Spartan යනු Internet Explorer යවත් කාලීන කිරිමක් නොවේ. එම නිසා පැමිණිමට නියමිත Windows 10 සමග Internet Explorer සහ Spartan යන දෙදෙනා වෙන වෙනම Browser 2ක් ලෙස පැමිණේන බවක් පෙනේ.

එය දැනගැනීමට අපට Windows 10 පැමිණේන තෙක් බලා සිටිමට සිදුවේ.


තවත් මෙවැනි ලිපියකින් හමුවන තුරු ඔබට සුභ දවසක්!!!


                               Businessinsider

Previous
Next Post »