Google Play Store වල Apps ගන්න ඔයාලා මේ ගැනත් සැලකිලිමත්ද?


අද මං මේ කියන්න කතාව අහලා Android phone පාවිච්චි කරන ඔගොල්ලො භය වෙන්නත් පුලුවන්. අපි ගොඩක් අය  Android apps ගන්නේ  Google Play Store වලින්. ඒත් එහි  තියෙන  apps වලින් ලක්ෂ ගණනක්  Malware apps වේ.මේ නිසා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපංගය අනාරක්ෂිත තත්වයකට පත්වී තිබේ. දැන් ඔගොල්ලො හිතන්න එපා මං බොරු කියනවා කියලා. මමත් මේ ගැන දැනගත්තේ පරිගණක ආරක්ෂාව පිළිබඳ  මෘදුකාංග නිපදවන ලෝ ප්‍රකට සමාගමක් වන ට්‍රෙන්ඩ් මයික්‍රො සමාගම විශේෂ වාර්තාවක් පළ කරමින් කියලා තිබුණා.




 ඉතින් යාලුවනේ දැනට ගූගල් ප්ලේ එකේ ඇප්ස් දහතුන් ලක්ෂයක් පන්නලා. ඒ අතරින් ඇප්ස් හත් ලක්ෂයක් පමණ අනාරක්ෂිත එවා බව ට්‍රෙන්ඩ් මයික්‍රො සමාගමේ වාර්තාවේ සඳහන් කරයි. 2013 වසරේ දෙවන කාර්තුව වෙන විට මෙවැනි අනාරක්ෂිත ඇප්ස් 509000ක් තිබුණා.ඉන්පසු 2014 වසරේ දෙවන කාර්තුව වෙන විට මෙම සංඛ්‍යාව 700000ක් දක්වා වැඩි වී තිබුණි. මේ වන විට එම ප්‍රමාණය  ද  ඉක්මවා ගොසිනි.


ඔගොල්ලො දන්නවා ද මැල්වෙයා සහිත මෙම ඇප්ස් ගොඩක් ජනප්‍රිය එවායි. ඒවා ජනප්‍රිය උනත් එවා සමඟ ඇති  Malware වැඩසටහන් මගින් එක්කො ඇන්ඩ්‍රොයිඩ් උපංගයේ ඇති තොරතුරු සොරා ගනි , නැත්නම් මිලෙන් වැඩි අප්ග්‍රේඩ් වෙත යොමුකර එවා ඇප්ස් එකට සම්බන්ධ කරයි. ඔගොල්ලො බලනවා ඇති මිලෙන් වැඩි අප්ග්‍රේඩ් වල නරක මොකද කියලා. එකෙන් වෙන්නේ ඇප්ස් වෙනුවෙන් ඔබට ගෙවිය යුතු මිල වැඩි විමයි. මේ දේවල් වෙන්නේ ඔබට නොදැනීමයි. එකයි ගොඩක් නරක. මෙහෙම මිලෙන් වැඩි අප්ග්‍රේඩ් වෙත යොමු කරන්නේ ඉතාම අඩු මිලකට ගැන හැකි හෙවත්  ලාබ ඇප්ස්ය. ට්‍රෙන්ඩ් මයික්‍රො සමාගම කියපු විදිහට වියට්නාමයේ,බ්‍රසීලයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අය ඩවුන්ලෝඩ් කර ගන්නා ඇප්ස් වලින් වැඩි හරියක් ම මොබයිල් වයිරස් ඇති එවා බවයි.


දැන් ඉතින් ඔයාලා බලනවා ඇති මොබයිල් වයිරස් කියන්නෙ මොනවද කියලා. ඔයාලාට දැනගන්නත් එක්ක ම මම එක ටිකක් කියන්න හිතුවා. ඉතින් යාලුවනේ මොබයිල් වයිරස් කියන්නෙ මොබයිල්  ෆෝන් හෝ වෙනත් අතේ ගෙන යා හැකි ටැබ්ලට් සහ  PDA වැනි උපංග වල ක්‍රියාකාරිත්වයට නරක බලපෑම් කරන පරිගණක වැඩසටහන් වලට තමයි මොබයිල් වයිරස් කියන්නේ.

මේවා වලත් වර්ග 3ක් තියෙනවා.......
  • වර්ම්( Worm)


මේවා නිරන්තරයෙන් ගුණනය වෙමින් උපාංගයෙන් උපාංයට පැතිරෙන්නේ හරියට පණුවො වගේ ඒකයි මෙවාට  Worms කියන්නෙ. හැබැයි මේවා පැතිරෙන්නේ   ටෙක්ස් පණිවුඩ , SMS , MMS  වගේ දේවල් වලින් මේවා ප්‍රධාන වශයෙන් අපේ මෙහෙයුම් පද්ධතිය නොමඟ යැවීම තමයි කරන්නේ.

  • ට්‍රෝජන් (Trojan)


අපි කවුරුත් ට්‍රොජන් අශ්වයාගේ  කතාව දන්නවානේ. හැබැයි ඒ ගැන නෙවෙයි මම කියන්න හැදුවේ. මං කියන්න හැදුවේ මොබයිල් වයිරස් එකක් ගැනයි. ප්‍රයෝජනවත් ඇප්ස් හෝ මෘදුකාංගයක් ලෙසය. ට්‍රෝජන් වැඩසටහන අඩංගු ඇප්ස් එක ක්‍රියාත්මක කළ විට එළියට එන ට්‍රෝජන් වැඩසටහන ඔබේ පද්ධතියට හානි කිරිමට පටන් ගනි. මේවා ඇප්ස් එක තුල සිටිමින් පැතිරෙයි. තවද කැලැන්ඩර් , ඉ-මේල් සහ නෝටිස් සමඟ වුවද පැතිරීමට හැකියාව මෙවාට තිබේ.

  • ස්පයිවෙයා (Spyware)


මේ වැඩසටහන් දත්ත රැස් කරන ඒවාය. මොබයිල් උපකරණයෙන් රැස් කරන දත්ත වෙනත් අයට යවයි. මේවා මගින් ඔබගේ පාස්වර්ඩ් ,ගිණුම් විස්තර වැනි දේ අන් අය අතට පත් වේ.මේවා ඇදා සැකසු නරක ඇප්ස් දැන් තිබේ.

දැන් ඉතින් කට්ටිය භය වෙලා  Google Play Store එකෙන් ගත්ත ඇප්ස් මකන්න ඕනේ නෑ.

මොකද එකෙන් අපට බේරෙන්න  හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මොබයිල් ඇන්ටි වයිරස් වැඩසටහන් , මේවාට අපගේ මොබයිල් උපංගයේ ඇති Malware සහිත ඇප්ස් පහසු වෙන් ම අදුන ගන්න පුලුවන්. ඉතින් අපිට භය වෙන්න දෙයක් නෑ. ට්‍රෙන්ඩ් මයික්‍රො සමාගම අපට අන්තිමට කිව්වෙ මෙහෙමයි "ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපංගයේ ආරක්ෂාවට නොමිලේ දෙන ඇන්ටි වයිරස් වැඩසටහක් හෝ  ස්ථාපනය කරන්න" කියාය.

දැන් පණ දාගෙන Antivirus Software හොයන්න ඕනෙ නෑ.....
ඔය පහළ තියෙන්නේ එවා තමයි.ඔය  link වලින් යන site  වලින් හොඳ එකක් ගන්න පුලුවන්. 

නැවත මෙවන් ලිපියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් !!!
Previous
Next Post »

2 comments

Write comments
Unknown
AUTHOR
March 22, 2015 at 10:35 AM delete

Windows phones Users ganath hithanna....

Reply
avatar
March 22, 2015 at 6:34 PM delete

:noprob: ඕකේ මචන් :like:

Reply
avatar