ලොව දැනටත් නොවිසදුණු අභිරහස් කිහිපයක් බලමුද?

සුබ දවසක් ඔයාලට. කාලෙකට පස්සේ මන් ඔයාලට ටිකක් වැදගත් වෙයි කියලා හිතපු පෝස්ට් එකක් ගෙනාවා. මන් හිතනවා ඔයාලා ඒකට කැමති  වෙයි කියලා. ඉතින් මන් ගිය සැරේ ඔයාලට කිව්වේ ඔයාලා සාමාන්‍යයෙන් බය වෙන්න ඕන දේට වඩා බය වෙන්න ඕනි දේවල් ටිකක් ගැන. ඉතින් අද මන් කියන්නේ හදන්නේ ලෝකේ මේ දක්වාත් විසදගන්න බැරිවුණු අභිරහස් 05ක් ගැන. එහෙනම් මොනාද කියලා අපි බලමු නේද? පල්ලෙහට බහිමු එහෙනම්. :)

01. මයලින් සිදුවීම



1889 ජනවාරි මස වියානා හි ග්‍රාමීය දඩයම් ලැගුම්පොලක මිනි 2ක් හමුවී තිබෙන අතර ඔවුන් මියගොස් තිබෙන්නේ වෙඩි පහරවල් වලින් බව වාර්තා විණි. මෙසේ මියගොස්ව තිබෙන්නේ රුඩොල්ෆ් නැමති කුමරවරයෙක් හා ඔහුගේ පෙම්වතිය වන වෙට්සේරාය. මියගිය රුඩොල්ෆ් කුමරුගෙ පියා මෙම ඛේදවාචකය වසන් කිරීමට උත්සහා දැරීමෙන් මෙම මරණය වට යම් අභිරහස්භාවයක් ඇතිවීමට තුඩු දුනි. බොහෝවිට මෙයට හේතුවී තිබුණේ රුඩොල්ෆ් කුමරු බෙල්ජියම් කුමරියක් සමග විවාහ වී සිටියත් වෙට්සේරා සමග අනියම් සබදතාවක් ඇති කරගත් නිසාවෙනි.

එසේ එම පෙම් යුවල මරණයට පත්වුනත් බෙල්ජියම් කුමරිය හා රුඩොල්ෆ් කුමරා අතර සම්බන්දය එලෙසම පවත්වා ගැනීමට වෙට්සේරා ගේ දේහය හොර රහසේ ගෙනගොස් වලලා තිබිණි. එසේ කිරීමට තවත් හේතුවක් වී ඇත්තේ සියදිවිනසා ගැනීමෙන් සිදුවන මරණ සදහා අවමඟුල් උත්සවයක් ක්‍රිස්තු පල්ලිය විසින් ඉඩ ලබා නොදීමයි.

එය එසේ සිදුවීමට හැකියාවක් ඇති බවට කිසිකෙනෙකු නොපවසන ලද අතර කටකතා අනුව රුඩොල්ෆ් කුමරු ඔහුගේ හමුදාව විසින් වස ලබාදී මරණයට පත් කරා යැයි කියැවේ. කෙසේ නමුත් පසුව රාජ්‍යයේ අධිරාජයා පාප් වහන්සේට කියා සිටියේ රුඩොල්ෆ් කුමරු ඔහුට ඇති වූ තාවකාලික උමතුවක් නිසාවෙන් වේස්ටේරා මරා පසුව තමන් සියදිවි නසාගෙන ඇති බවට තමා සැක කරන බවයි.

මේ මරණ පිලිබද බොහෝ කටකතා මතභෙද ඇති නමුත් මෙම මරණ දෙක සිදුවූ සැබෑ ආකාරය හොදින්ම දන්නේ එදින ලැගුම්පොලේ සිටිය ඔවුන් දෙදෙනා පමණි.

02. රෙඩ්පාත් මන්දිරය



1901 දී පමණ ඇඩා මාරියා මිල්ස් රෙඩ්පාත් හා ඔහුගේ පුතු වන ක්ලිෆ්(ර්)ඩ් ඔවුන්ගේ සුඛෝපභෝගි මන්දිරය තුල ඝාතනයට ලක්වූ අතර වැන්දඹුවක් වූ රෙඩ්පාත් මහත්මිය ධනවත් කෙනෙකු මෙන්ම රූමටික ආතරයිටීස් රෝගයෙන් පීඩා විදී අයෙකු වුවත් ඇයගේ පුතු වන ක්ලිෆ්(ර්)ඩ් හොද සෞඛ්‍ය සම්පන්නව සිටි අයෙකු මෙන්ම කැනේඩියානු නීතිඥ විභාගය සූදානම්ව සිටි අයෙකු බව වාර්තා විණි.

මේ මරණ පිලිබද එක් පුවත්පතක් අනුමාන කර ඇත්තේ ක්ලිෆ්(ර්)ඩ් හට විභාග හේතුවෙන් ඇති වූ ආතතිය පාලනය කිරීමට නොහැකිව තම මව හා තමන්ම ඝාතනය කර ගෙන ඇති බවයි. නමුත් වෙනත් පුවත්පතකින් සදහන් අර ඇත්තේ ඇයගේ මවගේ තිබූ අසනීපය හේතුවෙන් විදිනා දුක හේතුවෙන් ඇය ඇයගේම ජීවිතය නැතිකර ගැනීමට යන අවස්ථාවේ ඇයගේ පුතු එයට මැදිහත් වීමට ගොස් අහම්බෙන් ඇයගේ වෙඩි පහරින් ඔහුද මියගිය බවයි.

හදිසි මරණ පරික්ෂක සාක්ෂි රැස්කර වාර්ථා කිරීම අනුව, ක්ලිෆ්(ර්)ඩ් මීමැස්මොර රෝගයෙන් පෙලුණු අතර යම් තාවකාලික උමතුවක්ද ඔවුන් මියගිය දින තිබී ඇති බවට සදහන් විය. නමුත් මෙය සිදු වූ නියම ආකාරය තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇත.

03. ෆූ සටන්කාමින්ගේ සිදුවීම



දෙවන ලෝක යුද්ධයේදී අහසේ ඇති විවිධ වස්තු ආදිය නිරීක්ෂණය සදහා පත්කල කණ්ඩායම "Foo Fighters" ලෙස හැදින්වූ අතර එම යුධ කාලය අතරතුර ඔවුනට අමුතු මාදිලියේ ආලෝක ඉහල අහසේ දැකගැනීමට හැකිවූ අතර තැටියක් බදු රිදී වස්තුවක් වැනි හැඩයක් ඇති බවට කියැවිණි. 


1942 අගභාගයේදී රාජකීය ගුවන් හමුදාවේ නියමුවෙකු සුලි ප්‍රහාරක යානාවක යන අතර තුරදී තරමක් අමුතු ආලෝක එලි දෙකක් තම යානාව වෙත එන බව ඔහු දිටීය. පසුව ඔහු ගන්නා සෑම චලනයක්ම එම ආලෝක එලි දෙක එලෙසම ගනිමින් පසුපස එන බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය. ඔහු කොපමණ මෙය මගහැරීමට උත්සහා කලද ඔහුට එය කිරීමට නොහැකි විය. මෙහිදී ඔහු නිරීක්ෂණය කර පරිදී එම එලි දෙක තමා පසුපස එන්නේ ඒවා අතර යම් ඉඩ ප්‍රමාණයක්වත් තබාගෙන බව පෙනුණු අතර සැතපුම් කිහිපයකට පසු ඒවා නැති වූ බව ඔහු පැවසීය. 

මෙම ආලෝක එලි තවත් කිහිපදෙනෙක් දැකතිබෙන නමුත් එය හරියාකාරව කුමක්දැයි පැවසීමට තරම් තොරතුරු වාර්තා වී නොතිබෙන බැවින් මෙයද අභිරහසක් ලෙස පැවසිය හැකිය.

04. The Eilean Mor ප්‍රදීපාගාරයේ අභිරහස




1900 දී ස්කොට්ලන්ත දිවයිනේ එකම ජීවමාන ආත්මයක් බදු Eilean Mor ප්‍රදීපාගාරය රැකවලුන් තිදෙනෙකුගෙන් සමන්විතව තිබුණි. නත්තලට පසු දිනක නෞකාවක් මෙම දිවයිනට පැමිණි විට එහි නැවතුම් කූඩුව අසල කිසිම කෙනෙකු නොමැති බව ඔවුනට දක්නට ලැබුණි. සීනුව නාද කලත් ප්‍රතිචාරයක් නොවූ හෙයින් Eilean Mor හි ආදේශක රැකවලෙකු පරික්ෂාවට ප්‍රදීපාගාරය වෙතට යවනු ලැබීය. ඔහු පඩිපෙල නැග දොර අසලට පැමිණි පසු එහි දොරේ අගුලු දමා නැති බව දුටුවේය. පසුව ඔහු නිශ්ශබ්දව එය තුලට පිවිසීමෙන් එහි තුල වූ ජලවාහක ජැකට්ටු අතුරුදන් වී තිබුණු අතර මුලුතැන්ගෙහි තවමත් ඉතිරිව තිබූ ආහාර වේල්ද වැටි තිබූ පුටුද එමෙන්ම වෙලාව ද නැවතී තිබෙන අයුරුද දක්නට ලැබුණි. 

පසුව තවදුරටත් පරීක්ෂා කිරීමේදී අවසන් වරට පිවිසුම් ලෙස තෝමස් මා(ර්)ෂල් නැමැති තැනැත්තා දෙසැම්බර් 12 වැනි දින සටහන් කර තිබුණි. ඔහු සදහන් කර ඇති පරිදී එදින දැඩි සුලං තත්වයක් තිබී ඇති අතර එය ඔහුගේ ජීවිතයේදී දැක තිබෙන දරුණුම එකක් යැයි පවසා ඇත. 

නමුත් මෙම දූපත පේන මානයේ ඇති ලේවිස් හි දිවයිනෙ වාර්තා වන පරිදී එදින කිසිදු කුණාටු තත්වයක් මෙම දූපත අවට සිදු නොවූ බවයි.

එසේනම් එදින සත්‍ය වශයෙන් සිදුවූයේ කුමක්ද? එහි සිටි රැකවලුන් තිදෙනාට සිදුවූයේ කුමක්ද?

05. බුවෙට් දිවයිනේ ආරක්ෂක බෝට්ටුව



ගැඹුරු නින්දක සිටින ආකාරයෙන් ඇති දකුණු අන්ලාන්තික් හි බුවෙට් දිවයින මේ පොලොවේ ඇති හුදෙකලාම ස්ථානයකි. මෙය කෙතරම් හුදෙකලා ද කිවහොත් මෙයට ලගින්ම ඇති භූමිය ඇත්තේ 1,700KM ක් ඈතින්ය. 

බ්‍රිතාන්‍ය ගවේෂකයින් කණ්ඩායමක් විසින් 1964 දී මෙම දිවයිනට ආ විට අතහැර දැමු පෙනුමක් ඇති ආරක්ෂක බෝට්ටුවක් දක්නට ලැබුණු අතර මෙම බෝට්ටුව ඉතා හොද තත්වයේ තිබූ බව ඔවුනට දක්නට ලැබුණි. දර, හබල් වැනි උපකරණ තිබුණත් මෙහි තුල කිසිදු කෙනෙකු නොසිටිම පුදුම සහගත කරුණක් වුණි.

පසුව ඊට අවුරුදු 2 කට පසු තවත් ගවේෂණ කණ්ඩායමක් මෙහි එවන ලද අතර තවත් පුදුමයට පත්වූ කාරණයක් වූයේ එහි තිබූ එම ආරක්ෂක බෝට්ටුවද අතුරුදන් වී තිබීමයි.

දැනටත් එහි සිටි මිනිසුන් හා ඔවුන් සිටි බෝට්ටුවද අතුරුදන් වුයේ කෙසේද යන්න කිසි අයෙකුට පැවසීමට නොහැකි වී ඇත.

ඔන්න එහෙනම් අද දවසේ මන් ඔයාට කිව්වේ ලෝකේ තිබුණු මෙතෙක් නොවිසදුණු අභිරහස් සිදුවීම් කිහිපයක් ගැන. ඔයාලා පොඩි දෙයක් හරි මේ ලිපියෙන් ගත්තනම් මට ඒ ඇති. එහෙනම් මමත් නවතිනවා අලුත් පෝස්ට් එකක් එනකන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.

කාරුණික ඉල්ලීමයි :- ඔබේත් අපේත් වන මෙම බ්ලොග් අඩවියේ ඇති දැන්වීම් ක්ලික් කර තවත් මෙම බ්ලොග් අඩවිය ඉදිරියට ගෙනයාමට ඔබේ වටිනා දායකත්වය ලබාදෙන්න.

Previous
Next Post »