වසර 430,000 කට පෙර මිනිස් ප්‍රචණ්ඩත්වයක සළකුණු සොයාගැනෙයි



උතුරු ස්පාඤ්ඤයෙ ගුහාවක තිබී වසර 430,000 කට පෙර සිදුව ඇති මාරක මිනිස් ප්‍රහාරයක සලකුණු සොයගෙන ඇති බව සිදුකරන ලද පරීක්ෂණ වලින් පෙන්වා දී ඇත. ඒ අනුව පර්යේෂකයින් Pit of Bones නැමැති පෙදෙසෙහි තිබූ හිස්කබලක් සොයගෙන ඇති අතර එහි තවත් 28 දෙනෙකු වැනි පමණකගේ අවශේෂයන් දක්නට ලැබූ වාර්ථා වේ.

ඒ අනුව එම හිස්කබලේ බිදුම් සලකුණු දෙකක් තිබී ඇති අතර එය මන්නා පහරවල් දෙකකින් ඇතිවූ බිදීමක් නිසාවෙන් එය ඝාතනය කිරීමේ අරමුණින් කරන ලද්දක් බවට නිගමනය කර ඇති බව සදහන් වේ. තවද මේ පිලිබද විද්‍යාඥයන් පවසන්නේ මෙම සාක්ෂිය අනුව ප්‍රචණ්ඩකාරි සංස්කෘතියක් එදා මානවයන් අතරේද තිබී ඇති බවයි.


( හිස්කබලේ ඇති පැලුම් දෙක එකිනෙකට නොවෙනස් ලෙස පවතින බව CT ස්කෑනයෙන් පෙන්වන අයුරු )

මේ පිලිබද වැඩිදුරටත් සෙවූ අන්තර්ජාතික පර්යේෂක කණ්ඩායමක් වන Cranium 17 පවසන පරිදී මෙම හිස්කබලේ ඉදිරිපස ඇති මෙම පැහැදිලි බිදුම් දෙක සිදුකර ඇත්තේ එකම ආයුධයකින් යැයි ඔප්පු කර ඇත.

මෙම මිනිසුන් ඉහත සදහන් ගුහාවට පැමිණියේ කෙසේද යන්න නැගෙන ප්‍රෙහෙලිකාවේ කොටසක් පාදා දීමට සමත් වූ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී ස්පාඤ්ඤ භාෂාවෙන් මෙම ගුහාව හදුන්වන්නේ Sima de los Huesos ලෙස සොයාගෙන ඇත.

මෙම ගුහාව පිලිබද පලවන එක් මතයක් ලෙස එය සිරස් දිගු ලෙනක් හේතුවෙන් මෙම ගුහාව එම කාලයේ ජිවත් වූ සමාජ කණ්ඩායම්වල මියගිය සාමාජිකයන් තැන්පත් කිරීමට යොදා ගෙන ඇති බවට පැවසේ.

අවසාන වශයෙන් පර්යේෂකයින් පවසන්නේ මෙම කණ්ඩායම සතුව සමාජ ක්‍රියාකාරකම් තිබී ඇති බව මෙහිදි සොයාගත් සොහොන් ගෙයක් බදු ගුහාවෙන් පෙන්වන බවත් එය මානව පොසිලවල මුල්ම සුසාන පොසිලය බවට වාර්ථා තැබිය හැකි බවත් තවදුරටත් පෙන්වා දෙයි. 

Previous
Next Post »