ලොව සිදුවූ අභිරහස් මිනිස් අතුරුදහන්වීම්

අභිරහස් සොයා යන ගමනේ තවත් එවැනි වූ තේමාවක් අද අපි රැගෙන ආවෙමු. ඒ ලොව අභිරහස් ලෙස අතුරුදහන් වූ මිනිසුන් පිලිබදවයි.

01. සොඩර් ලමුන්

1945 යම් දිනක රාත්‍රියේදි මෙම රූපයෙන් දැක්වෙන ලමුන් අතුරුදන් වී ඇති බවට වාර්ථා වේ. ඔවුන්ගේ දෙමාපියන් වන ජෝ(ර්)ජ් හා ජෙනී සොඩර් හට ලමුන් 10ක් සිටි අතර පසුව ඔවුන්ගේ නිවහන ගින්නට හසුවීමෙන් ලමුන් අවාසනාවන්ත ලෙස මරණයට ලක්වී ඇත. ඔවුන් එසේ එම ගින්නට හසුවී මිය ගිය බව කියවුනත් ඔවුන්ගේ දේහ කොටසක්වත් එම නිවස තුලින් සොයා ගැනීමට නොහැකි වී තිබේ. ඔවුන්ගෙ දෙමාපියන් නිවසේ සුන්බුන්
සෙවීමට යාමෙන් එහි තුල ගින්නෙන් දැඩි හානියක් වී නොතිබීමත් වගා කර ඇති ඒවාද සොරාගෙන ගිය ලකුණු දක්නට ලැබුණි. තව දුරටත් මේ පිලිබදව සෙවීමේදී මෙම ගින්න දරුවන් පැහැරගැනීමේ අරමුණෙන් සිදු කල බව නිවසට පැමිණෙන දුරකතන කේබලය කපා තිබීමෙන් හා ඔවුන්ගේ නිවසේ තිබූ ඉනිමගෙන් පැහැදිලි විය.

කාලයත් සමග අවසානයේදී මෙම දෙමාපියන් මියගියේ තම පුතුන් හට සැබවින්ම සිදුවූයේ කුමක්දැයි නොදැනය.


02. ෆැන්ඩෙල් ලමයා


1978 සැප්තැම්බර් මස 4 වන දින ෆැන්ඩෙල් මහත්මිය තම ලමුන් සමග ඇලෙස්කාවේ ස්ටියලින් හි දවල් ආහාරය ගැනීමට ගොස් අවසානයේ තම ලමුන් ඔවුන්ගේ දැවයෙන් තැනූ නිවස වෙත පැමිණ පිටත් කර නැවත පිට වූවාය. පසුව ඇය පැමිණෙන්නට ඇත්තේ පාන්දර 2 හා 3 අතර වාර්තා වේ. උණු කරන ලද කලයක් උදුන මත තිබීමෙන් හා තබා තිබූ ආහාරද දැක ලමුන් ඒ වන විට අසල්වැසි නිවසක ඇති බව ඇය අනුමාන කරන ලදි. එම නිසා ඇය තම දරුවන් ගැන නොසිතා පසුදින උදය දක්වා නිදා ගත්තාය.

නමුත් පසුදින උදයේ ඔවුන්ගේ අතුරුදන් වූ බව ඇයට දැනගැනීමට ලැබුණු අතර මෙය සිදුවූයේ කෙසේද යන වග තමා පැවසුවොත් ඩොලර් 5000 තමාට අවශ්‍ය බව අතුරුදන් වී සිටින දරුවාගේ පියා වන රොගර් ගේ පෙම්වතියක් ප්‍රකාශ කර එති නිසා ඇය මෙම අතුරුදන් වීමට සම්බන්ධ බව රොගර් සැක කලේය. නමුත් මේ පිලිබද නිවැරදි මතයක් කිසි කෙනෙකු තුල නොවීය. කෙසේ නමුත් මේ පිලිබද එක කරුණක් පැවසිය හැකිය. මොවුන් පැහැරගෙන යන්නට ඇත්තේ මැදියම් රැයේය. ඒ හැර වෙනත් පිලිගත හැකි තර්කයක් නොවීය.

මෙය සිදු වී අවුරුදු 35 ක් ගත වී ඇතත් මෙම දරුවා පිලිබද කිසිදු කරුණක් වාර්ථා වී නොමැත.

03. McStay පවුල


ජෝස්ෆ් හා සම(ර්) සහ ඔවුන්ගේ දරු දෙදෙනාගෙ අතුරුදන් වීම 2010 වසරේ පෙබරවාරියේ සිදූ පුදුම සහගත ආකාරයේ එකක් විය. ආරක්ෂක කැමරා වල සටහන් වී ඇති පරිදී ඔවුන් සියල්ල තම වාහනයෙන් කැලිෆෝනියාවේ ෆෝල්බෘක් හි ඇති තම නිවහනෙන් පිටවී යන ආකාරය දැක ගැනීමට හැකිවී ඇත. නමුත් මෙක්සිකානු සීමාවට සුලු දුරකින් එති තීරු සංකීර්ණයක අතහැර දමා තිබූ ඔවුන්ගේ වාහනය පසුව සොයා ගන්නා ලදී. එහී භාරයේ සිටින්නන් නිරික්ෂණ පටිගත බැලීමේදී පවුලක් දක්නට ලැබුණු අතර McStay පාර මාරු වීමට උත්සාහ දරමින් සිටින බව අවබෝධ විණි. නමුත් එම රූපවල ඇති පැහැදිලිභාවය බොහෝ හීන බැවින් ඒ පිලිබද විශ්වාසය තැබීම අපහසු විය.

අවුරුදු 3කට පසු එම සීමාව භාරයේ සිටින්නන් පවසනු ලබන්නේ ඔවුන් සිතා මතා අතුරුදන් වී ඇති බවයි. නමුත් ඔවුන්ගේ බැංකු ගිණුම් වල 100,000$ වැනි අධික මුදලක් ඇති බවත් ඒවාගෙන් කිසිවක් රැගෙන නැති බවත් වාර්ථා වේ. කලින් සදහන් කල රූප රාමු වල සිටින්නේ එම පවුල නම් ඔවුන් ගියේ කොතැනටද? ඔවුන් මෙක්සිකානු සීමාව හරහා ගිය වෙතොත් යන්නට ඇත්තේ කොතැනටද? මේ සිදුවීම පිලිබද නානාප්‍රකාර මත ඉදිරිපත් වී එති නමුත් සත්‍ය කුමක්දැයි කවුරුත් නොදනිති.

04. ඉන්දියානා ඩියුන්ස් කත   


තරුණ මිත්‍ර  කතුන් තිදෙනෙකු වන 21 හැවිරිදි ඈන් මිලර්, 19 හැවිරිදි පැට්‍රිසියා බ්ලො(හ්) හා එම වයසේම පසුවන රෙනී බ්(ලො)හ් යන අය අතුරුදන් වී ඇත්තේ 1996 ජුලි මස දෙවන දිනේ ඔවුන් ඉන්දියානා ස්ටේට් උද්‍යානය නැරඹීමට යාමෙනි. ඔවුන් ලග තිබි දේ වෙරල පිටුපසින් සොයා ගනු ලැබූ අතර එම උද්‍යානයේ සිටි යුවලක් දැක තිබෙන පරිදී යුවතියන් තිදෙනෙක් විලකට බැස සුදු පැහැති බෝට්ටුවක නගිමින් එහි සිටි නොහදුනන තරුණයෙකු සමග කතා කරමින් සිටි බව පවසා සිටියහ. නමුත් එවැනි බෝට්ටුවක් මෙන්ම තරුණියන් ද සොය ගැනීමට නොහැකි විය.

මේ පිලිබද පරික්ෂණයක් කිරීමේදී, මිලර් නම් කාන්තාව මාස 3ක සිට ගැබ් ගෙන ඇති බවත් බ්(ලො)හ් හට ද එවැනි තත්වයක් ඇතිවීමේ හැකියාවක් තිබෙන්නට ඇති බව නිර්ණය කරන ලදි. මේ පිලිබද දරන එක් මතයක් ලෙස කලින් සදහන් බෝට්ටුවේ සිටි තරුණයා පවුලේ නීතිවිරෝධි ගබ්සා සිදු කිරීමට දැන සිටි රැල්ෆ් ලාගෝ ලෙසත් ඔවුන් කුප්‍රකට අපරාධකරුවෙකු වන සිලස් ජේන් නැමැත්තෙකු යටතේ සිටිය හැකි බවයි. නමුත් මේ පිලිබද සත්‍ය සිදුවීම මේ වන විටත් සොයා ගැනීමට නොහැකි වී ඇත.

05. ද ස්ප්‍රින්ග්පීල්ඩ් ත්‍රී


1992 ජුනි 7 වන දින 47 හැවිරිදි ශෙරිල් ලෙවිට්, 19 හැවිරිදි දියණිය වන සුසෑන් ස්ට්‍රීට(ර්) හා ඇගේ යහලුවෙකු වන 18 හැවිරිදී ස්ටැසී මැකෝල් යන තිදෙනා අභිරහස් ලෙස අතුරුදන් වී ඇත්තේ ස්ප්‍රිරින්ෆීල්ඩ් හි ශෙරිල් ගේ නිවසේ මැදියම් රැයකය.  ඔවුන්ගේ වාහන මෙන්ම පෞද්ගලික සියල්ල එලෙසෙම එහි තිබීමත් රූපවාහිනිය තවමත් ක්‍රියාකර තිබීමත් යම් අරගලයක් සිදු වී ඇති බවට සිතිය හැකි කැඩුනු ඉස්තෝප්පු බල්බයක් තිබෙණු දැකගත හැකිවිය.

මෙම සිදුවීමේ මුල් කරගෙන ඇති කරුණු පරිදී, සාක්ෂිකරුවෙකු ශෙරිල් ගෙ විස්තර අනුව බියවුණු බවක් දිස්වූ කාන්තාවක් ඊට පසු දින වෑන් රථයක් පදවාගෙන ගිය බවත් තමා නොහදුනන පිරිමි කෙනෙකු ඇයට මෝඩ වැඩ නොකරන ලෙස කියූ බව තමාට ඇසුණු පවසා සිටීය.

වැරදිකරුවෙකු වන රොබට් ක්‍රේග් නම් තැනැත්තා විසින් මෙම පැහැර ගැනීම කර පසුව මැරූ බවට ඉගි ලැබී ඇති නමුත් ඔවුන්ගේ දේහ හමු වී නොමැත.

කෙසේ නමුත් ඔවුනට සිදු වූයේ කුමක්ද යන්න පිලිබද දැනටත් කිසිදු හෝඩුවාවක් නොමැත.




ඔබ වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි :- ඔබ මෙම ලිපියෙන් යම් සුලු දෙයක් වත් ලබාගත්තා නම් තවත් මෙවැනිම වූ ලිපියක් නිර්මාණයට මෙම බ්ලොගයේ ඇති දැන්වීම් එක වරක් හෝ ක්ලික් කර ඔබේ වටිනා දායකත්වය අපට ලබාදෙන්න. 
Previous
Next Post »

1 comments:

Write comments