"වීඩියෝ ක්‍රීඩා ලමුන්ට ක්‍රමලේඛකයන් වීමට උදව් වෙනවා" ෆේස්බුක් නිර්මාතෘ මා(ර්)ක් සක(ර්)බ(ර්)ග් පවසයි


ෆේස්බුක් නිර්මාතෘ වන මාර්ක් මා(ර්)ක් සක(ර්)බ(ර්)ග් පසුගිය දිනවලදී පුදුම සහගත ප්‍රකාශයක් කර ඇති බවට වාර්ථා වේ.


ඒ අනුව ඔහු ප්‍රකාශ කල ආකාරයට, වීඩීයෝ ක්‍රීඩා තමන්ට ක්‍රමලේඛකයෙක් වීමට උපකාරි වීමත් එම නිසා අනෙක් ලමුන්ටද එලෙසම වීඩියෝ ක්‍රීඩා මගින් ක්‍රමලේඛනය කෙරෙහි නැඹුරු වීමට හැකි යැයි පසුගියදා ඔහුගේ උපන්දිනය සැමරූ උත්සවයේදි පැවසූ බව වාර්ථා වේ.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දර්ශනය වන දැන්වීම් එක වරක් හෝ ක්ලික් කර ඔබෙ වටිනා සහය අප වෙත ලබාදෙන්න. 


තවද ඔහුගේ ප්‍රියතම වීඩීයෝ ක්‍රීඩාව කුමක්දැයි ඇසූ විට ඔහු කුඩා කාලයේ කෙතරම් ඔහු එම ක්‍රීඩාවලට ප්‍රිය කරාද කිවහොත් ඔහුගේ තාක්ෂණය පිලිබද අත්දැකීම් හට එය මහත් දිරියක් දුන් බව ඔහු පවසා ඇත.

ඔහු මෙම වීඩීයෝ ක්‍රීඩා බොහෝ ප්‍රමාණයක් සකසා ඇති බවටත් කුඩා කාලය එම ක්‍රීඩාවල අත්දැකීමෙන් පිරී තිබූ බවටත් ඔහු තවදුර ප්‍රකාශ කරන ලදී. ඔහුට තම ක්‍රමලේඛන හැකියාව සදහා මෙම වීඩීයෝ ක්‍රීඩා ඉවහල් වූ බව පැවසූ ප්‍රකාශය පහලින් බලන්න.

" ඇත්ත වශයෙන්ම මා කුඩා කාලයේ වීඩීයෝ ක්‍රීඩාවල නොයැලුනා නම් මා කිසිදා ක්‍රමලේඛන ක්ෂේත්‍රයට නොපැමිණෙනු ඇත "

එමෙන්ම ඔහු ප්‍රකාශ කල සිටියේ මෙම ක්‍රීඩා තුලින් ලමුන්ට ලොව වටා ඇති විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් හැදිනගැනීමට අවස්ථාව සැලසෙන බවයි . ඒ අනුව අනාගතයේ දක්ෂ ක්‍රමලේඛකයින් බිහි වනු ඇති බව අවසානයෙ ඔහු ප්‍රකාශ කර ඇත.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දර්ශනය වන දැන්වීම් එක වරක් හෝ ක්ලික් කර ඔබෙ වටිනා සහය අප වෙත ලබාදෙන්න.

Previous
Next Post »