මේ වන තෙක් විස්තර කල නොහැකි වූ ඉතාලියේ නපුරු අභිරහස්



ඔන්න කලින් මන් ඔයාලට කිව්වේ ලෝකේ සිද්ධ වුණු අභිරහස් මිනිස් අතුරුදන්වීම් ගැනනේ. කියෙව්වේ නැත්නම් ඔය Highlight වෙලා තියෙන ලින්ක් එකෙන් යන්න. එහෙනම් අද මන් කියන්නේ යන්නේ ඒ වගේම අභිරහසක් ගැන. මොකක්ද කියලද බලන්නේ? ඔයාලා ඉතාලිය දන්නවනේ. ඔය ඉතාලියේ මේ වෙනකම් විස්තර කරන්න බැරි වුණු නපුරු අභිරහස් කිහිපයක් ගැන තමා ඕං අද අපි කතා කරන්නේ. යංකෝ පහලට.

කියවන ගමන් අපිටත් පොඩි උදව්වක් විදිහට ඔන්න ඔය පහලින් ඔයාලට පෙනෙන Ad වලට එක Click වත් දීලා Sup එකක් දෙන්න :)


පියර් පඔලෝ පැසොලිනි ගේ මරණය


1975 දී පැමිණි ඉතාලියේ මතභේදාත්මක සලරුවක් වූ සාලෝ නැමැති චිත්‍රපටයෙන් බොහෝ දෙනා ඇදිනගත් මෙම පුද්ගලයා ඔහුගේ භූමිකාව ලෙස චිත්‍රපට නිෂ්පාදයෙක් මෙන්ම කවියෙකු ලෙසද ත්‍යාග ලබාගෙන ඇති ඇත්තෙකි. එමෙන්ම ඔහු සමලිංගිකයෙකු ලෙස ද සිටීමට ප්‍රිය කර ඇත.

1975 දී නොවැම්බර් මස 2 වැනි දිනක ඔහුගේ දැඩි ලෙස විකෘති වූ සිරුර ඔස්ටියා හි වෙරලෙන් සොයාගැනුණු අතර ඊට පැය කිහිපයකට පමණ පෙර 17 හැවිරිදි තරුණයෙකු(සමලිංගිකයෙකු) වූ පෙලෝ පෙලොසි තැනැත්තා ඇල්පා රෝමියෝ හි වේගයෙන් යාම නිසා පොලිසිය විසින් ඔහු ගමන් කර රථය සොරකම් කරගෙන යන්නක් යැයි සැක පිට අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී එම රථය පියර් පඔලෝ පැසොලිනිගේ බව තහවුරු වීම හේතුවෙන් පෙලෝ පෙලෝසි ඔහු මැරූ බවට පාපෝච්චාරණය කරන ලදී.

එම පාපෝච්චාරණයට අනුව, පඔලෝ විසින් දුම්රියපොළේදී පෙලෝසි ව ගත් අතර පසුව අවන්හලටද ඉන් පසුව වෙරලට ද ගොස් ඇත. පසුව පඔලෝ විසින් පෙලෝසි හට ලී කෙවිටකින් යම් ලිංගික ක්‍රියාවක් සිදුකිරීමට යාමේදි එක්වරම පෙලෝසි විසින් පඔලෝ ට පහර දෙන ලදී. මෙහිදී බියපත්ව සිටි පෙලෝසි විසින් ඔහුගෙ කෙවිට උදුරාගෙන මැරෙන තෙක් පහර දීම සිදුකරන ලදි.

නමුත් අධිකරණ වෛද්‍ය පරීක්ෂක විසින් පෙන්වන ලද ආකාරයට තවත් කෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර පෙලොසි ගේ පාපෝච්චාරණයට මෙය ප්‍රතිවිරෝධි බවින් යුක්ත විය. තවද කොල අත් දිග කබා ඇදුමක් පෙලෝසි විසින් පැහැරගෙන ගිය මෝටර් රථයේ පසුපස ආසනයේ තිබූ අතර ගමන් ගන්නා අයගේ ආසන කොටසේ ඉහල වහලයේ ලේ පැල්ලම් සොයා ගත් අතර පොලිසිය විසින් පෙලෝසි ගමන් ගත් එම රථය නැවැත්වීමට පෙර මොටර් බයිසිකල් කිහිපයක් හා මෝටර් රථයක් පෙලෝසි පසුපස හඹා ආ බව සොයා ගන්නා ලදී.

2005 දී පෙලෝසි මෙම සිද්ධිය පිලිබද තමා පැවසූ දේ වෙනස් කලේය. ඒ අනුව ඔහු පැවසුවේ එදින නව ෆැසිස්ට්වාදීන් තිදෙනෙක් පැසොලිනි බොරුකාරයෙක් හා දූෂිත කොමියුනිස්ට්වාදියෙක් යැයි කෑගසමින් ඔහු මරා දැමූ බවයි.

නමුත් මෙම ඝාතනය සිදුවූයේ කෙසේද? කවුරුන් විසින් මොහු ඝාතනය කලාද? 

ලුසිඩියෝ අබි



මෙම ස්ථානය ඉතාලියේ ඇති හොල්මන් සිටින තෝතැන්නක් යැයි පැවසේ. නැපෝලියන් නැමැති අධිරාජයන් ඇතුලුව තවත් පාලකයන්ගේ අණසක යටතේ පැවතී මෙම ලුසිඩියෝ අබි අද වන විට නවීන සහල් ගබඩාවකි. 

එහි ඇතුලත ගත් විට බොහෝවිට මීදුම් ස්වභාවයෙන් ඇති අතර ඇඩියාවන් ඇසෙන බව පැවසේ. එමෙන්ම මෙහි ඇති නිවාස ගත් විට එම එක් නිවාසයක සුරක්ෂිත මලසිරුරක් බිත්තියක් තුල වලලා තිබී සොයාගෙන ඇති අතර තවත් මෙවැනි මලසිරුරු දැකගත හැකි බව පැවසේ. එමෙන්ම මේ අවට කබායක් පැලද ගත් චරිතයක් මේ අවට සිටිනු බොහෝ දෙනා දැකගත හැක.

මෙම ස්ථානයේ වෙසූ පාලකයන් කොපමණ දෙනෙක් රහස් මෙම ස්ථානයේ වැලලී ඇත්ද? නමුත් දැනටත් කිසිවෙකුටත් ඒවා පාදා ගැනීමට නොහැකිව ඇත. 

Ustica ව්‍යසනය



1980 දී ජුනි 27 වන දින ඉටෙවියා ගුවන් සේවයේ 870 දරණ ගුවන්යානය බොලොග්නා සිට පැලෙමෝ දක්වා ගමන් ගත් අතර පැයකට පමණ පසු එහි දර්ශන පථය අතුරුදන් වෙනු දැකගත හැකිවිය. ඉන් පැයකට පමණ පසු Ustica හි අසල Tyrrhenian මුහුදෙහි එහි සුන්බුන් තිබෙන බව වාර්ථා විනි. තවද එම අනතුරෙන් බේරුණු කිසිවෙක් නොවූ බව අසන්නට ලැබිණි.

මෙය සිදුවූ ආකාරය පිලිබද ඉදිරිපත් කල මත අනුව, වඩාත් ප්‍රමුඛ වූ කරුණක් වූයේ මෙම ගුවන් අනතුර සිදුවෙන්නට ඇත්තෙ හමුදා මිසයිලයකින් පහර දීමෙන් යන බවයි. එය ප්‍රමුඛව ගැනීමට හේතුව වූයේ 1990 දී තිබූ යුධමය තත්වයයි. ඒ අනුව ඉතාලි රජයට හා එහි නේටෝ මිත්‍ර හමුදාව හට මෙම ප්‍රහාරය පිලිබද චෝදනා එල්ල විය.

1997 දී ප්‍රසිද්ධ කල රේඩාර් වාර්තාවට අනුව, එම 870 ගුවන්‍යානය අතුරුදහන් වූ පෙදෙසේ තවත් යුද යානා 7 ක් අතුරුදන් වී ඇති බව පෙන්වා දෙන ලදී. නමුත් මේ සිදුවීම් පිලිබද වැඩිදුර කරුණු අනාවරණය වී නොමැත. මෙම සියලු යානා එකම ස්ථානයක අතුරුදන් වූයේ කෙසේද?

කැරොනියා හි ගිනිකෙලි



කැරොනියා යනු සිසිලියේ වයඹ දෙසින් ඇති මුහුදු තීරයත් ඊට එපිටින් පිහිටන රේල් පාරත් අතර පවතින කුඩා නගරයකි. 2004 වර්ෂයේ ඉහත මෙම නගරයේ ඇති කැනේටෝ පෙදෙස ආශ්‍රිත අස්වාභාවික ගිනිගැනීම් හා විශ්මයජනක විදුලි ක්‍රියාකාරකම් සිදු වී ඇත. වාර්තා වන ආකාරයට මෙට්ට, පුටු, රූපවාහිනි යන්ත්‍ර හා කුස්සියේ ඇති උපකරණ ආදිය කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව ගිනි ගැනීමට ලක්වී තිබීමත් එම පෙදෙසේ තිබූ මෝටර් රථ ස්වයංක්‍රීයව අගුලු වැටීම හා ජංගම දුරකථන ඇමතුමක් නොපැමිණම නාද වීම දැකගත හැකිවිය. මෙම නගරයේ විදුලිය කප්පාදු කල පසු මෙම තත්වය කෙටි වෙලාවකට නැවතීම සිදුවී ඇති නමුත් සතියකට පසු මෙම තත්වය කලින් කල නැවත පැමිණ ඇත.

මෙය සිදුවන්නේ කෙසේදැයි එරට කිසිදු ආයතනයකට විස්තර කිරීමට නොහැකි වී තිබෙන අතර මේ පිලිබද පලවූ එක් මතයක් වන්නේ භූගත ගිනිකදුවලින් නිකුත් කරන විදුලි ප්‍රහාර නිසා බවයි. කෙසේ නමුත් දැනටත් ඉතාලියේ සිදුවන මෙම සිදුවීම පිලිබද හරියාකාරව විස්තර කිරීමට කිසිවෙකුට නොහැකි වී ඇත.

අම්මෝ ඔන්න ලියලා ලියලා මාර මහන්සි. කමක් නෑ මේක කවුරුහරි කියවනවනේ. මොකක් හරි දෙයක් දැනගන්න පුලුවන්නේ එතකොට. මන් මෙච්චර මහන්සි වුන එකට අවුලක් නෑ ඔයා මේක කියවලා මොනාහරි ගත්තනම්. 

ආ! ඒක නෙමේ ඔයා අද මේ ලිපිය කියෙව්වනම් ඔයා මේකට කැමතීනම් තවත් මේ බ්ලොග් එක දුකක් විපතක් නොවී මේ වගේ පෝස්ට්ටුවලින් පුරවන්න කැමතීනම් මේ බ්ලොග් එකෙ Ad වගයක් දැක්කනේ. එයින් එකක් Click කරන් යන්න ඔයා කැමති නම් :D


තව දෙයක්! ලියලා පෝස්ට් වල තව මොනාද එකතුවෙන්න ඕනේ? තව කරුණු මදිද? ලියලා තියෙනවා වැඩිද? කියලා පහලින් ඔය කැමති නම් Comment එකක් දන්න. එහෙනම් බුදු සරණයි ඔක්කොටම. ගිහින් එන්නම්.

Previous
Next Post »

1 comments:

Write comments