මිනිසුන් විසින් සිදුකරගෙන ඇති විශ්මයජනක ශරීර වෙනස්කම් කිහිපයක්


පසුගිය සතියේ අප කතා කලේ මාර්ක් සකර්බර්ග් ගේ විශ්මයජනක ප්‍රකාශයක් ගැන අතර අද ඔබට ලබාදෙන්නේ සමාජ ගණයට වැටෙන ලිපියකි. ඒ අනුව ලොව සංස්කෘතිය අනුව සමහරක් තම ශරීරය නොයෙකුත් ක්‍රම විධි හරහා වෙනස්කම් කරන බව ඔබ අසා තිබෙන්නට ඇත. එසේ නම් අද අප කතා කරන්නේ ලොව එවන් මිනිසුන් විසින් සිදුකරගෙන ඇති පුදුමසහගත ශරීර වෙනස්කම් කිහිපයක් ගැනය.


ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එක වරක් හෝ ක්ලික් කර ඔබේ වටිනා සහය අප වෙත ලබාදෙන්න.


සම් ඇදීම



සම් ඇදීම ඔස්සෙ සිදු කරන මෙම ක්‍රියාව පොදු පුහුණුවිමක් ලෙස අප්‍රිකාවේ ජනප්‍රිය අතර මෙම ක්‍රමවේදයේ බටහිර රටවල තරුණයන් අතර ප්‍රචලිත ක්‍රමයකි. මෙම ඇදීම සිදුකරන්නේ නාස්, කන් හා තොල් ආශ්‍රය කරගෙනයි.

උගුර තුල විදීම්  


මෙහිදී උගුරු තුල ඇති තල්ලත් පිටුපස ඇති ඉලිප්සාකාර හැඩයෙන් යුත් පටක හරහා යම් විසිතුරු දෙයකින් විදීම සිදුකරන අතර මෙම කාර්‍යය අනික් විදීම් මෙන් සුලුපටු නොවන බව රූපය දෙස බලන ඔබට සිතෙනු නොඅනුමානය. එමෙන්ම මෙය සිදු කිරීමේදී අපහසුභාවයක් මෙන්ම අධික වේදනාවක් ඒම හේතුවෙන් මෙය සිදුකරගැනීමට ප්‍රිය කරන්නේ කවුරුදැයි ඔබ සිතෙනු ඇත. 

තොල් මැසීම



තවත් තොල් සම්බන්ධව සිදුකරන ලද වෙනස්කමක් වන මෙය චාරිත්‍රානුකූලව සිදුකරන ක්‍රියාවක් බව වාර්ථා වේ. එමෙන්ම මෙම තොල් මසා වැසීම සම්බන්ධව බොහෝ සලකුණු ඇතැයි කියැවේ. ඒ අනුව දේශපාලන විරෝධතා වලදී මෙම ක්‍රමය යොදා ගන්නා බව වාර්ථා වේ.

එල්ලීම



මෙම මිනිස් එල්ලා තැබීම සිදු කරන්නේ ශරීරයේ තෝරාගත් විශේෂිත ස්ථාන වල කටු ලෙස ඇති කොකු වලින් ඇණ ඒවාට සම්බන්ධිත ලණු වලින් පොලොව මට්ටමෙන් උඩ එම කටු ගැසූ ශරීරය එල්ලා තැබීමයි. එමෙන්ම මෙම එල්ලීමේ විවිධ ක්‍රමවේද ඇති අතර කොමා ආකාරය හා සුපර්මෑන් ආකාරය ලෙස ඇති අතර,

වැඩිදුර දැනගැනීමට,

කොමා ආකාරය යනු පපුව, පපු ප්‍රදේශයේ විශේෂිත තැන් හා කකුල් මෙම ඇමිණුම් කටු ආකාරයෙන් පේලි දෙකක් ඔස්සේ එල්ලා තබයි.

සුපර්මෑන් ආකාරය යන ආකාරය සිදුවන්නේ කොමා ආකාරයට විරුද්ධ ආකාරයෙනි. ඒ අනුව මුහුණ යටි අතට සිටින පසුපස පෙදෙස් හා කකුල් ඇමිණුම් කටු වලින් එල්ලා තැබීම සිදුකරයි. 

උල්වූ දත්



මෙම ඉදිරිපස කෘන්තක දත් තියුණු කිරීම මිනිසුන් විසින්ම පුහුණුවක් ලෙස සිදුකරගෙන ඇති අතර ඉතිහාසයේ දී, මෙම ක්‍රියාව ආත්මීය අරමුණු වෙනුවෙන් සිදුකල ලද්දක් බවත් වර්තමානයේ සැරසිලි/විලාසිතා ලෙස භාවිතයට ගන්නා බවටත් වාර්තා වේ.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එක වරක් හෝ ක්ලික් කර ඔබේ වටිනා සහය අප වෙත ලබාදෙන්න.


එසේ නම් අප ලොව පුදුමසහගත ශරීර වෙනස්කම් කිහිපයක් පිලිබද ඔබ දැනුවත් කලෙමු. ඔබ මෙම ලිපිය කියවා අවසන් නම් ඔබේ යාලුවාටත් මෙම ලිපිය බැලීමට පහලින් Share කරන්න. එසේ නම් අප සමුගන්නවා. තවත් ලිපියකින් හමුවෙමු. 
Previous
Next Post »