ලොව අමුතු ගණයේ රැකියා


ආයුබෝවන්! කලින් මන් ඔයාලට කිව්වේ ඉතාලියේ අභිරහස් ටිකක් ගැන විස්තරයක්නේ. ඉතින් අද මන් කියන්න හදන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. රැකියා කියන්නෙ ලෝකේ ගොඩක් පුලුල් දෙයක්නේ. හැම කෙනෙක්ම රැකියාවක් කරලා තමයි ජීවත්වෙන්නේ. ඒ හින්දා තමයි රැකියා මිනිස්සුන්ට ගොඩක් සමීප. ඉතින් අද මන් පෙන්නන්න හදන්නේ ඔයාලා සමහරවිට කවදාවත් අහලා නැතිවුණු රැකියා කිහිපයක් ගැන. එහෙනම් බලමු නේද ඒ මොනවද කියලා? :)

පෝස්ට් එක බලන ගමන් කරන යුතුකමක් විදිහට මේ බ්ලොග් එකේ ඔයාලට පේන Ad එකක් හරි Click කරලා අපිට උදව්වක් කරන්න.


මිනිසුන් දුම්රිය වෙත තල්ලු කිරීම


මෙම රැකියා වල නිරත වෙන අය අපට හමුවන්නේ ජපානයේ ඔශියා වල. මෙම දුම්රියපොලේ ඉන්න අධික පිරිස දුම්රිය වෙතට කෙසේ හෝ දුම්රිය වෙතට ඇතුල් කරන දෙන්නෙක් තමයි උඩ රූපයෙන් පේන්නේ. කොහොම උනත් එයාලට මේ කරන මෙහෙයට අනිවාර්යෙන් ගෙවන්න ඕනේ නේද?

අවමගුල් විලාප


ආසියාවේ හා ඇ.එ.ජ. සමහර පෙදෙස්වල අවමගුල් අවස්ථාවකදී ඒ වෙනුවෙන් අඩන පිරිසක් සදහා මුදලින් ගෙවන බව ඔබ දන්නවද? පුදුමත් ඇති නේද?

කුකුලොද කිකිලියොද?


මොකක්ද කියලා බලනවා ඇති. තේරුම තමයි මේ වගේ කුකුල් පැටව් ගෑණු අයද  පිරිමි අයද බලන කෙනාට මුදල් ගෙවනවා කියලා. ටිකක් විතර අවිශ්වාසයක් ආවා නේද? මේ වගේ රැකියා දෙන එකට හේතුව කියලා මන් හිතන්නේ නම් හිමිකාරයොන්ට වැඩ රාජකාරි බහුල හින්දා කියලා.

කාර් අංක තහඩු වසාගෙන සිටීම


ඉරානයේ ටෙහෙරාන් වල බොහෝවිට බලපත්‍ර කල අංක තහඩු සහිත වාහන වලට පමණක් යෑමට ඉඩ දෙන නිසා එවන් අවස්ථාවල බොහෝ අය තම ඉදිරි කොටස වහගන්න මුදල් ගෙවලා මිනිසුන් ගන්න බව ඔයාලා දන්නවද?  මාර ජොබ් නේද?

කන් පිරිසිදු කිරීම


ඉන්දියාවෙන් තමා මේ රැකියා ගැන අපට වාර්තා වෙන්නේ.

අලු බදුන් නිර්මාණය


වර්ජිනියාවේ සමාගමක් වෘත්තීය ලෙස මැරුණු මිනිස්සු වෙනුවෙන් අලු බදුන් නිර්මාණය කරනවා කියලා තමයි කියන්නෙ.

සමාව අයැදීම


පුද්ගලයන් වෙනුවෙන් සමාව අයැදීමට මිනිසුන් මුදලට ගන්නා බව අපට වාර්ථා වන්නේ ජපානයෙන්. 

කටින් සුවද විහිදුවීම


දන්තාලේප හා මින්ට් සම්බන්ධ ආයතන විසින් එයාලගේ කටයුතුවලට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමෙන් මින්ට් සුවද තබා ගන්න කාර්‍යට මිනිසුන් මුදලට ගන්නවලුනේ.

තාරවන් බලාගැනීම


සමහර විදේශීය රටවල හෝටල්වල ලස්සන වටපිටාවක් සදහා ඇතිකරන මේ පාත්තයෝ එහෙට මෙහෙට ගෙනියලා කූඩුවලට දාන්න මිනිසුන් මුදලට රැගෙන තියෙනවා.

ඔන්න එහෙනම් අද මන් අමුතු වර්ගයේ රැකියා ටිකක් ගැන ඔයාලට කිව්වා. සමහරක් ඒවා කොහොමත් පිලිගන්න බැරිව ඇති. මමත් කරුණු ගත්තේ ටිකක් ප්‍රසිද්ධ ලිපි තියෙන ඉංග්‍රීසි වෙබ් අඩවියකින්. මෙතනින් ගිහින් එයාලගේ ලිපියත් බලන්නකෝ.

එහෙනම් අද පෝස්ට් එක ඔයාලා රසවින්දා නම් මේ බ්ලොග් එකෙ තියෙන Ad එකක්වත් Click කරලා අපිට Sup එකක් දෙන්න කියන ගමන් අපි සමුගන්නවා. ඔබට ජය.

Previous
Next Post »