අඟහරු ග්‍රහයා මත විලක් සොයාගනියි



අඟහරු ග්‍රහයා මත ඇති කියුරියෝසිටි රොබෝරෝවරය විලක් සොයාගනී.  

අඟහරු මත සිටින කියුරියෝසිටි රොබෝරෝවරය මේ දිනවල ගවේෂණය කරන ගේල් ආවාටය අතීතයේ ජලයෙන් පිරී තිබුණු විලක් බව නිශ්චිතවම තහවුරු කරන සාක්ෂි හමුවී ඇතැයි නාසා විද්‍යාඥයෝ කියති. කියුරියෝසිටි රොබෝ රෝවරයෙන් ලැබුණු ඡායාරූප හා වෙනත් දත්තයන් විශ්ලේෂණය කර ඇති ඔවුන් පවසන්නේ ජල පහරක් ගලන විට එය ඉතිරි කර යන ඛනිජ ලවණ වැනි සංඝටකයන් ගේල් ආවාටයේ තැන්පත්ව ඝණවී තිබෙනු ඉන් හඳුනාගත හැකිවූ බවයි.

විද්‍යාඥයින් මුලින් සිතා සිටියේ අඟහරු මත සම්පූර්ණ සිසිල් කාලගුණයක් පවතින්නට ඇතය යන්නය. මුල්ම මතයවී තිබුණේ ජලය තිබෙන්නට ඇත්තේ අයිස් ලෙස බව යි.  එත් දැන් ලැබී තිබෙන තොරතුරු වලට අනුව වසරේ එක් කාලයක අඟහරු මත ජලාශ හා විල් පැවති උණුසුම් කාලගුණයක්ද, අනෙක් කාලයේ එම ජලාශ ඝණවී අයිස්වන සිසිල් කාලගුණයක්ද පැවත ඇත.  මෙය මුල් මතයට වඩා වඩා වෙනස් මතයක් ය.  නමුත් මේ නව සොයාගැනීම  අඟහරු වලට ගැලපෙන කාලගුණ ආකෘතියක් නිර්මාණය කිරීමටත් සිදුවන බව විද්‍යාඥයෝ පවසති.

 ජලය ද්‍රව ස්වරූපයෙන් පැවතුනු බවට මෙසේ ප්‍රබල සාක්ෂි හමුව තිබීමත් සමග අඟහරු මත ජීවය තිබී ඇතැයි යන මතය නැවත වරක් කරළියට පැමිණ තිබේ. ජලය ද්‍රව ලෙස පැවතුනේ නම් ජීවයක් පැවතීමට ඉහළ සම්භාවිතාවක් තිබෙන බව විද්‍යාඥයෝද පිළිගනිති. මේ සම්බන්ධව පර්යේෂණ කටයුතු ඉදිරියේදී සිදුකෙරෙණු ඇත. මේ තොරතුරු අඟහරු ජයගැනීමට නාසා ආයතනය දියත් කර තිබෙන වැඩසටහනේ ඉදිරි කටයුතු වෙනුවෙන් යොදාගැනීමට යන බව සදහන්ය. 

ඔන්න ඉතින් අපි අද ඔයාලට අලුත් සොයා ගැනිමක් ගැන කිව්වා. එහෙනම්  ඊලග ලිපියෙන් හම්බෙනකන් අපි නවතිනවා. ඔබට ජය. 

කාරුණික ඉල්ලීමයි :- ඔබේත් අපේත් වන මෙම බ්ලොග් අඩවියේ ඇති දැන්වීම් ක්ලික් කර තවත් මෙම බ්ලොග් අඩවිය ඉදිරියට ගෙනයාමට ඔබේ වටිනා දායකත්වය ලබාදෙන්න.

Previous
Next Post »