ඇස් අදහගත නොහැකි රුසියාවේ විශිෂ්ට නිපැයුම්


ලොව තාක්ෂණය පිලිබද කතා කරන මෙම මොහොතේද එය සිතාගැනීමට නොහැකි අයුරින් දියුණු වෙමින් පවතී. එවන් තාක්ෂණ ලෝකයේ විශ්මිත නිපැයුම් ලොවට ලබාදෙන ලෝක බලවත් රටක් ලෙස ඉහලින් වැජබෙන රුසියාව පිලිබද අද දිනයේ කතා කිරීමට අප සූදානම්. එසේ නම් රුසියානුවන් විසින් නිෂ්පාදිත ඇස් අදහගත නොහැකි විශිෂ්ට නිපැයුම් කිහිපයක් පිලිබද අද දිනයේ මෙසේ ඔබ වෙත දිගහරින්නෙමු.


ඉල්ලීමයි :- මෙම ලිපියේ දර්ශනය වන එකදු දැන්වීමක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු සහය ලබාදෙන්න.


පෙර ලිපිය :- මිනිසුන් විසින් සිදුකරගෙන ඇති විශ්මයජනක ශරීර වෙනස්කම් කිහිපයක්

The Zubr Amphibious Assault Boat


මෙම Zubr යාත්‍රාව ප්‍රායෝගිකව චලනය වන විට නොපෙනෙන අතර ගමන් කරන විටදී ගසාගෙන එන රළ සාමාන්‍ය ආකාරයෙන් වෙරළට ඒම පමණක් දක්නට ලැබීම මෙහි දක්නට ලැබෙන විශේෂත්වයකි. ඒ කෙසේ වුවත් දරුණු ඝෝෂාවකින් යුතු මෙම යාත්‍රාව ලොව වේගවත්ම හා විශාලම දිය ගොඩ දෙකෙහිම ගමන් කල හැකි ප්‍රහාරක යාත්‍රාවක් ලෙස සලකනු ලබයි. එය පිලිබද වීඩියෝවක් පහලින් බලන්න.


මෙම Zubr යාත්‍රාව හට අධි තාක්ෂණික අවි සහ හමුදාවන් විශේෂ ස්ථාපනයන් ගෙන් තොරව මුහුදෙන් වෙරළට ප්‍රවාහනය කලහැකි අතර අයිස් ස්තරවල පවා ගමන් කිරීමට හැකිවීම තවත් විශේෂත්වයකි. 

The Palma Anti Aircraft Artillery Missile System


රූපය දෙස බලන ඔබට මෙම ප්‍රහාරක නිපැයුම විශිෂ්ට යැයි පෙනෙනු නොඅනුමානය. මෙහි හිස් කොටසේ මුදුනේ ගෝලයක් තුල උපදෙස් සපයන ලද අක්ෂි ඉලෙක්ට්‍රොනික පද්ධතියකින් හෙබි අතර ඇස කොටසේ හා කට කොටසේ(පහල කොටසේ) වීඩියෝ හා අධෝරක්ත නාලිකා වලින්ද ලේසර් ඉලක්ක කරනයන් ස්ථාපනය කොට ඇත. තවද මෙම ගාත්‍රා ලෙස පවතින කොටස් වලින් වේගවත් ලෙස කාලතුවක්කු ප්‍රහාර එල්ල කල හැකි අතර ප්‍රතිගුවන් ප්‍රහාර සදහා මිසයිල පද්ධතිවලින් ද සමන්විත වේ. 

පස්වන පරම්පරාවේ පුරෝගාමි ගුවන්යානය - The SU-47 Berkut 



මෙම ගුවන්‍ යාත්‍රාවේ අනවශ්‍ය ස්ථානයක කුඩා පියාපත් දෙකක් තිබෙන ඔබ නොදුටුවානම් මෙය සාමාන්‍ය ආකාරයේ අහස් යාත්‍රාවකට සමාන එකක් යැයි පෙනෙනු ඇත. මෙවැනි යානාවක සිට ගමන්ගන්නා විටදී ඉක්මන් පලායෑමක් සිදුකරනවිට වේගය හොදින් පවත්වා ගනිමින් යානය ජලයට වැටීමකින් තොරව තිරස් ආකාරයේ පියාසර කිරීමක් සිදුකරමින් ඒ සදහා ඉඩදීමේ කාර්‍යය මෙම කුඩා පියාපත් වලින් ඉටුකිරීම විශේෂත්වයකි.

තවද මෙම යාත්‍රා අඩු වේගයෙන් යුක්තවද පාලනය කර හැකි අතර වේගවත්ව භ්‍රමණය සහිත කොටසට පෙර වලිග කොටස මුලින් පියාසර කිරීම මෙහි දක්නට ලැබෙන තවත් විශේෂත්වයකි.

පියාසර කරන නැව



මෙම යාත්‍රාව නැවක හා ගුවන්යානයක දෙමුහුන් ලෙස සැකසු නිපැයුමකි. ජලයෙහි සිට මීටර් කිහිපයක් ඉහලින් පැයට සැතපුම් 311 ක වේගයෙන් ගමන් කල හැකිවීමත් මුහුදු බෝම්බ වලට හසුනොවී රේඩාර් දර්ශන පථවලට නොදැනි ගමන් කර හැකිවීමත් එහි ඇති විශේෂත්වයකි.

මතුපිට ක්‍රියාකරන ලද යාත්‍රා කාණ්ඩයට අයත් වන මෙය වර්ග දෙකකින් නිපදවා ඇත. Orlyonok සහ Lun ලෙස මේවා නිෂ්පාදනය කල බව වාර්ථා වේ.

එසේ නම් අද දිනයේ රුසියාවේ දියුණු තාක්ෂණික නිපැයුම් පිලිබද ඔබ දැනුවත් කලෙමු. එසේ නම් තවත් මෙවැනි වූ ලිපියකින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අප සමුගන්නවා. ඔබට ජය.

ඉල්ලීමයි :- මෙම ලිපියේ දර්ශනය වන එකදු දැන්වීමක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු සහය ලබාදෙන්න.


ඔබ වෙත කරන දැනුම්දීමයි :- මෙම බ්ලොගයේ ඇති දැන්වීම් වලින් අප මෙතෙක් ලැබු කිසිදු මුදලක් නොමැත. මුදල් පසුපසම යනවානම් අප මෙම බ්ලොගය අතහැර බොහෝ කල්ය. 
Previous
Next Post »