එක්සත් ජනපදයේ හා එකසත් රාජධානියෙහි වෙනස්ම තේරුමකින් භාවිත වන පොදු වචන 10 ක්



යුරෝපයේ එක්සත් රාජධානිය(UK) හා ඇමෙරිකා එක්සත් ජනපදය(US) නොදන්නා කෙනෙකු නැත. ඒ එම රටවල් වල ඇති එයටම ආවේණික වූ විශේෂතා හේතුවෙනි. අද දිනයේ අප ඔබට පෙන්වන්නේ මෙම රටවල් දෙකෙහි වෙනස්ම තේරුමකින් භාවිතා වන පොදු වචන 10 ක් පිලිබදවයි.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ ඇති දැන්වීම් එකවරක් හො ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය අප වෙත ලබාදෙන්න.


Let :- ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙහි තේරුම වන්නේ යමකට(ක්‍රියාවකට) ඉඩදීම ලෙස වුවත් එක්සත් රාජධානියේදී මෙය භාවිතාවන්නේ යම් දෙයක් කුලියට දීමක් වැනි අර්ථයකින්ය.(කාමරයක් බදුදීම ලෙස)



Lemonade :- ඇමෙරිකා එක්සත් ජනපදයෙහි මෙය හදුන්වන්නේ පිරිසිදු ජලය සමග ලෙමන් සහ සීනි එකතු කර සාදාගත් පානයකටය. නමුත් එක්සත් රාජධානියේ මෙයින් හදුන්වන්නේ ස්ප්‍රයිට් හෝ 7 අප් වැනි කාබනිකෘත පානයන් වලටය.


Garden :- ඇ.එ.ජ. යෙහි මෙම වචනයෙන් හදුන්වන්නේ පැලෑටි සහ එලවලු ආදිය වගාකර ඇති පෙදෙසකටය. එහෙත් එ.රා හි මෙයින් හදුන්වන්නේ ගෙය අවට ඇති බිම් කොටසකටය. 



Ring :- මෙහි පොදු තේරුම වන්නේ යමක් නාද ගැන්වීමයි. එක්සත් ජනපදයහි මෙය කෙනෙකු මිලදීගත් යමක් මුදල් කවුන්ටරයෙහි ඇතුලත් කිරීමේ තේරුමකින් භාවිතා වුවත් එක්සත් රාජධානියේදි මෙම වචනය භාවිතා කරන්නේ කෙනෙකුට අඩගැසීමයි.



Full stop :- ඇමෙරිකා එ.ජ යෙහි මෙය හදුන්වන්නේ ඉක්මනින් එහා මෙහා යන වාහන තදබදයක් ලෙසයි. නමුත් එක්සත් රාජධානියෙහි මෙය යම් ලියවිල්ලක විරාම ලක්ෂණයක් ලෙස හදුන්වයි.



Restroom :- එක්සත් ජනපදයෙහි මෙය වැසිකිලි ලෙස හදුන්වන අතර එක්සත් රාජධානියෙහි මෙය හදුන්වන්නේ යම් ආයතනයක විවේක කාමරයක් ලෙසයි.



Queve :- මෙය පොදුවේ හදුන්වන්නේ යම් දේවල්වල ලැයිස්තුවක් , සාමාන්‍ය දත්ත ආදිය යම් පිලිවෙලකට දර්ශනය වන ලෙස ගබඩා කර තැබීම ලෙසය. නමුත් එක්සත් රාජධානියේ මෙය හදුන්වන්නේ මිනිසුන් පෝලිමක් ලෙසයි.


Chemist :- ඇ.එ.ජ මේ නමින් හදුන්වන්නේ රසායනික ද්‍රවය සම්බන්ධ විද්‍යාඥයන් ට වුවත් එ.රා හි මෙනමින් හදුන්වන්නේ ෆාමසියකි.



Flat :- මෙහි පොදු තේරුම ලෙස භාවිතා වන්නේ සුමට හෝ මට්ටම් ආදී ලෙසය. නමුත් එක්සත් ජනපදයේ එහි තේරුම වන්නේ සුලං ගොස් ඇති ටයර් වලට වුවත් එක්සත් රාජධානියේ මෙය හදුන්වන්නේ මහල් ඉවාස කොටසක් ලෙසය.


Torch :- මෙහි පොදු අර්ථය ලෙස දැක්වෙන්නේ ගිනිඅවුලන දණ්ඩක් ලෙස වුවත් එක්සත් රාජධානිය තුල මෙය හදුන්වන්නේ ෆ්ලෑශ් ලයිට් ලෙසයි.


ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ ඇති දැන්වීම් එකවරක් හො ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය අප වෙත ලබාදෙන්න.


එසේ නම් අප අද දවසේ ඇ.එ.ජ හා එ.රා හි භාවිත වන එකිනෙකට පරස්පර අර්ථයකින් යුත් වචන 10ක් පිලිබද ඔබ වෙත ගෙන ආවෙමු. එසේ නම් තවත් මෙවැනි වූ ලිපියකින් නැවත හමුවෙමු.
Previous
Next Post »