මයික්‍රෝසොෆ්ට් ආයතනය Windows 10 මෙහෙයුම් පද්ධතිය නිකුත්වන දිනය හෙලි කරයි



පෙර ලිපියෙන් පසු අප ඔබ හමුවන්නේ සතුටුදායක පුවතක් සමගයි. ඒ ඔබ මග බලාගෙන සිටි මයික්‍රෝසොෆ්ට් ආයතනයේ විසින් නිර්මාණය කරන වින්ඩෝස් මෙහෙයුම් පද්ධති එකතුවේ නවතම සංස්කරණය වන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය පිලිබදවයි. ඒ අනුව ලබන මස නැතහොත් ජුලි මස එය නිකුත් කරන බව මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කර ඇත.


පෙර ලිපිය :- එක්සත් ජනපදයේ හා එකසත් රාජධානියෙහි වෙනස්ම තේරුමකින් භාවිත වන පොදු වචන 10 ක්

ඉල්ලීමයි :- අප බ්ලොග් අඩවියේ දර්ශනය වන දැන්වීම්(Ads) එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහ අපට ලබාදෙන්න.


( රූපයේ පරිදී වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ Start මෙනුවේ තිබූ Tile ආකාරයේ අයිකනු සමග ලැයිස්තුවක් සහිත නවතම සංස්කරණයේ(වින්ඩෝස් 10) හි ඇති නවතම Start මෙනුව )

එම ආයතනය පැවසූ පරිදී ජුලි 29 වන දින පරිගණක හා ටැබ්ලට් සදහා අලෙවිකිරීම සිදුකරන අතර දැනට වින්ඩෝස් භාවිතාකරන පරිශීලකයන් සදහා එය නොමිලයේ බාගත කිරීමට ඉඩ ලබාදෙන බවයි. නමුත් ස්මාර්ට් දුරකථන හා Xbox ආදි උපකරණ සදහා පසුව ලබාදෙන බව තවදුරටත් ඔවුන් ප්‍රකාශ කර ඇත.

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ තිබූ අවුල් සහගත දෝෂ නිරාකරණය කරගනිමින් බෙහෙවින් ප්‍රකට වූ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියෙන් යම් යම් ලක්ෂණ උපයෝගී කරගනිමින් වින්ඩෝස් 10 පද්ධතිය කර ඇත.

මේ පිලිබද මයික්‍රෝසොෆ්ට් ආයතනයේ උප සභාපති ටෙරී මහතා විසින් ප්‍රකාශ කලේ මෙසේය.

" අප වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කලේ රටවල් 190 ක බිලියන 1.5 ක් පමණ අධික ප්‍රමාණයක භාවිතා කරන්නන් සදහා වින්ඩෝස් හි අලුත් පරම්පරාවක් උදෙසායි  

මෙහි ඇති Start මෙනුව ඔබට හිතෛෂී වනු ඇති බවත් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ පහත සදහන් ආකාරයේ නවතම වෙනස්කම් කිහිපයක් පිලිබදවත් ඔහු සදහන් කලේය. 

  • ආයතනයේ හඩ පාලනය සමග ඒකාබද්ධ වූ අතාත්ත්වික සහයක වන Cortana හදුන්වා දීම.
  • නවතම වෙබ් බ්‍රව්සරයක් වන Edge හදුන්වාදීම.
  • වීඩීයෝ ක්‍රීඩා Xbox සිට පෞද්ගලික පරිගණක(PC) හෝ ටැබ්ලට් පරිගණක වල විකාශය කර හැකි මෘදුකාංගයක් හදුන්වාදීම.
අවසානයේදී මේ පිලිබද තාක්ෂණික උපදේශයෙක් වූ මයිකල් සිල්වර් පවසා සිටියේ මෙවැනි අදහසකි.

" ඒ වගේම මෙහි උත්ශ්‍රේණි කිරීම් (Upgrade) නොමිලේ වන නමුත් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සාදා ඇත්තේ පෙර වින්ඩෝස් 7 ස්ථාපනය කර තිබූ පරිගණක වල ඇති අඩු දෘඪාංග ධාරිතාවලින් සමග වුවද හොදින් වැඩ කිරීමට හැකිවන ලෙසයි

ඉල්ලීමයි :- අප බ්ලොග් අඩවියේ දර්ශනය වන දැන්වීම්(Ads) එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහ අපට ලබාදෙන්න.


Previous
Next Post »