ඇමෙරිකානු රජයේ මිලියන 4ක අධික සේවකයින්ගේ දත්ත එකවර දැවැන්ත ලෙස බිදවැටෙයි


ඇමෙරිකානු රජයේ සේවකයන් මිලියන 4කගේ පමණ අධික ප්‍රමාණයකගේ දත්ත සිතාගත නොහැකි අයුරෙන් දැවැන්ත බිදවැටීමක් BBC ප්‍රවෘත්ති සේවයෙන් මීට ටික වේලාවකට පෙර විකාශය කර තිබෙනවා. ඒ අනුව මෙම දත්ත බිදවැටීම සිදුව ඇත්තේ චීනයේ හැකර්වරුන් විසින් සිදුකරන ලද ක්‍රියාවකින් බවයි සැකකරන්නේ.



මේ පිලිබද පිරිස් කලමනාකාරන පිලිබද කාර්යාලය ප්‍රකාශ කරන්නේ වර්ථමාන හා අතීත සේවකයින්ට මෙයින් බලපෑම් එල්ලවන බවයි. කෙසේ නමුත් මේ පිලිබද එරට නිලධාරීන් පවසන්නේ මෙම ව්‍යසනය සියලු ෆෙඩරල් ආයතන වලට බලපෑ හැකිබවයි.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


තවදුරටත් ඔවුන් පැවසුවේ මෙය සිදුකල හැකර්වරුන් සිටින්නේ චීනය ආශ්‍රීතව වීමට ඉඩ ඇති බවයි. එම නිසා චීනයේ බීජිං නගරය මෙයට ප්‍රතිචාර දැක්වූයේ තමන් මෙහි වගකීම නොගන්නා බවයි.


පිරිස් කලමනාකාරන පිලිබද කාර්යාලය මීට පෙර මෙම ප්‍රහාරය අප්‍රේල් මාසයේදී පැමිණෙයි යැයි දැනුම් දී තිබෙන්නේ ආක්‍රමණශීලි උත්සහයක් ඇතිබව දැනුනු හේතුවෙන් ඔවුන්ගේ සයිබර් ආරක්ෂක පද්ධතිය අලුත් කිරීමටය. 


ඔවුන් තවදුරටත් පසුගිය දිනවල ප්‍රකාශ කර තිබෙන්නේ මෙම සෑම පුද්ගලයන්ගේ සතු පෞද්ගලික දත්ත ඉදිරි සතිවලදී බිදවැටීමකට ලක්විය හැකිබවත් එයින් ඔවුන්ට සොර අනන්‍යතාවක් සහිත රක්ෂණ හා මාස 18 ක නොමිලේ ණයක් ගැනීමට හැකිබවයි.

මෙම පිරිස් කලමනාකරන පිලිබද කාර්‍යාලය ෆෙඩරල් රජයේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ලෙස කටයුතු කරන අතර රජයේ ආරක්ෂක නිෂ්කාශන, සම්පාදන හා සියලු ෆෙඩරල් රජවල සේවකයින්ගේ වාර්ථා නිකුත් කිරීම සිදුකරන බවයි පැවසෙන්නේ.

එහි දත්ත සමුදාහයන් තුල ගබඩා කර තැබුණේ සේවකයින්ගේ රැකියා පැවරුම්, කාර්ය සාධන විමර්ශන හා පුහුණුවීම් ආදිය බවයි වාර්ථා වන්නේ.

කෙසේ නමුත් මෙම බිදවැටීම පිලිබදව පැහැදිලි පරීක්ෂණයක් හෝ පසුබිම් පරීක්ෂාවක් තවමත් ඇරැඹි නැති බවයි එරට නිලධාරීන් පවසන්නේ.

එසේ නම් ඇමෙරිකාවේ සිදුවූ මෙම ව්‍යසනකාරී සිදුවීම පිලිබද ඔබ දැනගන්නට ඇති. එසේනම් ඔබේ යාලුවාටත් මෙය බැලීමට පහතින් Share කරන්න. 

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


Previous
Next Post »