ලොව වේගවත්ම මෝටර් රථයක් වූ 'ලැම්බෝගිනි' හි ඉතිහාසය



නිර්මාතෘ :- ෆෙරොශියෝ ලැම්බොගිනි මහතා

1916 දී ෆෙරොශියෝ ලැම්බොගිනි උපත ලබා තිබෙන අතර මුල් කාලය පටන්ම ඔහු එන්ජිම් සමග සිත් ඇදගෙන තිබෙනවා. දෙවන ලෝක යුධ සමයේ ඔහු හමුදාවට බැදී රෝඩ්ස් දූපතේ රදවා තබා තිබෙනවා. එම දූපත ඇත්තෙන්ම ලෝකයේ අනික දේ සමග සම්බන්ධ වීමට නොහැකිව තනිව තිබූ නිසා කාර්, ට්‍රක් හා මෝටර් බයිසිකල් ආදිය කැඩුණු විට එම ස්ථානයේම එම භාවිතා කරන ලද කොටස්ම යොදාගෙන අලුත්වැඩියා කිරීමට සිදුව තිබෙනවා. එම නිසා ලැම්බොගිනි, යාන්ත්‍රික විදිහ අනුව මායාකරුවෙක් බවට හැදින්වීමටත් එන්ජින් අලුත්වැඩියා කිරීම් වලට ඉහල ඉල්ලුමක් ඇතිවීමටත් පටන් ගත්තා. 

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


යුද්ධය අවසන් වූ පසු ඔහු උතුරු ඉතාලියේ මොඩෙනා හි ඇති ඔහුගේ නිවසට පැමිණ කුඩා කාර් හා මෝටර් බයිසිකල් අලුත්වැඩියා සාප්පුවක් පටන් ගත්තා. ඔහු සිටි ප්‍රදේශය කෘෂිකාර්මික වූ බැවින් ට්‍රැක්ටර් රථ සදහා බෙහෙවින් අවශ්‍ය බව ඔහුට තේරුම් ගියා.
යුද්ධයේදී ඉදිකිරීම් කටයුතු වලට හා ඉංජිනේරුවන් ප්‍රවාහනයට යොදාගත් Military Engineering Vehicle යොදාගෙන මසක් ඇතුලත ට්‍රැක්ටරයක් සාදා ගැනීමට හැකිබව ඔහු සොයාගත්තා. ඒ අනුව ඉතාලියේ ආර්ථිකය වර්ධනය වූ අතර ඔහුගේ ට්‍රැක්ටර් සදහා වූ ඉල්ලුමද වැඩිවුණා. ඉන්පසු ඔහු ඔහුගේම ට්‍රැක්ටර් එන්ජිම් නිපදවීමට පටන්ගත් අතර 1960 දී ඔහුගේ ට්‍රැක්ටර් ව්‍යාපාරය සාර්ථක ලෙස දියුණු වූවේ මසකට විකිණීම් 400 ක් තරම් ප්‍රමාණයකට ලංවීමෙන්ය. ඔහු තවත් මෙම ව්‍යාපාරය පැතිරවීමට 1960 සිට වායු සමීකරණ ඒකක සහ හීටර් නිෂ්පාදන කලා. මෙයද ඉතා සාර්ථක ලෙස සිදුකිරීමට ඔහුට හැකිවුනා.

එම කාලයේදී ඔහු සුපිරි විශේෂාංග සහිත කාරයක් නිෂ්පාදනයට ආසාවක් ඇතිව තිබුනා. ඔහු Oscas, Maseratis හා Ferrari වැනි මෝටර් රථ භාවිතා කර තිබුනත් ඒවායෙහි එන්ජින් පිලිබද සෑහිමට පත්වුනේ නැත. ඔහු පිලිබද ප්‍රසිද්ධ කතාවක් ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඔහු ෆෙරාරි ක්ලචයක් සම්බන්ධ ගැටලුවක් රැගෙන ඔවුන්ගේ කර්මාන්තශාලාව අසල එන්සෝ ෆෙරාරි හමුවීමට ගියත් ලැම්බොගිනි ට්‍රැක්ටර් රථ නිෂ්පාදකයෙක් නිසා ඔහු මොහුව මගහැර තිබෙනවා. එම නිසා ෆෙරාරි සමග කලහැකි දෙයක් නොමැති බව වැටහී මීට වඩා දෙයක් කල හැකි බව ඔහුට තේරුම් ගිය නිසා ඔහු V12 එන්ජිමක් සමග ඔහුගේම කාරයක් නිපදවීමට තීරණය කලා. මෙම කාරයේ නිර්මාණය සදහා ඔහුට ෆෙරාරි V12 එන්ජිම සමග වැඩ කල Giampaolo Dallara නම් දක්ෂ ඉංජිනේරුවෙකු මුණගැසුනා.

ඔවුන් නිපදවූ අලුත් එන්ජිම වර්ථමාන ලැම්බොගිනි එන්ජින් සියල්ලටම මූලාකෘතිය වී තිබෙනවා. මෙහි ආකෘතිය නිර්මාණය කරන ලද්දේ Scaglione-Touring වූ අතර ඔහුට එම ආකෘතියට අනුව එන්ජිම ගොඩනැගීමට පැවරුනා.


ලැම්බොගිනි '350GTV' මුලාකෘතිය ප්‍රසිද්ධව ටියුරින් ප්‍රදර්ශනාගාරයක එලිදක්වා තිබෙන්නේ 1963දී වන අතර එම වසරේ සිට මෙම රථය 350GT ලෙස විකිණීමට ලක්කර තිබෙනවා. එහිදී අතිසාර්ථක ලෙස 130ක් පමණ විකිණී තිබෙණු අතර එය ලැම්බොගිනි මෝටර් රථ කේෂ්ත්‍රයේ නව විශාල පිම්මක් වුණා. 350GT ද ඊට පසුව හදුන්වාදුන් 400GT 2+2 දරණ මෝටර් රථද ලොව පුරා ලැම්බොගිනි නම පැතිරවීමට සමත්වුණා. 

ලැම්බොගිනි මහතා විසින් බිහිකල මෙම ලැම්බොගිනි රථය අද වනවිට තිබෙන්නේ ඉතා ඉහල තාක්ෂණයකින් යුක්තවයි. විවිධ මාදිලි, විශේෂාංග රැසක් හදුන්වාදෙමින් ලැම්බොගිනි සමාගම අද සිටින්නේ ඉතාමත් ඉහල තැනක. එවන් ඉහල තැනක ඔවුන් වැජබෙන්නේ ලැම්බොගිනි මහතාගේ අධිෂ්ඨානශීලීව පැමිණි විශිෂ්ට ගමන නිසාවෙන්.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


අද දිනයේ ඔබ ලැම්බොගිනි රථය සම්බන්ධ ඉතිහාසය පිලිබද දැනගන්නට ඇති. එසේ නම් ඔබගේ යාලුවාටත් මෙම ලිපිය බලන්න පහලින් Share කරන්න.
Previous
Next Post »