යූ ටියුබ් වීඩීයෝ ක්‍රීඩා වෙබ් අඩවියක් හා ඒ සදහා මෘදුකාංගයක් දියත් කිරීමට සූදානම් වෙයි



ලොව ඉතා ඉහල ප්‍රසිද්ධියක් උසුලන යූ ටියුබ් වෙබ් අඩවිය විසින් වීඩීයෝ ක්‍රීඩා සදහා වෙබ් අඩවියක් හා මෘදුකාංගයක් දියත් කිරීමට සූදානම් වීමක් අපට වාර්ථා වන්නේ BBC පුවත් සේවයෙන්. මේ සදහා ඔවුන් ගත් උත්සාහයක් වන්නේ Twitch සේවාවයි.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.




Twitch කියන්නේ ?

  • වීඩියෝ ක්‍රිඩා සදහා සැකසුණු පරිගණක ක්‍රීඩාවල නියැලෙන්නන් අතර ප්‍රචලිත මෙම Twitch සමාජ වෙබ් අඩවිය සජිවීව ඒකාබද්ධ වී පරිහරණය කිරීමට ඉඩ ලබාදෙනවා.
යූ ටියුබ් හි දැන් හිමිකරුවන් වන ගූගල් සමාගම විසින් Twtich සදහා යෙදූ ලංසුව පරාජය වූයේ ඇමේසන් හි ඩොලර් 970 ක ඉදිරිපත් වීමකින් පමණකින් බව වාර්ථා වේ.

ගූගල් සමාගම පවසන පරිදී මෙම සේවාව මෙම ගිම්හානයෙන් පසුව දියත් කරන බව වාර්ථා වෙනවා.


( මෙහි තුල ඇති ගේම් සහ ක්‍රීඩාවල නියැලෙන්නන්ට ඔවුන්ට අයිති ගිණුම් ඇති අතර ඔවුන්ට අදාල කටයුතු පෙන්වීම සිදුකරයි )

බ්ලොග් ලිපියේ සදහන් ආකාරය අනුව,

  • යූ ටියුබ් ක්‍රීඩා නිෂ්පාදක කළමනාකරු වන ඇලන් ජොයිස් පවසන පරිදී යූ ටියුබ් හි ක්‍රිඩා සදහා ඇත්තේ එම වර්ගවලට අයත් වීඩීයෝ පමණයි. උදාහරණයක් ලෙස යම් කිසි ක්‍රීඩාවක, එම ක්‍රීඩාව සිදුකරන ආකාරය පිලිබද වීඩීයො මෙහි අන්තර්ගත වීම සැලකිය හැකියි. ඒත් දැන් ක්‍රීඩාවල නියැලෙන්නන් හට යම් දෙයකින් ප්‍රතිඋපකාර කරන්නට අපේ වාරය පැමිණ තිබෙනවා.

( මෙම Twitch සේවාව තුලින් එහි පරිශීලකයන් වෙත ඔවුන්ගේ ක්‍රීඩා කල ආකාරය පිලිබද වීඩියෝ දර්ශන Upload කිරීමට ඉඩ ලබාදෙයි )

අවසාන වශයෙන් මෙම යූ ටියුබ් ක්‍රීඩා දියත් කිරීම මුලින්ම සිදුකරන්නේ ඇ.එ.ජ හා එ.රා හි බවයි වාර්ථා වන්නේ.



ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


එසේ නම් නුදුරු අනාගතයේ ඔබට යුටියුබ් හි නවතම පහසුකමක් අත්විදින්න පුලුවන්. ඔබේ යාලුවාටත් මෙම පුවත දැනගැනීම පිණිස පහලින් Share කරන්න.
Previous
Next Post »