ටොශිබා සමාගම වින්ඩෝස් 10 ස්ථාපනය කරන ලද ලැප්ටොප් සදහා යොදන අලුත්ම විශේෂාංගය



පැමිණීමට නියමිත වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමග දෘඩාංග වෙනසක් ඇති කිරීමට වෙර දරන බොහෝ ව්‍යාපාරිකයන් අතරේ කැපී පෙනෙන දෙයක් සිදුකිරීමේ අරමුණින් ටොශිබා සමාගම මෙම ගිම්හානයේ වින්ඩෝස් 10 ස්ථාපනය කරන ලද ලැප්ටොප් සදහා Cortana බොත්තමක් ඇතුලත් කර තිබෙනවා. මෙම Cortana හඩ කලින් පැමිණි බෙටා සංස්කරණයට වඩා පරිපූර්ණත්වයක් ඇතැයි පැවසෙනවා.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.



මෙම Cortana බොත්තම යතුරු පෙලේ මැද ස්ථාපනය කර ටොශිබා වින්ඩෝස් 10 ලැප්ටොප් සාදන බව පැවසුනත් ඇමෙරිකානු ටොශිබා පරිගණක ව්‍යාපාරයේ උප සභාපති මෙන්ම සාමාන්‍යාධිකාරියෙකු වන ජෙෆ් බානි පවසන්නේ මෙම බොත්තම වම් උඩු කෙලවරේ ස්ථාපනය කර නිපදවන බවයි.


මෙම බොත්තම වැදගත් වන්නේ ඇයි?

සාමාන්‍ය ක්‍රමවේදයේදී, මෙම Cortana පහසුකම වින්ඩෝස් 10 පරිශීලකයෙකුට භාවිතා කිරීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇයට මවුසයෙන් එහි අයිකනය සොයා ලබා ගත යුතුය. ඇත්තෙන්ම එය තරමක් අපහසු ක්‍රමයකි.(බොත්තමක් එබීමට සාපේක්ෂව) 

නමුත් Cortana බොත්තමක් යතුරු පෙලේ සවිකර ඇතිවිට පහසුවෙන් හා ඉක්මනින් එම සේවාව ලබාගත හැකිවීම එයට හොද විසදුමකි.

මෙම Cortana බොත්තම ඇතුලත් කිරීම යතුරු පෙලකට සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට සමත්වී තිබෙන්නේ 1995 දී වින්ඩෝස් 95 පැමිණිවිට විට හදුන්වා දුන් වින්ඩෝස් බොත්තම එකතු වූ පසුව බවයි වාර්ථා වන්නේ.

ඉදිරීයේදි ඔබ ටොශිබා ලැප්ටොප් එකක් මිලට ගන්නවානම් ඔබටත් මෙම Cortana බොත්තම ඇතුලත් පහසුකම අත්විදින්න පුලුවන්. එමගින් මවුසය භාවිතා නොකරම කාලයක් ගත නොවී ඉක්මනින් එය භාවිතා කිරීමටත් පුලුවන්.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


එසේ නම් ඉදිරීයේදී මෙම වටිනා පහසුකම සමග එන ටොශිබා ලැප්ටොප් පිලිබදව ඔබේ යාලුවාටත් පෙන්වීමට පහලින් Share කරන්න. 
Previous
Next Post »

1 comments:

Write comments
parkinraddatz
AUTHOR
March 4, 2022 at 12:50 AM delete

Casino Review - JaM in India - JSHub
You should be a good casino operator for you. Casino 동해 출장샵 is 군포 출장샵 licensed in India and offers some of the 제주 출장샵 most 영천 출장안마 entertaining casino games in the country. 순천 출장마사지

Reply
avatar