ඇමෙරිකාවට පැමිණෙන විදේශකයින්ට දක්නට ලැබෙන පුදුම සහගත කරුණු 05ක්


කෙනෙකුට යම් දෙයක් සම්පූර්ණයෙන් සාමාන්‍ය ලෙස පෙනුනත් තවකෙකුට එය නුහුරු දෙයක් වීමට පිලිවන්. ඒ වගේම අද අප කීමට යන කරුණු ඇමෙරිකාවේ සුලබ වන, අනෙක් අයට නුහුරු බවක් ඇතිවන ආකාරයේ ඒවායි. එසේනම් යම් විදේශිකයෙක් ඇමෙරිකාවට පැමිනියහොත් එහි ඔහු/ඇය පුදුම කරවිය හැකි දේවල් කිහිපයක් පිලිබදවයි අද අප ඔබට පෙන්වන්නේ.
වයස් පරතර :- 18 හැවිරිදි ඇමෙරිකානු තරුණයෙකුට මෝටර් රථයක් පැදවිය හැකිවීම(අවු:16 සිට පමණ වුවද හැකිය), ආයුධ මිලට ගැනීම, හමුදාවට බැදීම හා ගුවන් නියමුවෙකුගේ බලපත්‍රයක් ගැනීමට හැකිවුවද ඔහුට බියර් නිල වශයෙන් මිලදීගැනීමට තව අවුරුදු 3ක් බලා සිටිය යුතු බව ඔබ දන්නවද?

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.



ආහාරවල මිල ගණන් :-  ඇමෙරිකාවේ ඇති ආහාර හා පානයන් ගත්විට සෝඩා පානයන් බෝතල් කල පානීය ජලයට වඩා මිල අඩුයි. ඒ වගේම එලවලු හා පලතුරුවලට වඩා කඩචෝරු හා කැටි ආහාර මිලෙන් අඩුබවයි පැවසෙන්නේ. නමුත් වෙනත් රටවල්වල එලවලු හා පලතුරු අඩුම මිල ගනන් සහිත ඒවාටයි පවතින්නේ.


පාන් :- තවත් ආහාර සම්බන්ධ දෙයක් පිලිබදවයි පැවසීමට ඇත්තේ. අප ආහාරයට ගන්නා පාන් වල සාමාන්‍ය රසය වන්නේ උදාසීන හා මදවශයෙන් ඇති ලුණු රසයක්. නමුත් ඇමෙරිකාව තුල ඇති පාන්  වල විදේශිකයෙකුට නුහුරු මිහිරි රසයක් ඇතුලත්ව තිබෙනවා.

  
අවුල් සහගත මිලදර්ශක :- බොහො රටවල ඔබ ගෙවා ගන්නා දේවල් මිලදර්ශකයේ තිබෙනවා. නමුත් ඇමෙරිකාවෙහි ඇති භාණ්ඩවල මිලගනන් වල එරට බදු නොමැතිව මිලදී ගැනීමට හැකිවීම විදේශකයින් මවිත කිරීමට හැකි කරුණක්.


පීනට් බටර් :- හැම්බ(ර්)ග(ර්)ස් සහ පීසා සමග ආහාරයට ගන්නා ඇමෙරිකානුවන්ගේ ප්‍රධාන ආහාරයක් ලෙස සැලකෙන පීනට් බටර් බොහෝ වශයෙන් ආහාර ගැනීමට ඉතා කැමති බවයි පැවසෙන්නේ. නමුත් බොහෝ රටවල පුද්ගලයන්ට මේවා මිහිරි ලුණු රසයක් ඇති හෙයින් විදේශකයින්ට ඇමෙරිකාවේ පීනට් බටර් වලට තිබෙන ගිජුකම පිලිබද පුදුම වීමට පිලිවන්.



ඉල්ලීමයි :-  මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


එසේ නම් අද දිනයේ ඇමෙරිකාවට පැමිණෙන විදේශකයින්ට දක්නට ලැබෙන පුදුම සහගත ආකාරයේ කරුණු කිහිපයක් පිලිබද අද ඔබ දැනගන්නට ඇති. එසේනම් ඔබේ මිතුරාටත් මෙ පිලිබද දැනගැනීමට පහලින් Share කරන්න.
Previous
Next Post »