ලොව භයානකම සුනඛයන් 05ක්


සුනඛයන් ආදී කාලයේ සිටම මිනිසාට ඉතා සමීප සත්ව කොට්ඨාසයක් යැයි පැවසෙනවා. තවද සුනඛයන් අද බොහෝ වර්ගවලින් දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. නමුත් අද අප පෙන්වන්නට යන සුනඛයින් නම් එතරම් මිනිසාට සමීප නොවන භයානක සුනඛ විශේෂ කිහිපයක්.
01) Tosa Inu :- මෙම Inu සුනඛ වර්ගය රාත්තල් 130 ත් 200 අතර බරක් රැගෙන යාහැකි අතර අගල් 24.5 ත් 30 අතර උසකට වර්ධනය වීම දක්නට ලැබෙනවා. මෙම වර්ගයේ සුනඛයන් සටන්කාමි ගති ලක්ෂණ පෙන්නුම් කරන නිසා මෙම සුනඛයාගේ භයානකම හේතුවෙන් බොහො රටවල මොවුන් තබා ගැනීම තහනම් කර තිබෙනවා.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.



02) Cane Corso :- මෙම සුනඛ වර්ගය හොදින් මාංශපේශි සහිත පෙනුමක් ඇති අතර රාත්තල් 99 ත් 150ත් අතර බර ප්‍රමාණයක් රැගෙන යාහැකි අතර මොවුන් රෝමානුවන් විසින් යුද්ධ වලට පවා යොදා ගෙන ඇති බවයි වාර්ථා වන්නේ.


03) Dogo Argentino :- විශාල, සුදු හා මාංශපේශි සහිත සුනඛ විශේෂයක් වන මොවුන් ආජන්ටීනාවේ කැලෑ ඌරන් හා Puma දිවි විශේෂ සදහා විශාල දඩයම් තරග වලට යොදාගෙන තිබෙනවා. මොවුන්ගේ ඇති ශක්තිමත් හා දරුණු බව නිසාවෙන්(1991 දී මොවුන්ගේ භයානක ඉරියව් දැනගෙන) මෙම සුනඛකයෙකුට හිමිකම් කීම එක්සත් රාජධානියේ තහනම් කොට තිබෙනවා.

පෙර ලිපිය :- ඇමෙරිකානු රජයේ මිලියන 4ක අධික සේවකයින්ගේ දත්ත එකවර දැවැන්ත ලෙස බිදවැටෙයි


04) Great Dane :- ගෘහස්ථ සුනඛයෙක් වන මොවුන්ගේ දැවැන්ත ප්‍රමාණය නිසා ප්‍රසිද්ධ වී තිබෙනවා. එමෙන්ම මොවුන් ලොව උසම සුනඛ විශේෂය ලෙස වාර්තාවක් තබා තිබෙන්නේ අගල 44ක් වැනි උසකින්. තවද මොවුන් ජර්මනියේ කැලෑ ඌරන් හා මුවන් දඩයම් කිරීමට යොදා ගන්නා බවයි පැවසෙන්නේ.



05) American Bulldog :- හොදින් මාංශපේශි සහිත ශක්තිමත් සුනඛ විශේෂයක් වන මොවුන්ගේ ප්‍රසන්න හැසිරීමක් දක්නට හැකිවුවත් මුරණ්ඩු වීමේ ලක්ෂණයක්ද පෙන්නුම් කරනවා. ඔවුන් ගොවිපොලවල් සහයක සුනඛයන් ලෙස භාවිතා කරන අතර කැලෑ ඌරන්, ගවයන් අල්ලාගෙන තබාගෙන සිටීමත් හිමිකරුගේ දේපල මුරකරුවෙකු ලෙස තබා ගැනීම ආදිය සිදුකරන බවයි වාර්තා වන්නේ.


ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


එසේ නම් අද දිනයේ ඔබ ලොව සිටින භයානක සුනඛකයින් කිහිප දෙනෙක් දැනගන්නට ඇති. එසේ නම් ඔබේ යුතුකමක් ලෙස ඔබේ යාලුවටත් මෙම ලිපිය බැලීමට පහතින් Share කරන්න අමතක කරන්න එපා.

පෙර ලිපිය :- ලොව සුපතල චිකාගෝ නගරය පිලිබද ඔබ නොදැන සිටි විස්මිත කරුණු 15ක් 

පෙර ලිපිය :- මයික්‍රෝසොෆ්ට් ආයතනය Windows 10 මෙහෙයුම් පද්ධතිය නිකුත්වන දිනය හෙලි කරයි 
Previous
Next Post »