මෙම ඉංග්‍රීසි පොදු කියමන්වල උපත සිදුවුනේ මේ ආකාරයටයි


ලොව අන්තර්ජාතික භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාව බහුලවම අද ලෝකය පුරා දැනුම හා අදහස් හුවමාරු කරගැනීම් ආදි බොහෝ කාර්‍යයන් සදහා නිතර යොදාගන්නවා. එවන් නිරන්තරයෙන් යොදාගන්නා ඉංග්‍රිසි භාෂාවේ පොදු කියමන් ඔබ සමහරවිට අසා තිබෙන්නට ඇති. එසේනම් අද දිනයේ දී එවැනි පොදු කියමන් කිහිපයක උපත සිදුවූ අයුරු මෙම ලිපියෙන් බලන්න.


Jaywalker

තේරුම :- නීතිවිරෝධි හා අදූරදර්ශී ලෙස කෙනෙකු පාර හරහා පැනීම
බිහිවූ අයුරු :- කැලෑවෙන් පිටත සිට උරුබාන් ප්‍රදේශ වලට ජේ බ(ර්)ඩ් නම් කුරුල්ලන් සංක්‍රමණය වීමේදී බොහෝවිට ව්‍යාකූල තදබදයක් ඇතිකිරීමට සමත්ව තිබුණි. ඔවුන්ගේ මෙම අස්ථාවර හැසිරීම දැක මිනිසුන් කෙනෙකු පාර හරහා සැලකිල්ලක් නොමැතිව පැන්නොත් ඔහුට Jaywalker යැයි හැදින්වීමට පුරුදුව ඇත.

ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.



Saved by the Bell

තේරුම :- අනවශ්‍ය තත්වයකින් බේරිම
බිහි වූ අයුරු :- අතීතයේ එක්වරක මිනිසුන් පනපිටින් වලදැමීම සාමාන්‍ය සිදුවීමක් විය. එලෙස මියයාමට බියවූ සමහරක් තමා වලදමන මිනිපෙට්ටියේ කුඩා සීනුවක් සවිකරගෙන සිටියහ. ඉන්පසු රාත්‍රීයේදී මෙම සීනුව නාද කර එහි අවට ආරක්ෂකයින්ට තමා පනපිටින් යැයි අගවා ඔවුන් ලවා නැවත ගොඩට ඒමට හැකිවිය. ඔවුන්ට එලෙස බේරීමට හැකිවූයේ එම කුඩා සීනුව නිසායි.


Show Your True Colors

තේරුම :- කෙනෙකුගේ සැබෑ ස්වභාවය හෙලි කිරීම
බිහිවූ අයුරු :- එකල යුද නැව් ඔවුන්ගේ සතුරන් ව්‍යාකූල කිරීමට විවිධ ධජයන් ලෙලවීම සිදුකර ඇති නමුත් යුද්ධයක් ආරම්භයේදී එම නැව් පහරදීමට ප්‍රථම තමන්ගේ රටේ සත්‍ය ධජය ප්‍රථමයෙන් ලෙලවීම සිදුකරහ.


Pleased as Punch

තේරුම :- ඉතා සතුටින් ඉන්න
බිහිවූ අයුරු :- 17 වන සියවසේදී රූකඩ සංදර්ශනයක් වන Punch and Judy හි එක රූකඩ චරිතයක් වූ Punch සැමවිටම මිනිසුන් මරණ චරිතයක් විය. එසේ මරණ රංගනයේදී ඔහුට සතුටක් ගෙන දුන් නිසාවෙන් පසුවද ඔහු සතුටින් සිටියේය.

   
Run Amok

තේරුම :- පිස්සුවෙන් යන්න
බිහිවූ අයුරු :- Amoq නම් මලයාසියානු වචනයකින් පෙරලී ආවක් වූ මෙයින් අබිං බලපෑම යටතේ කැලෑ සතුන් ලෙස ප්‍රචණ්ඩ, පාලනය නොහැකි වූ තමන්ගේ පාරේ හමුවෙන ඕනෑම අයෙකුට පහර දිය හැකි ගෝත්‍රික කණ්ඩායමක් පිලිබද පැවසෙයි.



ඉල්ලීමයි :- මෙම බ්ලොගයේ දිස්වන දැන්වීම් එකවරක් හෝ ක්ලික් කර ඔබගේ නොමසුරු වටිනා සහය ලබාදෙන්න.


එසේ නම් අද දිනයේ ඔබ ලොව අන්තර්ජාතික ලෙස භාවිත වන ඉංග්‍රීසි භාෂාවේ පොදු කියමන් සෑදුණ ආකාරය පිලිබද දැනගන්නට ඇති. ඔබගේ යාලුවන්ටත් මෙම ලිපිය බලන්න පහලින් Share කරන්න. 
Previous
Next Post »