Facebook ආයතනය විසින් කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සැරසෙයි


ලොව අතිශයෙන් ප්‍රකට සමාජ අඩවියක් වන Facebook ආයතනයේ ගත් නවතම පියවරක් ලෙස කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පර්යේෂණ පුලුල් ලෙස සිදුකිරීමට ප්‍රථම වතාවට ඒ වෙනුවෙන්ම මධ්‍යස්ථානයක් ඇමෙරිකාවෙන් පිටත පැරිසියේදී විවෘත කිරීමට සැරසෙන බවයි අපට වාර්තා වෙන්නේ.

ඉල්ලීමයි :- පහල ඇති දැන්වීම් ක්ලික් කර ඔබේ නොමසුරු වටිනා සහය අපට ලබාදෙන්න.


  
බලාපොරොත්තු ඇති දිගුකාලීන ගිවිසුමක් සමග කටයුතු කිරීමට කණ්ඩායමක් සිටින අතර ස්වාභාවික භාෂා ක්‍රියාවලිය, කථනය හා ඡායාරූප හැදිනගැනීම මෙහීදී විශේෂ අරමුණු වී තිබෙනවා.

මේ පිලිබද ෆේස්බුක් ආයතනයෙහි ප්‍රධාන තාක්ෂණික නිලධාරියා වු මයික් මහතා පවසා සිටියේ මෙම කෘත්‍රිම බුද්ධි කාර්‍යය සදහා වූ තර්ජන පසුගිය මාසවලදී තුරන්ව ඇති බවයි.

මෙම කෘත්‍රිම බුද්ධි පර්යේෂණය සිදුකරගෙන යන්නන්ගෙන් අයෙක් වන 'යෑන් ලිකූන්' මහතා පැවසුවේ ඉදිරීයේදී කිසිවකට බියනොවිය යුතු බවයි.

ඔහු මේ පිලිබද BBC පුවත් සේවයට පවසා සිටියේ ඔවුන්ට දිගු ගමනක් ඇති බවත් ඉදිරියේදී බුද්ධිමත් පරිගණක නිපදවිය හැකි බවත්ය.

ෆේස්බුක් ආයතනය මෙම අලුත් මධ්‍යස්ථානය පිලිබද ඔවුන්ගේ බ්ලොගයේ පැවසුවේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ මෙම පර්යේෂණය ඔවුන්ට සමීප බවත් ඒ සදහා ඔවුන් හොද කණ්ඩායමක් නිර්මාණය කර ඇති බැවින් දිරිගැන්විය හැකි ආකාරයේ පියවරවල් රැසක් තබා ඇති බවත්ය. අවසානයේදී මෙම වැඩ සියල්ල කොතරම් දුරකට රැගෙන යාවිදැයි ඔවුනට කිව නොහැකි බවත් එයින් ජනතාවට අපෙන් ලබාදිය හැකි සේවය කුමන ආකාරයේ වේදැයි ඔවුන් තවදුරටත් පවසනවා.

මෙම මධ්‍යස්ථානයේ මුලින් විද්‍යාඥයන් 6 දෙනෙකුගෙන් පටන් ගැනීමට අදහස් කරගෙන වසර අවසානයේදී එය 12 දක්වා වැඩිවන ලෙස පදනම් වී ඇත.

මෙම මධ්‍යස්ථානය පැරිසීයේදී ස්ථාපිත කිරීමට අදහස් කොට ඇත්තේ කෘත්‍රිම බුද්ධි පර්යේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති නිසා බව 'ලීකූන්' මහතා වැඩිදුරටත් පවසනවා.

එසේ නම් අද දිනයේ ෆේස්බුක් ආයතනයේ නවතම පියවරක් ගැන ඔබ දැනගන්නට ඇති. එසේනම් පහලින් මෙම පුවත ඔබේ යාලුවටත් බලන්න Share කරන්න.

ඉල්ලීමයි :- පහල ඇති දැන්වීම් ක්ලික් කර ඔබේ නොමසුරු වටිනා සහය අපට ලබාදෙන්න.


Previous
Next Post »